වජ්‍රාසනය ගැන කිසිදා නොඇසූ කතාවක් (A Story Never Heard Of The Vajrasana)

ලෝකය පහළවෙන, මේ ලෝකය හැදෙන ගමනේ දී මුලින් ම පස් පිඬක් පහළ වන්නේ මේ වජ්‍රාසනය පහළ වෙන තැනයි. හේතුව කුමක් ද? මේ මහා පොළොවෙ කිසිම තැනකට බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය, බුද්ධ බලය, බුද්ධ ඍද්ධිය, බුද්ධ ධර්මය දරාගන්ට පුළුවන්කමක් නෑ. එය දරාගන්ට පුළුවන් වන්නේ බුද්ධගයා ශුද්ධභූමියේ පිහිටි වජ්‍රාසනය ළඟ පමණයි. ඒ නිසා සෑම බුදු රජාණන් වහන්සේ නමක් ම මේ ලෝකයේ බුදු වන්නේ දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියේ වජ්‍රාසනය පිහිටන ස්ථානයේ කියන එක දේශනාවේ සඳහන් වෙනවා.

ඉතින් මේ වජ්‍රාසනයේ වැඩ හිඳගෙන තමන් වහන්සේ දැන් චතුරංගසමන්වාගත වීර්යයත් සමඟ භවනා කරනවා. ඒ සමඟම මාර දිව්‍ය පුත්‍රයා මාර පිරිවර සමඟම පැමිණ බෝසතාණන් වහන්සේට නොයෙක් වධහිංසා කරනවා. අඟුරු වර්ෂාවන්, ඊතල වර්ෂාවන්, ආයුධ වර්ෂාවන් නොයෙක් නොයෙක් වර්ෂාවන් පවත්වමින්. බෝසතාණන් වහන්සේ ආසනයෙන් පලවා හරින්නටයි. දැන් මහන්සි ගන්නේ. ඒ වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිවර සම්පත්තිය කියන්නේ, එතුමාගේ අනුගාමිකයන් කියන්නේ “මේ වජ්‍රාසනය අයිති මාරයා වන මටයි.

බෝසතාණන් වහන්සේට නෙමෙයි” කියලා ඒ කියන විට අනිත් පිරිවර සම්පත්තියක් නැත්නම් මාර පිරිසක් මේ මාර පිරිසගේ පැත්තට කතා කරනවා. මේ මාරයාගේ බලපෑම් අනුව සියලුම සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් එතනින් දුව ගියා. එක් කෙනෙක්වත් හිටියේ නෑ. අර අචේතනික බෝ සමිඳුන් පමණයි, අස්වත්ථ වෘක්ෂය පමණයි එතන තිබුණේ. තමන්ගේ ශ්‍රී හස්තය මහා පෙළොවට දික්කලා “මේ අචේතනික මහ පොළව අද මට සාක්ෂි දරයි. අනාදිමත් කාලයක් මුළුල්ලෙහි ඇස්, මස්, ලේ දන්දෙමින් මම අප්‍රමාණ උත්සාහයකින් උනන්දුවකින් පාරමී පුරාගෙන ආවේ මේ වජිරාසනයට උරුමක්කාරයෙක් වෙන්ටයි.”

සෝ සාගරේ ජලධිකං රුධිරං අදාස
භූමිං, පරාජිය සමං සමංස දානං
මේරුප්ප මාණමධිකඤ්ච සමොලි සීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසි”.

ආදී වශයෙන් සඳහන් වන්නේ ‘මේ මහා සාගරයේ ජලයට වඩා ශරීරගත ලේ දන් දෙමින්, මේ මහ පොළොවේ පස්වලට වඩා මාංශ දන් දෙමින්, මහාමේරු පර්වතයේ උසට වඩා ඔටුන් පලන් හිස් දන් දෙමින්, අහසේ පෙනෙන තාරකාවලට වඩා නේත්‍රා යුග්මයන් දන් දෙමින් පාරමී පුරාගෙන පැමිණියා.” කියමින් බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කරන වෙලාවේ ඒ අචේතකික මහා බොල් පොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ගණකම කම්පාවෙන්න පටන් ගත්තා. ඒ කම්පාවත් සමඟ මාරයාට උන්හිටිතැන් අමතක වී පලා ගියා.

