බිහිරි බලු පැටවාගේ මිතුරුකම (Deaf Puppy Friendship)

මිනිසුන් හා සතුන් අතර ඇති සම්බන්ධතාවය පුදුමාකාරයි. එසේ සබඳතාවයක් ඇති වීමට මිනිසුන් හෝ සතුන් සර්ව සම්පූර්ණව ඉපදීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එකිනෙකාට සහය දැක්වීමට සෑමවිටම මිනිසුන් සහ සුරතල් සතුන් සුදානම්ව සිටිනවා. අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. එකිනෙකාගේ අඩුපාඩුකම් තිබියදීත්, ඒ අඩුපාඩුකම් ගලපාගෙන, එකිනෙකා තේරුම් ගෙන, සතුටින් ජිවත් වු මිනිසෙකුගේ සහ බල්ලෙකුගේ අපූරු සම්බන්ධතාවයක් ගැනයි මේ ලිපියෙන් අපි කියන්නේ. මේ නික් සහ එමර්සන්ගේ කතාවයි.

එමර්සන්ගේ කතාව සංවේදී කෙනෙකුට ඇසීමට පහසු එකක් නොවේ. සති 6 හයක් වන විට, එමර්සන් නම් මේ බලු පැටියා ෆ්ලොරිඩාවේ බලු අනාථාගාරයක දමාගියා අතර, seizures සහ parvo වයිරසය තුලින් ඔහු ඔහුගේ කුඩා ජීවිතය වෙනුවෙන් සටන් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ශ්‍රවණය අහිමි විය. නමුත් මෙම කුඩා මිශ්‍ර බලු පැටියා නිර්භීත සටන්කරුවෙකි. ඔහු කන් asene නැතිවත් සාර්ථකව ඉදිරියට යාමට උත්සාහ කලා.

පසුව, ඔහු තම සහෝදර සහෝදරියන් සමඟ NFR Maine Rescue Shelter වෙත පැමිණියේය. ඔහුගේ සෞඛ්‍ය ගැටලු මඟහරවා ගත් ඔහුව තම සහෝදර සහෝදරියන් සමඟ “සුරතුලුන් ලෙස හදා ගැනීමේ” ලැයිස්තුවට ඇතුළත් කරන ලදී. එමර්සන්ගේ සහෝදර සහෝදරියන් ඔවුන්ගේ සදාකාලික නිවෙස් ඉක්මනින්ම සොයා ගත්තා. මිනිසුන් පැමිණ ඔවුන්ව රැගෙන ගියා. නමුත් එමර්සන්ව හදා ගැනීමට දීමේ ක්‍රියාවලිය දුෂ්කර විය. ඇත්තෙන්ම එයට හේතුව ඔහු බිහිරි වීමයි. එමනිසා ඔහු සමඟ ජීවත් වීමට විශේෂ හිමිකරුවෙකු අවශ්‍ය විය.
නික් ඇබට් ෆේස්බුක් හි දැන්වීමක් දකින විට ඔහු ඇත්තෙන්ම බල්ලෙකු සොයමින් සිටියේ නැත. නමුත් බලු පැටියාගේ කතාව ඔහුව ගැඹුරින්, සහ පෞද්ගලික ආකාරයකින් ස්පර්ශ කළ නිසා ඔහු එම බලු පැටියා පරීක්ෂා කර බැලීමට අනාථාගාරයට යාමට තීරණය කළේය.නික් බලු පැටියා බැලීමට ඉක්මන් වීමට හේතුව නික්‌ උපතින්ම බිහිරි ලෙස ඉපදුණු නිසා, එමර්සන් ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් දුෂ්කරතා හොඳින්ම තමාටත් අදාල විය හැකි බැවිනි. “මම හිතුවා අපිට හොඳ සම්බන්ධයක් ගොඩනගාගන්න පුළුවන් කියා” නික් පැවසීය. ඒ කිව්වා වගේම ඔහු හරි කියා පස්සේ ඔප්පු උනා!

නික් බලු අනාථාගාරයට යන අවස්ථාවේදී එළියේ බල්ලන් කිහිප දෙනෙකුම සෙල්ලම් කරමින් සිටියා. නමුත් ඔවුන් වැඩිය පැමිණි අමුත්තා දෙසට අවධානයක් යොමු කළේ නැහැ. නමුත් ඒ වෙනවිට සති 12ක් වයසැති එමර්සන් පමණක් කෙලින්ම පැමිණ නික්ගේ කකුල් දෙක ළඟ නතර වුණා. ඒ දුටු පළමු අවස්ථාවෙන්ම ඔවුන් දෙදෙනා එකිනෙකාට කැමති වුණා. නික් සහ බලු පැටියා ටික වෙලාවක් එකට සෙල්ලම් කළ අතර ඉක්මනින් ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තා. ඉතින්, පැය 24 කටත් අඩු කාලයකදී, එමර්සන්ව හදා ගැනීමේ ක්‍රියා පටිපාටි, ලියකියවිලි සියල්ල අවසන් කර එමර්සන්ව නව නිවස කරා රැගෙන ගියා.

එමර්සන් ඉක්මනින් ඔහුගේ නව නිවසට හුරුවුනා. අද, ඔහු නිරෝගී, සන්තෝෂවත් බල්ලෙක් වන අතර ඔහු ආදරණීය සහ සැලකිලිමත් හිමිකරුවෙකු සමඟ තම ජීවිතය සතුටින් ගත කරනවා.නමුත් ඇසීමට ඇති නොහැකියාව ඔවුන් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ – ඔවුන්ගේ සන්නිවේදනය වඩාත් පහසු කිරීම සඳහා, නික් තම බලු පැටවාට වාඩි වීම, සිටීම, වැතිරීම සහ සිට ගැනීම වැනි සරල සංඥා වලින් විධානයන් ඉගැන්වුවා. එමර්සන්ගේ ජීවිතයට රළු ආරම්භයක් තිබුනද, එහි අවසානය නම් සුරංගනා කතාවක වගේ අවසානයකුයි ලැබුවේ. ඒ, ඔහුව හොඳින් වටහා ගත් මිනිසෙකු සොයා ගැනීමෙනි.

නික් සම්බන්ධයෙන් ගත් කල, මිත්‍රත්වය නිසා ඔහුගේ ජීවිතය යහපත් අතට හැරී ඇත. ඔහුට දැන් සතුටක් දැනෙන අතර ඔහුගේ බල්ලාට මුළු හදවතින්ම ආදරය කරනවා.

ඔබටත් කවදහරි ශාරීරික ආබාධයක් සහිත සතෙකු හදා ගැනීමට අවස්ථාවක් ලැබුණොත් එය කරනවාද? සර්ව සම්පූර්ණ සතෙකු හා සමානව එවැනි සතෙකුට ආදරය කිරීමට ඔබට හැකි වේවි ද? නික් සහ එමර්සන්ගේ ගැලපීම ගැන ඔබේ අදහස කුමක්ද?
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිහිරි බලු පැටවාගේ මිතුරුකම (Deaf Puppy Friendship) බිහිරි බලු පැටවාගේ මිතුරුකම (Deaf Puppy Friendship) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2020 Rating: 5

0 comments:

Post a Comment