පන්හල් ගල මත ඉදිවූ ලංකාතිලකය 🙏☸️ (Lankathilaka)

පන්හල් ගල මත ඉදිවූ ලංකාතිලකය 🙏☸️ (Lankathilaka)
අද අපි කතා කරන්න යන්නේ ගම්පොල රාජධානියට අයත් පෞරාණික සිද්ධස්ථානයක් ගැන.පින්තූර දැක්ක ගමන් ඔයාලා දන්නවා මේ ලංකාතිලක විහාරය බව.

'පන්හල්ගල’ නම් ඓතිහාසික නාමයෙන් හඳුන්වන සොබා සොඳුරු සිරිය වඩවාලන පර්වතයක් මත තමා මේ විහාරය ඉදිකරලා තියෙන්නේ.පැන්හල්ගල/ පහන්ගල යන නම්වලින්ද මේ පර්වතය හදුන්වනවා..

මේ සෙල් තලාව මත චෛත්‍යයක් මෙන්ම බෝධීන් වහන්සේ ද දකින්නට ලැබෙනවා.ලංකාතිලක විහාරය කියූ පමණින් අපගේ සිතෙහි ඇඳෙන්නේ එහි වන ආකර්ෂණීය විහාර මන්දිරය කිව්වොත් නිවැරදී.

ගම්පොල යුගයේ ප්‍රථම රජ වන iv වන බුවනෙකබාහු රජුගේ නියමයෙන් (ක්‍රි.ව 1341-1351) සේනාලංකාධිකාරි සෙනවිතුමාගේ මූලිකත්වයෙන් විහාර මන්දිරය ඉදිකර තිබෙනවා.. 

විෂම වූ ගල්තලාවක් මත ඔපමට්ටම් කළ කළු ගලෙන් පාදම නිමවා ඒ මත ගඩොලින් සහ හුනු බදාමයෙන් සිව් මහලින් සැදි විහාර මන්දිරය සෙනෙවිතුමා විසින් සාදවනු ලැබූවකී.පොළොන්නරු ගෘහ නිර්මාණයන්හි දකින්නට ලැබෙන හින්දු ආභාෂයත් මෙතැනට ද මුහුවී තිබෙනවා...

මෙහි විශේෂත්වයක් තියෙනවා ඒ තමා ලංකාතිලකය ගොඩනැගෙන්නේ ඊට පෙර බෝධිකොටුව නම් විහාරස්ථානයක් පැවැති බිම මතයි.මෙම ඓතිහාසික ලංකාතිලක බුද්ධ මන්දිරය ලංකාවේ දකින්නට ලැබෙන සිත් ඇද බැඳ ගන්නා විශිෂ්ට නිර්මාණයක් බවට නම් විවාදයක් නැහැ.. 

මෙහි විහාර නිර්මාණ ශිල්පියා, ‘ස්ථාපතිරායර්’ නැමැත්තෙක් බව සදහන් වෙනවා..විහාරයේ ආකෘතිමය ලක්‍ෂණ අනුව නිර්මාණ ශිල්පියා දකුණු ඉන්දියානුවකු විය හැකි ද බව විශ්වාස කෙරෙනවා.

විහාරය ගොඩ නැංවීමට මසුරන් තුන් කෙළ සැට ලක්‍ෂයක් වැයවූ බව ද සඳහන් වෙනවා.ලංකාතිලක විහාරය ප්‍රථමයෙන් සිවුමහල් ආකාරයෙන් ඉදි කළ ද අද අපට දැක ගැනීමට ලැබෙන්නේ මහල් දෙකකි. 

vi වැනි පරාක්‍රමබාහු රාජ්‍ය යුගයේදී මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ ද මෙය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.සිංහල හා ද්‍රවිඩ භාෂාවලින් නිමකරන ලද සෙල්ලිපි දෙකක් විහාර භූමියේ දක්නට ලැබෙනවා.

මේ ගැන වචන කිහිපයකින් ලියන්න නම් බෑ ඒ තරම්ම වටිනා අතීත දායාද මේ.මෙවැනි දායාද අනාගත පරපුරට රැක ගැනීම අපේ යුතුකමක්.

"ලංකාතිලකය ලක්මාතාවගේ නළලත සඳුන් කල්කයෙන් සාදා තැබූ තිලකයක් බඳු යි.එහි සුවඳින් පිරි සොඳුරු බව තුන් සිංහලය පුරාම විහිදෙ යි"

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
පන්හල් ගල මත ඉදිවූ ලංකාතිලකය 🙏☸️ (Lankathilaka) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පන්හල් ගල මත ඉදිවූ ලංකාතිලකය 🙏☸️ (Lankathilaka) පන්හල් ගල මත ඉදිවූ ලංකාතිලකය 🙏☸️ (Lankathilaka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2020 Rating: 5

0 comments:

Post a Comment