අන්න, බෝසතාණන් වහන්සේට පමණක් මේ වජ්‍රාසනය අයිති වුණා. උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා “මගේ මේ ශරීරයේ මස්, ලේ නැතිවුණත් සම වියළී ගියත්, මම බුදුවෙලා මිස මෙතනින් නැගිටින්නේ නෑ කියා චතුරංග සමන්නාගත වීර්යය පහළ කරගෙන තමන් වහන්සේ දැන් සුපුරුදු ආනාපානාසති භාවනා මූල කර්මස්ථානය වඩනවා. ඒ භාවනා කර්මස්ථානයෙන් කසිණ සමාපත්ති වඩනවා.

කසිණ සමාපත්ති වඩමින් විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච කසිණ සමාපත්ති වඩමින් විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනවා. අන්න පූර්ව යාමයේ දී පළමුවන අභිඥාව. ඒවාගේ ම මධ්‍යම යාමේ දී දෙවන අභිඥාව, තෙවන යාමේ දී තුන්වන අභිඥාව පහළ කරගන්නවා. උන්වහන්සේ ප්‍රථම යාමේ දී ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ’ ආදී වශයෙන් පටිච්ච සමුප්පාද අංගයන් මුල සිට අගට, අග සිට මුලට මෙනෙහි කරන විට පුබ්බේ නිවාසානුස්සති අභිඥාව පහළ කරගත්තා. නැවතත් උන්වහන්සේ පටිච්ච සමුප්පාද අංගයන් මුල සිට අගටත්, අග සිට මුලටත් මෙනෙහි කරන වෙලාවේ චුතූපපාත කියන මේ අභිඥාව පහළ කරගත්තා.

අවසානයේ දී නැවතත් පටිච්ච සමුප්පාදානය මුල සිට අගටත් මෙනෙහි කරන වේලාවේ දී ආසවඛ්‍ය ඤාණය සහිත සර්වඥතාඤාණ ප්‍රතිමණ්ඩිත අනන්ත අප්‍රමාණ ඤාණයන් සහිත ගුණයන් සහිත සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නට යෙදුණා. එසේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් ලොව්තුරා ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුද්ධ ගුණයන්ගෙන් සමන්නාගතයි.

දසබල ඤාණ, චතුවිශාරද ඤාණ, චුද්දස බුද්ධ ඤාණ, සෝළස මහා ඤාණ, අට්ඨාරස ආවේනික බුද්ධ ගුණ, එකුන් විසි ප්‍රත්‍යාවේක්ෂා ඤාණ, සමපණස් උදයව්‍යය ඤාන, තෙසැත්තෑ ඤාණ, සත්සැත්තෑ ඤාණ, අනන්තනය සමන්නාගත සමන්ත පට්ඨාන මහාපකරණ විෂයාන්තර්ගත ගාම්භීර ඤාණ ආදී මේ මහ පොළොවට දරාගන්න බැරි අප්‍රමාණ ඤාණ සම්භාරයකින් බුදුපියාණන් වහන්සේ සමන්නාගතයි. එසේ අනන්ත පින් ඇති, අනන්ත ගුණ ඇති, අනන්ත පාරමී ඇති, අනන්ත ඤාණ ඇති ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මගේ ජීවිතය ද පූජාකරමි පූජා වේවා……….

දෙව් බඹුන් සාධු කාර මැද,ලොව්තුරා අභිසම්බෝධ්යට පත්වූ ඒ වජ්‍රාසනය දැක බලා සතුටුව,සියළු කෙලෙසුන් ප්‍රහානයකර සමථ විදර්ශනාවන් වඩන්නට වීර්යය කරත්වා..!!!
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වජ්‍රාසනය ගැන කිසිදා නොඇසූ කතාවක් (A Story Never Heard Of The Vajrasana) වජ්‍රාසනය ගැන කිසිදා නොඇසූ කතාවක් (A Story Never Heard Of The Vajrasana) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2020 Rating: 5

0 comments:

Post a Comment