ඔබට හොඳ නරක ඇතිකරන ඉඩමේ ධන ඍණ පිහිටීම

ලෝකයේ හොඳ සහ නරක කියලා දෙකක් තිබෙනවා. පොදු පිළිගැනීම අනුව සැමට යහපතක් ලබා දෙන සියලු දෑ හොඳ ලෙසද අයහපත උදාකරන දෑ නරක ලෙසද පෙන්වා දිය හැකියි. බුදු දහමට අනුව හොඳ දෙයෙහි ප්‍රතිඵලය පින ලෙසද නරක දෙයෙහි ප්‍රතිඵලය පව ලෙසද තවදුරටත් හඳුනාගත හැකි අතර ලෞකික ජීවිතයේ අරමුණු අනුව පින සහ පව් බලවත් වන අතර ආධ්‍යාත්මික ජීවිතය තුළ කුසල් සහ අකුසල් බලවත් වනු ඇත. මෙහිදී අරමුණ අනුව ප්‍රතිඵලය හිමිවන බව ලෝක යථාර්ථය බව කිව යුතුයි.

වාස්තු ශිල්පයේ අරමුණ වන්නේ ලෞකික ජීවිතය උපරිමය උදෙසා අවශ්‍ය පහසුකම් සපුරාලීම වන අතර එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ආධ්‍යාත්මික තලයට ප්‍රවේශ වීමයි. මෙම අරමුණු සහ ඉලක්ක සපුරා ගනු වස් අප ජීවත්වන ගෘහය වාස්තු ශිල්පයට අනුව ඉදිකර ගැනීමටත් අපට පින් තිබිය යුතු බව වාස්තුවේ සඳහන් වෙනවා. පින යනු හොඳ දෙයෙහි ප්‍රතිඵලය බව අප මුලින් පැහැදිලි කර දුන්නේ එබැවිනි. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරවීමට මා උත්සාහ ගන්නේ භූමියක සහ ගෘහයක හොඳ සහ නරක වශයෙන් වෙන් කෙරෙන කොටස් පිළිබඳ පවතින යථාර්ථය හඳුන්වා දීම සහ එහි ප්‍රායෝගිකත්වය කියා දීමටයි.

භූමියේ හෝ ගෘහයේ යහපත් සහ අයහපත් කොටස් පිළිබඳ ශිල්පීය වශයෙන් විශ්ලේෂණය කරනු ලබන්නේ එම භූමියේ හෝ ගෘහයේ පාද බෙදීම මඟිනි. මෙය ඉඩමේ පාද සටහන සහ ගෘහයේ පාද සටහන ලෙස හඳුන්වා දිය හැකියි. ඉඩමක පාද බෙදීම වාස්තු ශිල්පයේ ඉපැරැණි හා ජනප්‍රියතම පාද බෙදීම ලෙස හඳුන්වා දිය හැකි ක්‍රමය වන්නේ ඉඩම කොටස් 49කට බෙදීමේ ක්‍රමයයි. මෙහිදී,
  • ප්‍රේත පාද
  • මනුෂ්‍ය පාද
  • දේව පාද
  • බ්‍රහ්ම පාද

වශයෙන් වර්ගීකරණ හතරෙන් ඉඩම වර්ග කෙරෙනු ඇත.
  • ඉපැරැණි භූමි චක්‍රය,
  • බ්‍රහ්ම පාදය
  • දේව පාදය
  • මනුෂ්‍ය පාදය
  • ප්‍රේත පාදය
මෙම වර්ගීකරණය තවදුරටත් විග්‍රහ කිරීමේදී ඉඩමක ප්‍රධාන ස්තර හතර හඳුනා ගැනීම සඳහා මුළු ඉඩම කොටස් 49කට බෙදා වෙන් කරනු ලබනවා. ඒ අනුව එක් එක් පාදයන්ට හිමිවන වපසරිය මායිම් කිරීම සිදු කෙරෙන අතර ගෘහයක් ඉදිකිරීම සඳහා තෝරා ගත යුතු කොටස කුමක්ද යන්න තීරණය කිරීම එහි මූලික අරමුණ වෙනවා.
  • බ්‍රහ්ම පාදය – 1 / 49
  • දේව පාදය – 8 / 49
  • මනුෂ්‍ය පාදය – 16 / 49
  • ප්‍රේත පාදය – 24 / 49
ඉහත පාද බෙදීමේ චක්‍රය පරිදි ඉඩමේ ගෘහයක් සෑදීම සඳහා ඉතාමත් සුදුසු පාද දෙකක් සහ නුසුදුසු පාද දෙකක් පෙන්වා දී තිබෙනවා. එහිදී ඉඩමේ ප්‍රේත පාදය සහ බ්‍රහ්ම පාදය හසු නොවන ලෙස ගෘහයක් ඉදිකිරීම ඉතාමත් සාර්ථක ක්‍රමය ලෙස වාස්තු ශිල්පයේ හඳුන්වා දී තිබෙනවා. එහිදී මනුෂ්‍ය පාදය සහ දේව පාදයට අයත් කොටස් ගෘහයක් සඳහා යොදා ගත යුතු ලෙස ඉපැරැණි වාස්තු ශිල්පයේ දක්වා ඇත. එසේ වුවද එම පාද බෙදීම යොදා ගැනීම සුදුසු වන්නේ අක්කර 1/4කට වඩා වැඩි එනම් පර්චස් 40කට වඩා වැඩි ඉඩම්වල පමණක් බවම මතක තබා ගන්න. පෙර කාලයේ ගෘහය ඉදිකිරීමේදී තෝරා ගනු ලබන භූමිය විශාල එකක් වූ නිසා භූමියේ පාද බෙදීම නිසි ලෙස සිදුකළ හැකි වුවද නූතනයේ ඉඩම කුඩා කොටස්වලට බෙදී ගොස් ඇති බැවින් ඉපැරැණි පාද බෙදීම වලංගු නොවන හා ප්‍රායෝගික නොවන බව පෙන්වා දෙමි.

