මේ වාස්තු දෝෂ තිබෙනවානම් දැන්ම අයින් කරගන්න (If There Are Any Architectural Defects, Remove Them Now)

සාමාන්‍ය ව්‍යවහාරයේ මොනර කොළ කියන්නේ රුපියල් දාහේ නෝට්ටුවලට. මොනරාට ගොඩාක් පියාඹන්න බැරි වුණත් දාහේ නෝට්ටු නම් ඉගිල්ලිලා යනවා කියලා බොහෝ දෙනෙක් පවසන්නේ ඉතිරියක් නැතිකම සංකේතවත් කරමින්. අපි ලක්ෂ ගණනින්, කෝටි ගණනින් මුදල් හරි හම්බ කළත් මොනවා හරි දෙයකට මුදල් වියදම් වී හොරු ගෙන ගිය ආකාරයෙන් අතේ සතේ නැති කරන වාස්තු දෝෂ ගැන අප අද උදාහරණයක් ඇසුරෙන් සාකච්ඡා කරමු.

මෙම නිවෙසේ මුල් ගෘහමූලිකයා වර්තමාන ගෘහමූලික කාන්තාවගේ පියා. ඇඟලුම් කම්හල් කිහිපයක් හා මුද්‍රණාලයක හිමිකරුවෙක්ව හිටියා. පියාගේ මරණයෙන් පස්සේ අවුරුදු 35ක් විතර පරණ ගේ අලුත්වැඩියා කරන්න ඇය හිතුවේ සෑහෙන කාලෙකින් අලුත්වැඩියාවක් නොකරපු නිසා. නිවෙසේ දිග පළල වෙනස් කළේ නැහැ. නමුත් තිබුණු උඩු මහලටත් අලුත් කොටසක් ඈඳුවා. නිවෙස තුළත් යම් යම් වෙනස්කම් කර නවීකරණය කළා. මේ දේවල් කරලා අවුරුද්දක් දෙකක් ගත වන විට ව්‍යාපාරවල ටිකක් ප්‍රශ්න එන්න පටන් ගත්තා.

අවුරුදු හයක් පමණ ගතවන විට නම් යහපතක් සිදුවුණේ නැහැ. ලක්ෂ ගානක මැෂින් කීපයක්ම කැඩුණා. ඒ අතරේ රෙදි ගබඩාවල අවුරුදු ගණනක් සිද්ධ වුණු හොරකම් නිසා පාඩු වුණා විතරක් නොවෙයි සේවක ප්‍රශ්න ඇති වුණා. කලට වේලාවට ඕඩර්ස් දෙන්න බැරිව ගොඩක් ඇඟලුම් ඇණවුම් කෑන්සල් වුණා. අවසානයේ බංකොලොත් වෙලා ඇඟලුම් කම්හල් දෙකක් වසා දමන තත්ත්වයට පත්වුණා. මූල්‍ය ගැටලු, පඩිනඩි නිසා නඩු වැටුණා. සැනසීමට කියලා තිබුණේ එක් ඇඟලුම් කම්හලක් සහ මුද්‍රණ ව්‍යාපාරය විතරයි. ඒකෙනුත් ලොකු ආදායමක් ලැබුණත්, ලැබුණ මුදල් ඉතිරියක් නැතිව වියදම් වෙලා ගියා. නිවෙසේ වාස්තු පරීක්ෂා කරන්න හිතුවේ මේ නිසා. නිවැසියන්ගේ ඇද වැටීමට මුල් වූ වාස්තු දෝෂ පෙන්වා දී දෝෂ නිවැරැදි කරගැනීමට මා උපදෙස් දුන්නේ මෙහෙමයි.

චෞර පාදයේ පිහිටි දොර මෙම නිවෙසේ ප්‍රධාන දොර උඵවස්ස පිහිටියේ චෞර පාදයේ. ප්‍රධාන දොර උඵවස්ස මගින් නිවෙසක මංගල කාරණා හතරක් පාලනය කරනවා. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ පවුල් ජීවිතයේ සතුට, සමගිය යන මේවාය. නිවෙසක සුබ අසුබ පාද සොයන්නේ ඉන්දියානු ගුරුකුල මතවාද අනුව නිවෙසක දිග, පළල ගෙන එය යම් ගණිතමය සිද්ධාන්තයකට ගුණ කර ලබා ගන්නා දත්තයන් මත. එමෙන්ම මෙහිදී නිවෙසේ හැඩයද සලකා බලනවා. නිවෙසක ප්‍රධාන දොර චෞර පාදයේ තිබීමෙන් එහි නමේ අර්ථය ලෙසම කරදර ඇති වේ.

