ඔබ පළමුව දුටු රූපය කුමක්ද? (What Was The First Image You Saw?)

අපි කව්රුන්ද යන්න පිළිබඳව බොහෝ දේවල් පැවසිය හැකි මනෝ විද්‍යාත්මක පරීක්ෂණ වර්ග රාශියක් ඇත.ඒ අතුරෙන් පින්තුරයක් යොදාගෙන සිදු කරන පරීක්ෂණ වලට විශේෂ තැනක් හිමි වෙලා තියෙනවා.අපි එකිනෙකාගේ පෞරුෂ ලක්ෂණ එකිනෙකට වෙනස්.අපේ සිත් තුල,චරිතයේ සැඟවී ඇති ගුණාංගයන් වලට අනුව තමයි අපේ සිත යමක් වෙත ඇදෙන්නේ.

එනම් පින්තූරයකට අපේ නෙත් ආකර්ෂණය වෙන්නේද ඒවායේ වර්ණ වලට අපි දක්වන අවදානය අනුව.අපේ සිතේ ඒ ඒ වර්ණ සංකලනයට ඇති කැමැත්ත හෝ අකමැත්ත අනුව තමයි යම් වස්තුවක් දෙස රූපයක් දෙස අපගේ සිත,නෙත යොමු වෙන්නේ.
ඒ නිසා අපගේ සිතේ සියුම් මනෝභාවයන් ,අපගේ බිය,සැඟවී ඇති ගුණාංගයන් ආදිය ඉස්මතු කරගැනීමට මෙවැනි සරල පරීක්ෂණයන් ඇසුරින් මනෝවිද්‍යාත්මකව හැකියාව ලැබිල තියෙනවා.ඉතින් එවැනි සරල මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් තමයි අපි අද ඔබ වෙත ගෙනේ එන්නේ.උත්සහ කර බලන්න.රූපය දෙස බැලූ විට පළමුවෙන්ම ඔබේ නෙත ගැටුනු දෙය ඇසුරෙන් ඔබේ සැඟවුණු බිය හඳුනා ගන්න.

1.)කුඩා දැරිය - ඔබ පළමුව දුටුවේ කුඩා දැරිය නම් එය ඔබේ ළමා වියේ සිටම ගැඹුරු හැඟීම් කිහිපයක් වළලා දැමු බවට ලකුණකි.එනම් ඔබගේ ළමා කාලය තුල ඔබ අත්විඳි යම් යම් අත්දැකීම් ,මතකයන් ඔබ බලහත්කාරයෙන් අමතක කර දමා ඇති සෙයකි.ඔබ එයට බිය වේ.සමහරවිට එය දෙමව්පියන්ගේ හෝ ළදරු වියේදී ඔබ ලැබූ අත්දැකීමක එහෙමත් නැතිනම් කම්පනයක බලපෑමක් වුවද විය හැක.කෙසේ වෙතත් ඔබට තවමත් ඔබගේ මව සමඟ ගත කිරීමට තවත් කාලය අවශ්‍ය විය හැක.සමහර අවස්ථා වල වැඩිහිටි වියට වඩා ඔබ ඔබේ ළදරු කාලයට ආදරය කරයි.ළමා වියේ ඇතැම් මතකයන් වලට ඔබ තවමත් ආදරය කරනවා.එසේම සමහර කටුක මතකයන් අමතක කිරීමට වෙර දරනවා.එය සාමාන්‍ය දෙයක්.නමුත් මෙය අදාල පමණට වඩා පැවතියහොත්,ඔබ ඕනෑවට වඩා එම මතකයන් අතරම ජීවත් වුවහොත් එය ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට බාධාවක් විය හැක.එනිසා ඉන් මිදී වර්තමානයේ ජීවත් වීමට උත්සහ කරන්න.

2.)සමනලයා - ඔබ දුටුවේ පළමුවෙන්ම සමනලයා නම්,ඉන් කියවෙන්නේ ඔබ ඔබේ අනාගතයට බිය බවයි.නමුත් ඔබට ඔබේ අනාගතය ගැන යහපත් බලාපොරොත්තු ඇත.ඔබේ ජීවිතයේ අනාගතය කෙබඳු වුවත් ගැටළු කුමක් වුවත් ජීවිතයේ ස්වභාවය එයයි.ඔබ බලාපොරොත්තු නැති කර ගත යුතු නැත.අනාගතය අනිවාර්යයෙන්ම යහපත් වෙනු ඇතැයි සුබවාදීව සිතන්න.නිර්භීත වෙන්න.එය ඔබේ සිතේ ඇති බිය අමතක කොට ඔබට නව ආරම්භයක්,ඔබේ ජීවිතයේ නව කාල පරිච්චේදයක් ආරම්භ කිරීමට කරා ඔබව යොමු කරන අතර ඔබේ සතුට නැවත ඔබ වෙත ළඟා කරයි.

3.)ස්ට්‍රෝබෙරි - ඔබ පළමුවෙන්ම දුටුවේ ස්ට්‍රෝබෙරි නම්,ඔබ බියක් දක්වන්නේ සම්බන්දතා කෙරෙහිය.එනම් ඔබ සැබෑ හදවතක්,අවංක හදවතක් සහිත අයෙක් සොයයි.ඔබ අවට ඇති පිරිස පවා ඔබ විශ්වාස කරන්නේ බොහොම පරෙස්සමට තෝරාබේරා ගෙනය.ඔබ සබඳතා ඇති කර ගැනීමට බියක් දක්වන අතර අතහැර දමා හුදෙකලාව සිටීමට සිතන අවස්ථා එමටය.එනිසා මීට වඩා තරමක් සිතාබලා පිරිස සමඟ ඇසුරට යාමට උත්සහ කරන්න.

4.)හිස් කබල - හිස් කබල මෙම රූපයේ කොටසක් නොවන අතර එය විශාල පින්තූරයේ කොටසකි.බැලූ බැල්මට ඔබ ප්‍රථමයෙන්ම දුටුවේ හිස්කබල නම් ඔබගේ ආදරණියයෙකුගේ හැර යාමක්,මරණයක් කෙරෙහි ඔබගේ යටිසිතේ බියක් කැටිව ඇත.එනිසා ඔබට සමීප අය ගැන සැලකිලිමත් වෙන්න.මන්ද ඔබ ඔවුන්ව අහිමි කර ගැනීමට අකමැති නිසාය.නමුත් ඉපදුනු සැම අයෙක්ම කෙදිනක හෝ ලෝකයෙන් සමු ගනියි.මරණය අපි සැමටම පොදු දෙයක්.ඒ බව වටහාගෙන ජීවත් වෙන්න.

5.)ගස් - ඔබ පළමුව දුටුවේ ගස් නම් ඔබ සොබාදහමට බොහෝ සෙයින් ලැදි පුද්ගලයෙකි.ඔබගේ සිත අභ්‍යන්තරයේ ඇති නොවිසඳුණු ගැටළුවක් සම්බන්ධයෙන් ඔබ තුල බියක් ඇත.චිත්තවෙගිය ගැටළු අභියස ඔබ තරමක් පසුගාමී වෙන අතර ඉවසීමෙන් සන්සුන්ව ඒවාට පිළිතුරු සොයා ගැනීම මගින් ඔබේ සිත සැහැල්ලු වේ.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔබ පළමුව දුටු රූපය කුමක්ද? (What Was The First Image You Saw?) ඔබ පළමුව දුටු රූපය කුමක්ද? (What Was The First Image You Saw?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2020 Rating: 5

0 comments:

Post a Comment