නොසිඳෙන දිය බුබුල - තලහගම දිය බුබුල🕳💧🌫 (Thalahagama Water Bubble)

අද අපි කතා කරන්න යන්නේ නියඟයක දී වුව ද නොසිඳෙන ජල උල්පතක් ගැනයි.එය නමින් තලහගම දිය බුබුලයි.

මාතර අකුරැස්සේ තමා මේ බුබුල තියෙන්නේ.මේ බුබුලෙන් පැයකට වතුර ලිටර් 1000කට වඩා පිටවෙනවලූ.

මේ දිය බුබුලේ කතාව මේකයි
දශක ගණනාවකට පෙර මෙම ස්ථානයට නුදුරින් විශාල ජල බුබුලක් තිබිලා තියෙනවා.හැබැයි එම ස්ථානයේ මිනිස් ජීවිත බිලි ගන්නා ස්ථානයක් යැයි ජනතාව අතර භීතියක් ඇති වෙලා තියෙනවා.

ඒ හේතුවෙන් එම ස්ථානයට විශාල දැව කඳන් අලින් ලවා දමා පා ගවා එම ජල බුබුල වහලා දාලා තියෙනවා.

එහෙම වැහුවත් එම ස්ථානයේ පැවති ජල බුබුල ඒ අවට ස්ථාන කීපයකින් මතුව ඇතැයි පැරැන්නෝ පවසනවා.

දැන් වසර කිහිපයකට පෙර එම ජල බුබුල මතුවන තැන කොන්ක්‍රීට් සිලින්ඩර යොදා ගනිමින් සංවර්ධනය කරලා තියෙනවා.දැන් දැන් තරුණ පිරිස් මෙතනට එන්න හරි මනාපයි.

දැඩි නියං තත්ත්වය හමුවේ තලහගම සහ ඒ අවට ගම්මාන වන උග්ගස් හේන , කම්බි අඩිය, විල්පිට, ආදි ගම්මා රැසක ජනතාවට මෙම ජල උල්පත මහත් අස්වැසිල්ලක් වී තිබෙනවා.

හැබැයි මේ දිය බුබුල සුළු ලවන රසයක් ගන්නවා.කොහොම වුනත් මේ බුබුලට කිලෝමීටර් 25කට ඈතින් තමා මහ මුහුද තියෙන්නේ.

ඒ නිසා දිය බුබුල මුහුදත් සමඟ සම්බන්ධව ඇතැයි අනුමාන කරනවා.

ඇතැම් විට මෙම ජල බුබුලෙන් සිප්පි කටු මතුව තිබෙනවා.

හැබැයි ඉතින් ආවට කමක් නෑ පරිසරය විනාශ නොකර ආපහු එන්න වගබලා ගන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

https://instagram.com/travel_for_education

Thalahagama Water Bubble
This is the bubble in Akuressa, Matara.More than 1,000 liters of water per hour in this bubble.

The fountain has been a source of great comfort to the people of Thalahagama and its surrounding villages such as Uggas Hena, Wambiya, Wilpita and many other villages.

But the water bubble tastes slightly salty.Anyway, 25 km away from this bubble, is the ocean.

So the bubble is assumed to be connected to the sea.






උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නොසිඳෙන දිය බුබුල - තලහගම දිය බුබුල🕳💧🌫 (Thalahagama Water Bubble) නොසිඳෙන දිය බුබුල - තලහගම දිය බුබුල🕳💧🌫 (Thalahagama Water Bubble) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2020 Rating: 5

0 comments:

Post a Comment