හාට් කුකීස් (Heart Cookies)

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ ලස්සනම ලස්සන බිස්කට් වර්ගයක් හදාගන්න විදිහ.හාට් එකක හැඩයට මේ බිස්කට් එක හදන හින්දා හාට් කුකීස් කියලා තමයි මේවට කියන්නේ.බලන්නකෝ එහෙනම්.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පිටි කප් 2
  • බේකින් පවුඩර්  තේ හැඳි 1/2
  • ලුනු ස්වල්පයක්
  • බටර් කප්  1/2 (120g ) කාමර උෂ්ණත්වයේ පැවතිය යුතුය
  • සීනි කප්  1(200g )
  • ලොකු බිත්තර 1
  • වැනිලා තේ හැඳි 1
  • කලරින් රෝස පාට හෝ කැමති පටකින් අවශ්‍ය පැහැයට අනුව හදාගන්න.
සාදාගන්නා ආකාරය:
  1. මුලින්ම භාජනයකට පාන් පිටි ටිකයි,බේකින් පවුඩර් ටිකයි,ලුණු ටිකයි දාලා කලවම් කරගන්න.
  2. දැන් වෙනත් භාජනයක් අරන් බටර් එක්ක සීනි දා ගෙන විනාඩි 3-4ක් විතර සාමාන්‍ය වේගයෙන් සැහැල්ලු මිශ්‍රණයක් ලැබෙනකන් බීට් කරන්න.
  3. පස්සේ එකටම බිත්තරයි,වනිලයි දාලා ටිකක් බීට් කරගන්න.
  4. ඊට පස්සේ බීටෙර් එකේ වේගය අඩු කරලා පාන් පිටි මිශ්‍රණය දා ගෙන කලවම් වෙනකන් බීට් කරන්න.(ඕනෙවට වඩා  බීට් කරන්න යන්න එපා මිශ්‍රණය කලවම් උනාම ඇති)
  5. දැන් කලරින් බින්දුව ගානේ සැරින් සැරේ දාන ගමන් මිශ්‍රණය අතින් අනා ගන්න.
  6. පස්සේ මිශ්‍රණය එක ගුලියට හදාගෙන පොලිතින් එකකින් හොඳින් ඔතලා ආවරණය කරගෙන පය 1 1/2ක් විතර ශීතකරණයේ තියාගන්න.
  7. දැන් මිශ්‍රණය අඟල් 1/4වගේ ඝනකම හිටින විදිහට කුකී කටාර් එකකින් හාට් හැඩ කපාගන්න.
  8. ඊට පස්සේ තෙල් කඩදාසියක් දා ගත්තු බේකින් තැටියක් අරගෙන ඒ උඩින් කපා ගත්ත කුකීස් ටික ඒවා අතර ඉඩ තියෙන විදිහට තියාගන්න.
  9. දැන් බේකින් තැටියත් එක්කම ඒ උඩ තියෙන කුකීස් ටික අධි ශීතකරණයට දා ගෙන විනාඩි 15ක් විතර තියාගෙන එලියට අරගන්න.
  10. අන්තිමට කලින් සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයට රත් කරගත්ත අවන් එකක් විනාඩි 8-10ක් විතර යන්තමින් රන්වන් පාට වෙනකන් බේක් කරගෙන නිවෙන්න තබන්න. 
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හාට් කුකීස් (Heart Cookies) හාට් කුකීස් (Heart Cookies) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2020 Rating: 5

0 comments:

Post a Comment