හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit)

හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit)
හාවා ගල එහෙමත් නැත්නම් හා ගල කැම්පින් යන තරුණ පිරිස් වලට නම් කදිම තැනක්. වැඩි ප්‍රසිද්ධියක් නොවුනත් සබරගමු විශ්ව විද්‍යාල සිසුන්ගේ සුප්‍රකට කදු තරන ස්ථානයකි.

බොහො කදු වලට වාගේ මේ කන්දටත් රාවණා රජුට අයත් ජනප්‍රවාදයක් පවති. ඒ තමා හාවා ගල කන්දේ සීතා ගුලි පිළිබඳව කතාවයි. ඒ ගැන වැඩි යමක් හොයා ගන්න නම් බැරි උනා. ඒවගේම තවත් කතාවක් තියෙනවා ඒ

තවත් ජනප්‍රවාදයක් ලෙස ශක්‍රදෙවිදුන්ගේ කුස ගින්න වෙනුවෙන් හාවෙකු ගල මුදුනේ සිට ගින්නට පැනීමේ කතාවයි. හැබැයි හාවා මැරුණේ නෑ හාවා ශක්‍රදෙවිදුන් එක්කම දෙව්ලොව වැඩියලු. මේ සියලු කතා ජනප්‍රවාද බැව් සදහන් කල යුතුයි.

මෙහි ගමන් මාර්ගය ගැන සදහන් කලොත් බලංගොඩ සිට බොගවන්තලාව හරහා හැටන් බස්රියේ ගොස්, මාරතැන්න පසුකර ගල්ගෑමඩ ට්‍රාන්ස්පෝමරය අසලින් පහළට ගමන් කිරීමෙන් ගමන ආරම්භ කිරීම හා ගල තරණයට ඇති පහසුම මගකි. එම මගේ ගමනේ බෑවුම අඩුය. 

වෙනත් මාර්ග කිහිපයක්ම තිබෙන අතර බෙලිහුල්ඔය පාන්තුඩ ඇල්ල අසලින් ගමන් ආරම්භ කිරීම වැඩි අවදානමක් සහිත ගමනකි. එහි මාර්ගය සොයාගන්නට ද තරමක් අපහසුය.

බොගවන්තලාව හැටන් බස්රියේ ගොස් මගින් බැස කන්ද නැගීම වඩාත් පහසු කාර්යයකි. බෙලිහුල්ඔය දෙසට බැසීම කළ හැකි මුත් එහිදී එම පළාත දන්නා අයකු සමග ගොස් බැසීම කරන්නේ නම් මනාය. ඈත තිබෙන කඳු වැටි, සමනල වැව, බදුලු පාර, සබරගමු විශ්ව විද්‍යාලය ගල මුදුනට පැහැදිලිව පෙනේ. මුදුනත පැතලි තලාවක් ලෙස පවති. 

වනය මැදින් ඇති අඩිපාර හමු වේ. එම අඩිපාර මුදුනත දක්වාම තිබේ. කිලෝමීටර දෙක තුනක් වනය මැදින් කූඩැල්ලන් සහිත පාරේ ගමන් කළ යුතුය. පැය දෙක තුනකින් මුදුනට ළඟා වුනෙමු. 

අසල ඇති කඳුයායවල් මනරම්ව පෙනුනි. කදු මුදුනේ ජලය සොයා ගැනීම අසීරු වුවත් වර්ෂා සහිත දින වල ඈත කන්දකින් ඇද හැලුණු තාවකාලික දිය ඇල්ලක්ද දර්ශනය විය. ඉහල බැලුම් ස්ථාන හෙවත් වීව් පොයින්ට් කිහිපයකි. ඒවා සියල්ලටම මනරම් භූමි දර්ශන හතර අතින් ම දිස් වේ.

Ha gala 🐰
Ha gala (Rabbit Rock) Mountain (1400m) or Hagala as it is known by the locals is located in beautiful Belihuloya in the Sabaragamuwa Province bordering the Horton Plains National Park. The vegetation is a mixture of montane forest and manna grasslands with scattered pine trees. The trail starts from the village of Landuyaya.

The journey to and from the Rabbit Rock takes around 4-5 hours in total from the hotel, and is a less traveled path, bound with adventure and enthusiasm. The hike passes through different environment units, such as hilly tea estates, cooling forests and savanna lands. The view from the top is definitely worth the climb.
හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) - Your Choice Way

හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) - Your Choice Way

හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) - Your Choice Way

හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) - Your Choice Way

හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) - Your Choice Way

හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) - Your Choice Way

හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) - Your Choice Way

හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) - Your Choice Way
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) හා හා හරි හාවා - හාවා ගල 🐰 (The Rock Of Rabbit) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2020 Rating: 5

0 comments:

Post a Comment