එසේ වුවද ඉඩමේ පාද බෙදීමේදී බලාපොරොත්තු වුණු මූලික අරමුණු ඉටුකර ගැනීමට පාද නොබෙදුවද තවදුරටත් හැකියාව පවතිනවා. එහිදී කුඩා ඉඩමක වුවද හැකි සෑම විටකම නිවෙස වටේ ගමන් කළ හැකි පරිදි සකස් කර ගැනීම හා හැකිතාක් අන්ධ බිත්ති යෙදීම අවම කිරීම තුළින් ප්‍රේත පාදය නිවෙස තුළට ඇතුළුවීම වළක්වා ගත හැකි අතර එසේ කළ නොහැකි විටකදී උතුර, ඊශාන සහ නැඟෙනහිර දිශාවන්ගෙන් හැකිතාක් ඉඩ තබා ගැනීම මෙන්ම තම ගෘහයේ ප්‍රධාන නිදන කාමරය ප්‍රේත පාදයට හසු නොවන ලෙස සකස් කර ගැනීම වැදගත් වෙනවා.

භූමියක පාද බෙදීමට අනුගතව ගෘහයක් ඉදිකිරීමේදී අපට විශේෂ වාසි කිහිපයක් අත්වෙනවා. එනම් එම භූමියේ වපසරිය අනුව සකස් වන හොඳ සහ නරක තරංග ක්‍රියාකාරිත්වයේ බලපෑමේ යහපත් ප්‍රතිඵල ගෘහය තුළට කැන්දා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ තුළින් විශ්ව ශක්තිය ගෘහය තුළ රඳවා ගැනීම සහ එය නිසි ලෙස පවත්වා ගැනීමේ හැකියාවද වර්ධනය වනු ඇත. මේ නිසා වර්තමානයේ ගෘහයක් ඉදිකරගනු ලබන පර්චස් 40ට කුඩා ඉඩම්වල පාද බෙදීම අපහසු බැවින් ඉඩමේ දිශාවේ පිහිටීම පරිදි ගෘහය ඉඩමේ ස්ථානගත කිරීමට වගබලා ගත යුතුයි. උතුරට මුහුණත් ඉඩම දකුණට මුහුණත් ඉඩම නැඟෙනහිර මුහුණත් ඉඩම බටහිරට මුහුණත් ඉඩම ඔබගේ ඉඩම පර්චස් 10ක් වැනි කුඩා ඉඩමක් නම් ගෘහය ඉදිකිරීමේදී ඉඩමේ පාද බෙදීම අවශ්‍ය නොවන අතර ඉහත ආකාරයට ඉඩමේ ගෘහය ස්ථානගත කිරීමට උනන්දු වන්න.

ඉඩමේ පාද බෙදීම අනුව තරංග ක්‍රියාකාරිත්වය ඉපැරැණි වාස්තු ශිල්පීය භූමි චක්‍රය අනුව පාද බෙදීම ලක්කරනු ලබන ඉඩමේ පවතින තරංග ක්‍රියාකාරිත්වය පහත පරිදි හඳුනා ගන්න. මෙහිදී ප්‍රේත පාදය තුළදී සෑම විටම යහපත් විශ්ව තරංග ගෘහයට ඇද ගැනීම දුර්වල වන අතර මනුෂ්‍ය පාදය තුළ හා දේව පාදය තුළ විශ්ව තරංග උපරිම ආකාරයට දක්ෂිණාවෘත්තව ගමන් කරනු ලැබේ. ඉඩමේ බ්‍රහ්ම පාදය ඉඩමේ විශ්ව තරංග ඇද ගැනීමේ කේන්ද්‍රය ලෙස ක්‍රියා කිරීම දක්නට ලැබේ. ගෘහයේ පාද බෙදීම වාස්තු ශිල්පීය සිද්ධාන්තවලට අනුරූපීව ඉඩමක මෙන්ම ගෘහයකදී පාද බෙදීමේ ක්‍රියාවලිය ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සඳහන් කොට ඇත.