නිවෙසට සොර සතුරන්ගෙන් නිරන්තරයෙන් හානි සිදුවේ. ආදායම මාර්ග ඇන හිටියි. ජීවිත හොරු ගෙන යන තත්ත්වයට පත්වෙයි. අපේ රටේ තවමත් ප්‍රධාන දොර උඵවස්ස තැබීමේදී සලකා බලන්නේ දිශාව පමණි. සුබ දිශාවක දොරක් තැබූ පමණින් ධනය, සෞභාග්‍යය ගලා එන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් උතුර, ඊශාන දිශාවන්ට ප්‍රධාන දොර තබා බොහෝ දෙනකු සුබඵල බලාපොරොත්තු වෙයි. ඊශාන උතුරට ප්‍රධාන දොර තබා ඇති බොහෝ නිවෙස්වල කිසිදු සෞභාග්‍යයක් නොමැතිව දිනෙන් දින පිරිහෙන තත්ත්වයකට ඇද වැටී ඇති අවස්ථා මා බොහෝ වර දැක ඇත. ප්‍රධාන දොර උඵවස්ස ගලවා සුබ පාදයක තැබීමෙන් දෝෂය භංග කළා. නිවෙසට නව කොටසක් එකතු කිරීමෙන්ද මෙම දෝෂය භංග කළ හැකිය.

පියාට වර්ග කර සෑදූ නිවෙස-වාස්තු පරීක්ෂාව සඳහා නිවෙස සම්පූර්ණයෙන් මැන බැලීමේදී සොයා ගතහැකි වූයේ නියමිත වඩුරියන් ප්‍රමාණයකට අනුව වර්ග කොට සාදා ඇති බවයි. වාස්තු විද්‍යාවේදී වර්ග කිරීමේ සිද්ධාන්තයන් අනුව යම් ගෘහමූලිකයකුගේ උපන් නැකැතට ගැළපෙන පරිදි නිවෙසක දිග පළල නිර්ණය හෙවත් වර්ග කිරීම සිදු කෙරුවොත් ඔහුගෙන් පසු නිවෙසේ ඊළඟ උරුමකරුවන්ට නිවෙස පල දෙන්නේ නැහැ. ගෘහමූලික කාන්තාවගේ පියාට වර්ගකළ නිවෙසේ පියාගේ අභාවයෙන් පසු ඔවුන්ට පල නොදී ප්‍රතිඵලය ලෙස නිවෙසියන්ගේ ජීවිත පිරිහීම සිදුවිය. ගෙදර හැමෝටම පල දෙන පරිදි සුබ වූ දිග පළලක් ගෙන නිවෙසට නව කොටසක් එකතු කිරීමෙන් මෙම දෝෂය ඉවත් කළ හැකිය.

ප්‍රධාන දොර කෙළින් පඩිපෙළ-ප්‍රධාන දොර කෙළින් පඩිපෙළ නඟින ස්ථානය මුහුණට මුහුණ සිටින සේ තිබීම දෝෂ සහිතයි. මෙහිදී සඳහන් කරන්නේ දොර ළඟ සිටින්නකුට පඩිපෙළ පෙනීම නොව පඩිපෙළ බැස ගෙන පැමිණි විට ප්‍රධාන දොරෙන් ඇතු`ඵවෙන්න හා මුහුණට මුහුණ හමුවීම එනම් පඩිපෙළේ නැග්ම ආරම්භ වන්නේ ප්‍රධාන දොර කෙළින්. ප්‍රධාන දොර ඉවත් කිරීමත් සමඟ එම දෝෂය ඉවත් වෙයි. මෙලෙස පිහිටීමෙන් නිවැසියන්ගේ ජීවන ගමනට බාධක පැමිණෙන නිසා දැඩි මානසික අසහන ඇති වෙනවා.නිවෙසේ වාස්තු දෝෂ නිරාකරණය කිරීමෙන් පසු හවුල්කරුවකු ඇඟලුම් ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් පසු ව්‍යාපාරය නැවත ගොඩ නැඟුණා. දැන් නිවෙසියන් නැවතත් සාර්ථකත්වයට පත්වී පෙරටත් වඩා හොඳින් ජීවත්වීම සතුටට කරුණක්.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මේ වාස්තු දෝෂ තිබෙනවානම් දැන්ම අයින් කරගන්න (If There Are Any Architectural Defects, Remove Them Now) මේ වාස්තු දෝෂ තිබෙනවානම් දැන්ම අයින් කරගන්න (If There Are Any Architectural Defects, Remove Them Now) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2020 Rating: 5

0 comments:

Post a Comment