ජින්නා සහ උපාලි පැනගිය - මඩොල් දූව 🏝🏕 (Madol Duwa)

අද අපි කියන්න යන්නේ නවකතාවක් නිසාම මතකයේ රැදුණු දූපතක් ගැන.එහෙම කිව්ව ගමන් ඔයාලා දන්නවා ඇති අද අපේ කතාව මඩොල් දූපත තමා.

කොග්ගල කලපුව මැද්දේ තමා මේ මඩොල් දූව පිහිටල තියෙන්නේ.මේ කලපුවත් විශේෂයි ශ්‍රී ලංකාවේ එකම ස්වාභාවික කලපුව වන මෙහි ජලය ලැබෙන අතු ගංගා දිය ඇලි කිසිවක් නැහැ.ස්වාභාවිකව උනන ජලයෙන්ම පමණක් කලපුව පිරී තිබෙනවා.

මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ මඩොල් දූව පොත ඔයාලා කියවලා ඇති නේද? එහෙනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

මඩොල් දූව පැත්තෙ යනව නම් උදේ පාන්දරම නැත්නම් හවස් යාමේ යන්න. එහෙම ගියොත් මඩොල් දූවේ අසිරිය අඩුවක් නැතුව විඳගන්න ඔබට ඉඩක් ලැබෙනවා.

බොට්ටුවෙන් මඩොල් දූවට ළඟා වෙන අයෙක්ට කඩොලාන වගුරක් අතරේ සැඟ වී තිබෙන තොටුපළ දැක ගැනීමට පුළුවන්.

මේ සවාරිය හබල් ඔරුවක ගියොත් නම් තවත් මරු. හැබැයි පරිස්සමින්.මතකයිද ජින්නායි, උපාලියි ඔරුවේ නැගලා පැනලා යන විදිය.කතාවෙ හැටියටම අදටත් මඩොල් දූව සර්ප විමානයක් නම් තමයි. ඒ නිසා පරිස්සමට යන්න.

මඩොල් දූවෙ ඇවිදින්න තියෙන හැම ඉසව්වකම හිත්පුරා ඇවිදින්න ඔයාලට පුලුවන්.

මඩොල් දූවේ තියෙන පොල් ගස් තුන හතර අපිට යළි යළිත් උපාලිත් ජින්නත් සිහිකරනවා.

මඩොල් දූව වටේට තව දූපත් කිහිපයක්ම තියෙනවා. දැන් නම් මඩොල් දූවේ එන අයට කුරුම්බා බොන්න අවස්ථාව තියෙනවා. එක මාමා කෙනෙක් මේ දූපතේ ඉන්නවා සමහර වෙලාවට කුරුම්බා විකුණන්න.

දූපතට ඇතුළ් වූ තැන සිට ඊතල වලින් මාර්ගය සටහන් කර තිබෙනවා.

දූපත මුදුනට නැඟ ගත් විට සෙක්කුවක් හා පාළු ළිඳක් හමුවෙනවා. හැබැයි කියන්න කනගාටුයි මේ ලිදම පොලිතින් ටින් බෝතල් කුණු වලක් වෙලා.අපි ඇයි මෙහෙම කරන්නේ තමන් අරන් යන දෙයක් නිසි ආකාරව බැහැර කරන්න බැරි ඇයි?ඔබෙන්ම අහන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Madol Duwa


Koggala is one of the famous tourists’ attraction places in Sri Lanka. It is located on the southern coast of Sri Lanka. Visitors can enjoy the boat trips in the lagoon and Koggala Lake to explore other tiny islands and the biodiversity around the Koggala site. Madol Duwa is one of seven islands located on the Koggala Lake. A boat ride down the lake is soothing. When you reach the town of Koggala, you will find many hand-written signs that will lead you towards ‘Madol Duwa’. Madol Duwa is located is just 30 minutes south of Galle. Once you reach the island, you will notice a well-used path that will take you around the island. It is a surprisingly small island that can be explored within a few minutes. However what is most fascinating is that this island blossomed in the imagination of Mr. Wickramasinghe.












උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජින්නා සහ උපාලි පැනගිය - මඩොල් දූව 🏝🏕 (Madol Duwa) ජින්නා සහ උපාලි පැනගිය - මඩොල් දූව 🏝🏕 (Madol Duwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2020 Rating: 5

0 comments:

Post a Comment