ඇඹුල් දළු සම්බෝලය හදාගන්න විදිය (How To Make Sour Leaf Sambol)

ඇඹුල් දළු සම්බෝලය හදාගන්න විදිය (How To Make Sour Leaf Sambol)
ගොටුකොළ, මුගුණුවැන්න, කන්කුන් වලින් හැමතිස්සෙම සම්බෝල ව්‍යංජන හදලා ඒ රහටම දැන් අපේ කටත් හුරුවෙලා. ඒත් අපි හැමෝම ආසයි අපේ බත් පතේ ඉඳහිට හෝ පුංචි වෙනසක් වෙනවට. වෙනදා නොලැබුණු අමුතු රසයක් අපේ කටට ලැබෙනවට. ඇත්තටම කිව්වොත් එකම පලා වර්ගය වුනත් එක දිගටම කන්න සුදුසු නැහැ.

අපි පුළුවන් වෙලාවට කලවම් පලා ආදියත් අපේ කෑම වේලට එකතු කරගන්න ඕන. එතකොටයි නිසි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අපේ සිරුරට ලැබෙන්නේ. බොහෝ පෝෂණ ඌණතා වලින්, ලෙඩරෝග වලින් අපි ස්වාභාවිකවම ආරක්ෂා වෙන්නේ.ඉතින් අද මේ ඇඹුල් දළු සම්බෝලයත් වෙනදා අපි කියලා දුන්න අනිත් සම්බෝල වගේම ඔයාගේ කෑම වේලට එකතුකරගන්න. ඒ රසය ගුණය ඔබත් නොඅඩුව අත්විඳින්න.

අවශ්‍ය දේවල් :-

  • ගොටුකොළ මිටක් (දඬු ටිකක් අඩුවෙනුත් කොළ ටිකක් වැඩියෙනුත් ගන්න. ළපටි කොළ නම් තවත් රසයි.)
  • අසමෝදගම් කොළ මිටක්
  • කතුරුමුරුංගා දළු මිටක් (මෝරපු කොළ ගන්නම එපා. හීනි දළු ගන්න.)
  • මුගුණුවැන්න දළු මිටක් (උඩින්ම තියෙන දල්ල ගන්න. වඩාත්ම රසයි. හොඳ කොළ පාට මුගුණුවැන්න ගන්න. සම්බෝලය ලස්සනයි.)
  • තෙඹු කොළ මිටක් (තෙඹු දළු වලින් ගන්න.)
  • පැෂන් දළු මිටක්
  • ඉතාම සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩි 10 ක්
  • ඉතාම සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 03 ක්
  • සිහින්ව ගාගත් පොල් කෝප්ප 01 ක්
  • සිහින්ව ලියාගත් කැරට් මේස හැඳි 02 ක් (පෙනෙන නොපෙනෙන තරමට සිහින්ව ලියාගන්න.)
  • දෙහි ගෙඩියක යුෂ (කොළ පාට ලොකු දෙහි ගෙඩියක් ගන්න. කහ පාට දෙහි මේ සම්බෝලයට දාන්න එපා.)
  • උම්බලකඩ කුඩු තේ හැඳි 01 ක් (මීට වඩා එක්කර ගන්න එපා)
  • රස අනුව ලුණු
  • දෙහි යුෂ මිරිකාගත් දෙහි බෑ දෙකක් (මේකත් දාලමයි අපි සම්බෝලය අනන්නේ. ටික වෙලාවක් දෙහි ලෙලි දෙක සම්බෝලයේ තියෙන්න දෙන්න.)

සාදාගන්නා ආකාරය :-

  1. අලුත් මැටි හට්ටියක් ගන්න. සෝදා පසෙකින් තියාගන්න.
  2. පොල් ටික සිහින්ව ලියාගන්න.
  3. ළූණු ටික අවසානයට ලියාගන්න. වේලාසන ලියාගන්න එපා.
  4. දැන් තෙඹු කොළ වල අනිත් දළු කොළ දමාගෙන ඉතාම සිහින්ව ලියාගන්න. එක පැත්තකට පමණක් ලියාගන්න. දෙපැත්තට කපන්න එපා. සම්බෝලය රස වන්නේ එක පැත්තකට ලියාගත් විටයි.
  5. දැන් ලියාගත් දළු කොළ ටික ඇතිලියට දාන්න. රතුළූණු ටික දැන් ලියාගෙන දමන්න.
  6. එයටම අමු මිරිස්, ලුණු, උම්බලකඩ, කැරට් සහ පොල් දමන්න.
  7. දෙහි ගෙඩිය දැන් උඩින් මිරිකන්න. දෙහි ලෙලි දෙකක් සම්බෝලයටම දමන්න.
  8. සියල්ල අතින් හොඳින් අනන්න. ලුණු බලන්න. ඇඹුල් බලන්න. සම්බෝලය හදා විනාඩි 10 ක් තුළ පිළිගන්වන්න.
  9. මේ සම්බෝලය එක්ක විතරක් බත් ටිකක් කන්න පුළුවන්. සුදු අල හොදි ටිකක් උඩින් දාගන්න. රසයි පිරිසිදුයි.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇඹුල් දළු සම්බෝලය හදාගන්න විදිය (How To Make Sour Leaf Sambol) ඇඹුල් දළු සම්බෝලය හදාගන්න විදිය (How To Make Sour Leaf Sambol) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2020 Rating: 5

0 comments:

Post a Comment