පර්වතයෙහි නෙලූ - ගල්විහාරය☸️(Gal Vihara)

අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ තියෙන තවත් පෞරාණික ස්ථානයක් ගැනයි.ඒ නමින් පොළොන්නරුව ගල් විහාරයයි.

පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 12 වන සියවසේදී කරවන ලද උත්තරාරාමය තමා අද ගල් විහාරය ලෙස හැඳින්වෙන්නේ...

මෙය සෑම අතකටම බෑවුම්වූ පර්වතයක් කපා පිළියෙළ කරන ලද පිළිම කිහිපයකින් යුත් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් කිව්වොත් නිවැරදී..

මැටි හෝ බදාම භාවිතා නොකර ගල් පර්වතයක තමා මේ බුද්ධ ප්‍රතිමා නෙලලා තියෙන්නේ...ඒ අනුව තනි කළු ගල් පර්වතය කොටස් තුනක් වශයෙන් වෙන්කර, විජ්ජාධර ගුහාව, නිසින්න පටිමා ලෙන, නිපන්න පටිමා ලෙන වශයෙන් නම් කර තිබෙනවා...

මේ ගුහා තුල පිළිම හතරක් නිර්මාණය කර තිබෙනවා.

1. වැඩ හිඳිනා ලොකු සමාධි පිළිමය
2. වැඩ හිඳිනා කුඩා සමාධි පිළිමය
3. හිටි පිළිමය
4. සැතපෙන හෙවත් පරිනිර්වාණ පිළිමය වශයෙනි.
අපට නම් කරන්න පුලුවන්.

වර්තමානය වන විට අපට ගල් විහාරයේ බුදු පිළිම වහන්සේලා දකින්නට ලැබෙන්නේ එළිමහනේදී වුවද අතීතයේ ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද පොදු ගොඩනැඟිල්ලකින් හෝ කුඩා ප්‍රතිමා ගෘහවලින් ආවරණය කර තිබෙන්නට ඇති බවට සාධක පවතිනවා...

වැඩ හිඳිනා ලොකු සමාධි පිළිමය☸️

ගල්විහාර පුදබිමට ඇතුළු වන විට මුලින් දක්නට ලැබෙන මෙය ඉඳි පිළිමයකි.පිළිමයේ උස අඩි 15 යි අඟල් 2 ½ කි.

වැඩ හිඳිනා කුඩා සමාධි පිළිමය☸️
දෙවැනි ප්‍රතිමාව වන මෙය පිහිටි ගලෙන්ම ගුහාවක් තුළම නිර්මාණය කර තිබෙනවා.මේ පිළිමයේ උස අඩි 4 යි අඟල් 7 ක් වන අතර ප්‍රභා මණ්ඩලය අඩි 1 යි අඟල් 9 1/2 කි.

සැතපෙන හෙවත් පරිනිර්වාණ පිළිමය☸️
දිගින් අඩි 46ක් හා අඟල් 11 ක් වන මෙමගින් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයයි.

හිටි පිළිමය☸️
ගල් විහාරයේ දක්නට ලැබෙන ආකර්ශනීයම පිළිමය මෙයයි. අඩි 22 යි අඟල් 9 උස වූ මෙම පිළිමය ද්විභංග ඉරියව්වෙන් නිමවා තිබෙනවා. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ, වෙනත් කිසිම තැනක, කිසිම පිළිමයක දක්නට නොලැබෙන මුද්‍රාවක් මෙහි දක්නට ලැබීමයි.

බුදුන් වහන්සේගේ ජිවන චරිතයේ වැදගත් අවස්ථා තුලින් ශ්‍රද්ධා භක්තියත්, අනිත්‍ය පිලිබඳ අදහසත්, බොදු සිත් තුළ ඇති කිරීමට පොළොන්නරු යුගයේ හෙළ කලා කරුවා ගෙන ඇති උත්සාහය අතී මහත්....
Gal Vihara
Gal Vihara (Sinhala: stone temple), Buddhist Temple at (UNESCO World Heritage Site) at Polonnaruwa, Sri Lanka is the most perfect specimen of Buddha statue hewn out of solid stone. Crafted during the reign of King Parakrabahu (1153-1186 A.C), Gal Vihara statues are still in complete preservation with their irresistible charm and sublimity.

Gal Vihara at Polonnaruwa in Sri Lanka known as “The Northern Temple” in the beginning of its history, is a cave complex, about 27 meters in length and 10 meters in height at the centre and sloping towards the ends, with sculptures carved on the solid rock in four shrines.

Caves of Gal Vihara
Gal Vihara consists of four cave shrines with sculptures hallowed out of a granite rock.Caves from left to right are

(a) Cave of Vijjadharas,
(b) Excavated Cave,
(c) Cave of Standing Image and
(d) Cave of Reclining Image.
Between the Excavated Cave and the Cave of Standing Image is an inscription. In front of the Excavated Cave are remains of a pavilion.

Though the brick walls of the four shrines had collapsed centuries ago, the foundations remain giving evidence that each statue was separated from one another.










උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පර්වතයෙහි නෙලූ - ගල්විහාරය☸️(Gal Vihara) පර්වතයෙහි නෙලූ - ගල්විහාරය☸️(Gal Vihara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2020 Rating: 5

0 comments:

Post a Comment