සාලිය අශෝකමාලා හමු වූ - රන්මසු උයන 🐡❤️🌱💦 (Ranmasu Uyana)

අද අපි කතාකරන්න ‍යන්නේ වර්තමානයේ නටඹුන්ව ඇති නමුත් අතීත රජ දවස සොබා සිරියෙන් අනූන වූ රමණීය පෙදෙසක් ගැනයී.ඒ නමින් රන්මසු උයනයි.

මම අද කතාව පටන්ගන්නේ මේ රන්මසු උයනට මේ නම ලැබුණු හැටි ගැනයි.ඒ කොහොමද දන්නවා ද?

IV වැනි මිහිඳු රජුගේ වෙස්සගිරි සෙල්ලිපියේ සඳහන් ආකාරයට මෙම උයනෙහි පොකුණුවල රන්වන් මත්ස්‍යයින් ඇතිකර තිබෙනවා.

එසේ රන්වන් මත්ස්‍යයින් සිටි බැවින් ‘රන්මසු උයන’ වූ බව එහි සඳහන් වෙනවා.

ඔයාලා දන්නව ද මීට අමතරව මෙම උයනට මඟුල් උයන ලෙසද හඳුන්වනවා.

ඒ රජුන්ගේ සුඛ විහරණය සඳහා මෙම අලංකාර උයන සකසා ඇති බැවින් කියලත් කියනවා.

මේ උයන සාලිය අශෝකමාලා පෙම් කතාවේද එක් සන්ධිස්ථානයක් කියලත් කියනවා.

අතීත පුරාවෘත්තවලට අනුව රන්මසු උයනට ටික දුරකින් අශෝකමාලා විසූ හෙරලෝලිගම නම් ගම්මානය පිහිටා තිබෙනවා.

එහි ජීවත්වූ අශෝකමාලා, සාලිය කුමරුට හමුවන්නේ මේ අලංකාර උයනේදී කියලත් එක් පුරාවෘත්තයක් තියෙනවා.

උතුරෙන් මිරිසවැටි විහාරයෙන්ද, දකුණින් ඉසුරුමුණි විහාරයෙන්ද, බටහිරින් තිසාවැව් තාවල්ලෙන්ද වටවී ඇති රන්මසු උයන අක්කර හතළිහක් පුරා පැවතුණු සුවිශාල භූමි ප්‍රදේශයක් කිව්වොත් නිවැරදී.

ඒ වගේම රන්මසු උයනේ අතිවිශිෂ්ට ජල සැපයුම් ක්‍රමයක් තිබූ බව එහි පවතින නෂ්වටාශේෂ පිරික්සීමේදී පැහැදිලි වෙනවා.

ඒ කියන්නේ අනුරාධපුර යුගයේ ඉදිවු පොකුණු අතර රන්මසු උයන ප්‍රධාන තැනක් ගන්නවා.එයට හේතුව වන්නේ තාක්ෂණික වශයෙන් මෙම පොකුණේ ඇති විශිෂ්ට භාවයයි.මේ ගැන කියන්න තව කතා ගොඩක් තියෙනවා ඉදිරියේ දී තව ලියන්නම්.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Ranmasu Uyana/ Royal Goldfish park
Ranmasu Uyana is a park in Sri Lanka. It sits on approximately 40 acres (16 ha), and is a noted example of Sri Lankan garden architecture of the pre-Christian era.

According to an inscription found in Vessagiriya, the water to the park was supplied by Tessa Wewa and then released to rice fields around Isurumuni Vihara.

It is believed that the Prince Saliya, the son of the great hero king Dutugemunu (161-131 BC) met his future bride to be Asokamala who was of a lower cast of Chandala at this garden.

If this is true, this garden would probably been established right after the other parks were donated.












උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සාලිය අශෝකමාලා හමු වූ - රන්මසු උයන 🐡❤️🌱💦 (Ranmasu Uyana) සාලිය අශෝකමාලා හමු වූ - රන්මසු උයන 🐡❤️🌱💦 (Ranmasu Uyana) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2020 Rating: 5

0 comments:

Post a Comment