නුවරඑළියේ සැගවුණු වනාන්තරය - ගැල්වේස් ලෑන්ඩ් 🌳🌴🍀☘️🌿🍃 (Galway's Land National Park)

නුවරඑළියේ සැගවුණු වනාන්තරය - ගැල්වේස් ලෑන්ඩ් 🌳🌴🍀☘️🌿🍃 (Galway's Land National Park) - Your Choice Way
1938 මැයි 27 වන දින වනජීවී අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ගැල්වේස් ලෑන්ඩ් ඉඩම 2006 මැයි 18 වන දින ජාතික වනෝද්‍යාන තත්වයට උසස් කර ඇත. ලංකාවේ කුඩාම වනෝද්‍යානය ද මෙයයි.

ගැල්වේස් ලෑන්ඩ් (Galway’s Land) ජාතික වනෝද්‍යානය කියන්නේ ග්‍රෙගරි වැව ඉස්මත්තේ ටිකක් උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන පුංචි වනාන්තරයක්. ජාතික වනෝද්‍යානයක් කිව්වම වැඩි දෙනෙක් දන්නෙවත් නැහැ නුවරඑළියේ එහෙම එකක් තියනවා කියලා. වැඩිපුර ප්‍රසිද්ධ නැති වුණත් ලංකාවේ කොයි වනෝද්‍යානයත් පරදන තරම් සුන්දර බවක් මේ පුංචි වනාන්තරයේ තියෙනවා. 

මෙතනට ටවුමේ ඉඳන් එන්න පාරවල් දෙකක් තියෙනවා; එකක් හැව්ලොක් පාර, අනික ඉහළ වැව පාර. (අපර් ලේක් රෝඩ් – Upper Lake Road කිව්වම තමයි වැඩි දෙනෙක් දන්නේ) මේ දෙකෙන් හැව්ලොක් පාර දිගේ එන එක තමයි වඩාත් පහසු. වාහනයකින් එන්නත් පුළුවන්, හැබැයි වෙලාව තියෙනවා නම් හොඳම වැඩේ පයින් ඇවිදගෙන එන එක. වාහනයක එනවට වඩා ඉතා හොඳට පරිසරය විඳින්න පුළුවන් වෙන්නේ එතකොටයි.

ප්‍රධාන වන වැස්ම තියෙන්නේ අක්කර 22ක් වගේ පොඩි ප්‍රමාණයක විතරයි. උඩු රෝපණය වගේම යටි රෝපණයත් ඝනව පැතිරිලා තියෙනවා. වැහි කාලෙට ඉර එළිය නොවැටෙන තරමටම උඩු වන වැස්ම ඝනව වැවෙනවා.

කඳුකර තෙත් දේශගුණික කලාපයට අයත් මේ භුමිය සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අන්ෂක 15.5 වන අතර වාර්ෂිකව මි . ලි. 2400 පමණ වර්ෂා පතනයක් පතිත වේ .මෙම උද්‍යානයේ විශාල වශයෙන් කීන, දඹ, යන ශාක බහුල වන අතර , යුකැලිප්ටස් සහ පයිනස් යන ශාකයන් ද ඒ අතර වේ.

ගැල්වේස් ලෑන්ඩ් අභය භුමියේ ලංකාවට ආවේණික සතුන් කිහිප දෙනෙක්ම දකින්න ලැබෙනවා.

නිතරම තියෙන වැසි සහිත කාලගුණයයි, අඳුරයි නිසා ඇතුලේ ඉන්න සත්තු දකින්න තරමක් අපහසුයි. කණ්ඩායමක් විදිහට යනවා නම් වැඩිය සද්ද නොකර යන්න බලන්න. 

මේ නිස්කලංක පරිසරය තුලින් වැටිලා තියෙන අඩිපාර දිගේ ඇවිදගෙන යන එක ඉතාම සුන්දර අත්දැකීමක්. නගරයට ඇවිදින දුරක තිබුණත් වැඩි දෙනෙක් එන්නේ නැති නිසා කිසිම වෙලාවක නගරේ තියෙන ඝෝෂාකාරී ගතිය මේ පැත්තට දැනෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ කෙනෙකුට රුපියල් 40ක් වගේ පුංචි මුදලක් අය කරනවා.

කිසිම බාහිර සද්දයක් නැති, කලබලකාරී කමෙන් මිදුණු මේ අඩිපාරේ ඇවිදින එක ස්වභාව ධර්මයට ප්‍රිය කරන කාටත් ඉමිහිරි අත්දැකීමක්.

Galway's Land National Park
Galway's Land National Park is a small national park situated within the city limits of Nuwara Eliya in Sri Lanka. Have been declared as a wildlife sanctuary on 27 May 1938. The Galway's Land was elevated to the national park status on 18 May 2006. 

The park was declared to conserve the montane ecosystems. Field Ornithology Group of Sri Lanka considers that the Victoria park of Nuwara Eliya and the Galway's Land as two of the most significant birding sites in Sri Lanka. Galway's Land harbours about 20 rare migrant bird species and 30 native species. Apart from the avifauna, the park has valuable floral species of both native and foreign origin.Galway Forest Lodge is located close to the park.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නුවරඑළියේ සැගවුණු වනාන්තරය - ගැල්වේස් ලෑන්ඩ් 🌳🌴🍀☘️🌿🍃 (Galway's Land National Park) නුවරඑළියේ සැගවුණු වනාන්තරය - ගැල්වේස් ලෑන්ඩ් 🌳🌴🍀☘️🌿🍃 (Galway's Land National Park) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2020 Rating: 5

0 comments:

Post a Comment