ගෘහයක පාද බෙදීමේදී ක්‍රම ගණනාවක් ඇති අතර ඉතාමත් සක්‍රීය ක්‍රමය වනුයේ ගෘහය පාද 5න් යුතු පාද තුනකට බෙදා දැක්වීමයි. මෙය නූතන නිවාස සඳහා ඉතාමත් සාර්ථක ක්‍රමය වනු ඇත. මෙම ක්‍රමයට පාද බෙදීම අනුව ගෘහයේ දක්ෂිණාවෘත්තව පාද බෙදීම කළ යුතු අතර එහිදී නන්දා, භද්‍රා, ප්යා, රික්තා සහ පූර්ණා වශයෙන් පාද පහේ කොටස් බෙදා ගැනීම කළ යුතු අතර එම පාදවලින් භද්‍රා සහ රික්තා පාද ඉතා අයහපත් ඍණ පාද වන අතර නන්දා, ප්යා සහ පූර්ණා පාද ඉතා යහපත් ධන පාද ලෙස හඳුන්වා දිය හැකියි. ඔබගේ ගෘහයේ සැලැස්ම සකස් කිරීමේදී සෑම විටම ගෘහයේ මුල් බිත්ති මෙන්ම සෙසු බිත්තිද යහපත් පාදවලට බෙදීමට වගබලා ගත යුතු අතර ගෘහයේ මංගල ද්වාරය ඇතුළු ද්වාර සටහන සෑම විටම යහපත් පාදවලට අනුගත කිරීම අනිවාර්යය වේ.

ගෘහයේ පාද තරංග ක්‍රියාකාරිත්වය ඉහත ප්‍රස්තාර සටහනින් දක්වා ඇති පරිදි ගෘහයේ පාද සටහනේ ධන සහ ඍණ ක්‍රියාකාරිත්වය නිසි පරිදි හඳුනා ගන්න. මෙහිදී ධන පාද හොඳ ලෙසත් ඍණ පාද නරක ලෙසත් බලගැන්වෙනු ඇත. ඔබගේ ගෘහයේ මංගල ද්වාරය යෙදී ඇත්තේ ඍණ ක්‍රියාකාරිත්වයක් පවතින රික්තා හෝ භද්‍රා පාදයක නම් එහි අයහපත් ප්‍රතිඵල ඔබට නිතැතින් දැනෙනු ඇත. මෙහිදී ඔබගේ මංගල ද්වාරය සෑම විටම යහපත් ධන පාදයකට යෙදීමට උනන්දු විය යුතුයි. ගෘහයේ ද්වාර සටහන නිසි දිශාවට යොදා තිබුණද එම ගෘහයේ මංගල ද්වාරය යොදා ඇත්තේ වැරැදි පාදයක නම් එහි අපේක්ෂිත යහපත් ප්‍රතිඵල අහිමි වී යනු ඇත.

එසේම ඔබගේ ගෘහයේ මංගල ද්වාරය යෙදීමේදී සැම විටම පාද සටහනේ 5/6 හා 10/11 යන කොටස්වලට යෙදෙන පූර්ණා නන්දා පාදවලින් යෙදීම ඉතා යහපත් බව පෙන්වා දෙමි. ඉඩමක සහ ගෘහයක පවතින හොඳ සහ නරක ස්තර අප හඳුනා ගන්නේ එහි පාද බෙදීම මඟින් බව ඔබට දැන් වැටහෙනවා ඇති. ඉඩමේ හෝ ගෘහයේ පාද අප හොඳ සහ නරක වශයෙන් වෙන් කරනු ලබන්නේ එම කොටස්වල පවතින ධන හා ඍණ තරංග ක්‍රියාකාරිත්වය අනුවයි. එසේ නම් ධන තරංග සෑම විටම යහපත් තරංග ලෙස සැලකෙන අතර ඍණ තරංග අයහපත් තරංග ලෙස බලගැන්වෙනු ඇත. එසේම විශ්ව ශක්තිය ගෘහයට උරා ගැනීමේ හැකියාව වර්ධනය වීම කෙරෙහිද ඉඩමේ පාද සටහන සහ ගෘහයේ පාද සටහන විශාල වශයෙන් බලපාන බව මතක තබා ගන්න. මේ නිසා ඔබගේ ගෘහයේ සියලු යහපත් ශක්තීන් උද්දීපනය වන පරිදි ගෘහය ස්ථානගත කිරීම සහ ඉදිකිරීමට අවශ්‍ය පාද බෙදීම බලවත්ව යොදා ගැනීමට උනන්දු වන්න. එවිට ගෘහයේ විශ්ව ශක්තීන් උපරිම වී යහපත් විශ්වීය කුසල් ශක්තීන් බලවත් වනු ඇත. එය ඔබගේ ලෞකික ජීවිතය උපරිමය තුළින් ආධ්‍යාත්මික තලයට පිවිසීමේ මාර්ග නිතැතින් සකස් කිරීමේ වාස්තු ශිල්පීය ක්‍රමවේදයන්ගේ ශක්තිය බව මතක තබා ගන්න.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔබට හොඳ නරක ඇතිකරන ඉඩමේ ධන ඍණ පිහිටීම ඔබට හොඳ නරක ඇතිකරන ඉඩමේ ධන ඍණ පිහිටීම Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2020 Rating: 5

0 comments:

Post a Comment