විශ්ව ශක්තිය ලබාගන්න විදිය

විශ්වයෙන් අපේ පැතුම් සඵල කර ගන්නා ක‍්‍රමවේදය කුමක්ද යන්නයි. එය සරල වුවද පහසු ක‍්‍රමයක් නොවේ. විශ්වය යනු ශක්ති ප‍්‍රභවයකි . අප එහි ශක්ති ප‍්‍රාණීන් වන්නෙමු . ප‍්‍රථමයෙන්ම අප විශ්වයෙන් අපට ලබා දිය නොහැකි ඉල්ලීම් නොකළ යුතුයි. එනම් ඔබ හිරු ස`දු ඉල්ලුවහොත්, එය ඔබට ලබා ගත නොහැකිය. නමුත් ඔබට අවශ්‍ය ඔබට හිමිවිය යුතු ඔබේ ජීවිතය ජය ගැනීමට අවශ්‍ය යම් දෙයක් ඇත්නම් ඔබට එය අනිවාර්යෙන්ම විශ්වයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. මෙම ඉල්ලීම කරන විට පිළිපැදිය යුතු කරුණු කීපයක් ඇත.

ඔබේ ශක්තිය ධනාත්මක කරගන්න අප විශ්වයෙන් අපේ පැතුම් ඉටු කරගන්න අයදින විට අප අපේ ශක්තිය නිවැරදි නැත්නම් පැහැදිලි කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අප බියෙන්, චකිතයෙන් කලකිරීමෙන්, යමක් ඉල්ලන විට අප තුළින් විශ්වයට පිට වන්නේ ඍණ ශක්තියකි. ඒ අනුව අපට විශ්වයෙන් ලැබෙන්නේ ඍණ ප‍්‍රතිචාරයකි. එබැවින් අප ඉතා ප‍්‍රවේසම් විය යුතුය. මේ සදහා අනුගමනය කළ යුතු එක් ක‍්‍රමයක් නම්, අපට ලැබී තිබෙන දේ ගැන අප පළමුව විශ්වයට ස්තුතිවන්ත වීමය. විශ්වය කළගුණ සැලකීම ඉතා අගය කරයි. ඒ මගින් ඔබේ සිතුවිලි ධනාත්මක වනු ඇත.

බාධක සිතුවිලි ඉවත්කිරීම මට යමක් ලැබෙන විට, තවත් අයට නොලැබී යා හැකිය. මගේ කරුමය නිසා මට යහපත් දේවල් වි`දීමට අයිතියක් නැත. විශ්වය මා හට කිසිවක් නොදෙනු ඇත. ධනවත් මිනිසුන් අයහපත් මිනිසුන්ය. ධනවත් වීමෙන් වැඩක් නැත. මේවා බාධක සිතුවිලිය . ධනවත් මිනිසුන් අතර ඉතා යහපත් ගුණවත් මිනිසුන් සිටිති. සමහර අවස්ථා වල ඔබ විශ්වයෙන් ඉල්ලා යමක් නොලැබීම නිසා විශ්වය කෙරෙහි අවිශ්වාසයක් හෝ කලකිරීමක් ඔබ තුල ඇතිවිය හැක. නමුත් ඔබ එය විශ්වයෙන් ඉල්ලූ අවස්ථාවේ ඔබේ චිත්ත ශක්තියේ ඒකාග‍්‍රතාවයක් නොතිබුණා වන්නට පුළුවන. අනෙක විශ්වය කෙරෙහි විශ්වාසය තැබීම ඉතා වැදගත්ය.

ඔබේ ඉල්ලීම පැහැදිලි විය යුතුය සමහර විට ඔබේ ඉල්ලීම ව්‍යාකූල ස්වභාවයක් ගන්නේ නම් එය විශ්වයට තේරුම් ගත නොහැකිය. ඔබ කිසි විටෙක විශ්වයෙන් අයහපත් ඉල්ලීම් නොකළ යුතුය. එවිට ඔබට ලැබෙන ප‍්‍රතිඵලයද අයහපත් වනු ඇත. ඔබේ ඉල්ලීම කි‍්‍රයාත්මක කිරීමට පෙර සිත ඒකාග‍්‍ර කර ගැනීම ඉතා වැදගත්ය. ඔබේඉල්ලීම විශ්වයට ඉදිරිපත් කිරීමට ප‍්‍රථම, මොහොතක් ගැඹුරු හුස්මක් ගන්න. සිරුර ඉහිල් කරන්න. භාවනාවක යෙදෙන්න.

නිශ්චල සොබා අලංකාරයෙන් යුතු ස්ථානයකට යන්න. නැත්නම් පහනක් හෝ ඉටිපන්දමක් දල්වන්න. ධනාත්මක සිතුවිලි මුදා හරින්න. දැන් ඔබේඉල්ලීම විශ්වයට කියන්න. ඔබේ ඉල්ලීම හඩනගා කියන්න. නැත්නම් ලියා ඔබට පේන තැනක තබන්න. ඔබ එම ඉල්ලීම කළ පසු මොහොතක් එම ඉල්ලීම ලැබුණු විට ඔබේ ජීවිතයට සිදුවන වෙනස පිළිබද සිහින මවන්න. එය ඉතා වැදගත්. පසුව එය අත්හැර දමන්න. ඒ ගැනම සිතන්න එපා විශ්වයට ම`ග පෙන්වීම අවශ්‍ය නොවේ. විශ්වය විසින් ඔබේ ඉල්ලීම ඉටු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරනු ඇත. සමහර විට ඔබ ඉල්ලූ දෙයම වෙනස් ආකාරයකින් ඔබට ලැබෙන්නට පුළුවන. ශි‍්‍රයානි ද සේරම්
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විශ්ව ශක්තිය ලබාගන්න විදිය විශ්ව ශක්තිය ලබාගන්න විදිය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2020 Rating: 5

0 comments:

Post a Comment