බුරුස් ගලේ ලිස්සා ‍යමුද? 🍀🏄‍♂️ (Patna)

අද අපි දෙණියාය පැත්තේ සංචාරයක් දාන්න යමූ ද?මගේ කතාවත් එක්ක මනසින් ඔබ අද දකුණේ නුවරඑළිය ලෙස විරුදාවලිය ලද් දෙණියායට යමූ.

දෙනියාය ප්‍රදේශයෙහි වූ ජෛව විවිධත්වය සහ සුන්දරත්වය නිසා සංචාරකයන් අතර මේ ප්‍රදේශය අතිශය ජනප්‍රිය වී තිබෙනවා.

ඉතින් මේ නිසාම දියමත ලිස්සා ‍යන්න පුලුවන් තැනක් තමා මේ පැට්නා.එහෙමත් නැත්නම් බුරුස් ගල කියලත් කියනවා.

දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි පැට්නා කියන්නේ.

පැට්නා හි තියෙන්නෙත් අපූරු භූ පිහිටීමක්.

සුලු දිය සීරාවක් ගලා එන, පල්ලෙහාට ලිස්සල එන්න පුලුවන් විදිහේ පැතලි විශාල ගලක් මෙහි තියෙනවා.

ඒක හරියට සී සෝ එකක ලිස්සලා පල්ලෙහාට එනව වගේ හැගීමක් තමා තියෙන්නේ.

ඔබ නැරඹියම යුතු වෙනස් විදිහේ තැනක්.

ඒ අපූරු ස්වභාවික අත්දැකීමට මුහුණ දෙන්න තමයි සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැට්නා වෙත ඇදී එන්නේ.

ගිං ගඟ පහලට ජලය ගලා යන තැනකින් ස්වභාවිකව නිර්මාණය වුන මෙම ස්ථානයේ විශාල පිරිසකට එකවර විනෝද වෙන්න පුළුවන් වගේම මේ තැන ඉඳන් ටිකක් පහලට ඇවිදගෙන යද්දී දිය ඇලි කීපයකුත් නරඹන්න පුළුවන්.

ගල ඉහලට නැගලා කට්ටිය එක්ක පේලියට ගල දිගේ ලිස්සල එන්න පුළුවන් වගේම ජල පහරේ නාල විනෝද වෙන්නත් පුළුවන්.

හැබැයි ඉතින් ලිස්සන තැන වැඩිය වැඩ දාන්න ගිහින් දත් එහෙම නැති කරගත්ත අයත් නැතිවාමනොවෙයි. ගියාට කමක් නෑ පරිස්සමින්.

කියන්නම ඕනේ ස්වභාව දහම ගැන තැකීමක් නැති සංචාරකයන්ගේ ඇතැම් ක්‍රියාවන් නිසා මේ සුන්දර ස්ථානය දැන් දැන් අසුන්දර වෙමින් පවතිනවා.

එම නිසා මෙහි යන සංචාරකයන් පරිසරයට හානියක් නොවන අන්දමින් මෙහි විනෝදවීමට වගබලා ගත යුතුයි.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Patna
Patna Sliding Rock, locally know as the Patna Burus Gala is one of the newer destinations discovered local travelers. The location is situated inside Patna Division in Enesalwatta estate belonging to Maturata Plantations in Deniyaya.

At this location the river flows over a number of wide rocks with gentle slopes and at end of the each rock lies a shallow pool. Due to the gentle water flow over the smooth rock surface, number of natural water slides are created on the rock.









උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බුරුස් ගලේ ලිස්සා ‍යමුද? 🍀🏄‍♂️ (Patna) බුරුස් ගලේ ලිස්සා ‍යමුද? 🍀🏄‍♂️ (Patna) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2020 Rating: 5

0 comments:

Post a Comment