වැව් ඉස්මත්තේ දිදුළන - සාරගම පන්සල ☸️🍀🍃🌱 (Sangama Temple)

මේ උතුම් ඇසල පුන් පොහෝ දිනයේ අපි ඔයාලත් එක්ක බෙදා ගන්නේ තවත් සිත් පහන් කරන පුදබිමක් ගැනයී.ඒ සාරගම පන්සල ගැනයි.

මේ විහාරය පිහිටලා තියෙන්නේ සාරගමයි.සාරගම කියන්නෙ කුරුණෑගල නගරයට ඉතාමත් ආසන්නයෙ තියන ලස්සන ගමක්.

සාරගම කියන නම ඇහුනම දන්න අයට මතක් වෙන්නෙ සාරගම වැව හා ඒ ආසන්නයේ ඇති මේ පන්සලයී.

මම කතාව පටන්ගන්නම් මෙහෙම මේ පන්සලේ එක් සුවිශේෂීත්වයක් තියෙනවා.ඒ කුරුණෑගල කිව්වම හැමෝටම මතක් වෙන්නේ ඇතුගල හැබැයී මේ පන්සලෙත් පිහිටීම ඇතුගලට නෑකමක් ගේනවා.

ඒ තමා මෙහි පිහිටි හිටි පිලිම වහන්සේ හා ඇතුගලේ පිහිටි සුවිසල් හිඳි පිලිම වහන්සේලා එක කෙලින් එනම් මුහුණින් මුහුණ බලා සිටින අයුරින් පිහිටුවා සිටීමත් මෙම රමණීය භූමියේ දකින්න පුලුවන් විශේෂ පිහිටීමක් වීමයි.

මේ පන්සලේ පිහිටීම සැළකූ විට  විශාල හිටි පිළිමය වහන්සේ නමක්, චෛත්‍ය රාජයාණන්  වහන්සේ හා බෝධිය ප්‍රධාන පාරට හොඳින් පෙනෙන පරිදියි පිහිටා තිබෙන්නේ. 

දහවලට දකින සුන්දරත්වයට වඩා එහා ගිය සුන්දරත්වයක් සවස හා රාත්‍රී කාලයේදී දකින්න පුළුවන් බව මෙහි ගිහින් තිබෙන අයනම් හොදින් දන්නවා ඇතී.

එක් පසෙකින් ඇතුගලත් සමග කදු පන්තියක දර්ශනයක්ද අනෙක් පසින් යක්දෙස්සාගලත් සාරගම වැව අසල සිට නරඹන්නෙකුට අපූර්ව දර්ශනයක් මවනවා නොඅනුමානයි.

මේ වැව වටේට ඇවිදින්න යනවනම් හවස තමයි හොදම වෙලාව. ඉර බහින විදිය බලන්න. කුරුල්ලො බලන්න. වැවේ සීතල සුළග විදින්න. උඩමලුව පන්සලට යන්න ඔයාලත් වෙලාවක සාරගමට එන්න.

කුරුණෑගල  සිට පුත්තලම ප්‍රධාන මාර්ගයේ කිලෝ මිටර් 4.5 ක් පමණ දුරකින් පිහිටි සාරගම හරහා කුරුණෑගල යන ඕනිම කෙනෙක්ට මෙතනට එන්න පුලුවන්.

කුරුණෑගල යන බොහෝ දෙනෙක් මේ තැන පසුකරන් යන්න ඇතිද.. ආයේ යද්දී ගොඩවෙලාම සිත් පහන් කරන් යන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏











උපුට ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වැව් ඉස්මත්තේ දිදුළන - සාරගම පන්සල ☸️🍀🍃🌱 (Sangama Temple) වැව් ඉස්මත්තේ දිදුළන - සාරගම පන්සල ☸️🍀🍃🌱 (Sangama Temple) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2020 Rating: 5

0 comments:

Post a Comment