දියුණු වෙන්න ක්‍රම 5ක් | Your Choice Way

ඔබ නිතරම ඔබගේ නිවස පවිත්‍ර කරනවා වෙන්නට පුලුවන්.ෆෙන්ග් ශුයි ක්‍රමවේදයට අනුව ඔබගේ නිවස නිවරදිව සුද්ධ පවිත්‍ර කර ගැනීමෙන් ඔබගේ වාසනා ගුණය දෙගුණ කර ගත හැකි බව ඔබ දන්නවාද? ඔබත් ෆෙන්ග්ශුයි ශාස්ත්‍රය විශ්වාස කරන කෙනෙක් නම් ඔබ මග නොහැරිය යුතු එකක් වෙනවා.මේ ලෝකයේ ජීවත් වන අපි සියලු දෙනාම කැමති වෙන්නේ වාසනාවන්ත යස ඉසුරින් පිරි ජීවිතයක් ගත කිරීමටයි.එවැනි ජීවිතයක් ලබා ගැනීමට ඔබට උදව් වන ෆෙන්ග් ෂුයි රහස් පහක් මේ වීඩීයෝවේ අන්තර්ගත වෙනවා.මේ ආකාරයට ඔබගේ නිවස පිරිසිදු කර ගැනීමට ඔබත් උත්සාහ ගන්නේ නම් ඔබටත් ඉතා පහසුවෙන් වාසනාව සහ ධනය ඔබ වෙත කැදවා ගන්නට පුලුවන්.

අංක එක – ඔබගේ ඇද යට පිරිසිදු කරන්න. ඔබ නිදාගන්නා ඇද කියන්නෙ අපේ පුද්ගලික ශක්තිය වැඩි වශයෙන් බද්ධ වී ඇති ස්තානයක්.නමුත් ඇද යට පිරිසිදු කිරීම කියන්නේ අපි බොහෝ දෙනෙක් නිතරම අමතක කර දමන දෙයක්.ඔබගේ ඇද යටට මදක් එබී බලන්න. වසර තුනක පමණ කාලයක් තිස්සේ භාවිතයට නොගත් දේවල් ඔබ ඇද යට ගබඩා කර තිබේ නම් ඒවා වහාම ඉවත් කරන්න.හැකි නම් ඒවා භාවිතයට ගත හැකි කෙනෙකුට පරිත්‍යාග කරන්න.ඔබ නිදන ඇද යට අපිළිවෙල ස්වාභාවයක් ගැනීම ඔබගේ ජීවිතයටත් පුද්ගලික සබදකම් වලටත් කිසිසේත්ම යහපත් වන්නේ නැහැ.නිදන ඇද යට තිබෙන භාවිතයට නොගන්නා දේවල් ඉවත් කිරීමෙන් පසු එහි ඇති දුහුවිලි සහ මකුළු දැල් කඩා දමන්න.හොදින් අතුගා දමන්න. නිතරම නිවස අතු ගා පිරිසිදු කරන විට මින් පසු ඇද යට පිරිසිදු කිරීමත් අමතක කරන්නට එපා.

අංක දෙක – ඇදුම් අල්මාරිය පිරීස්දු කරගන්න.ඔබගේ නිදන ඇද යට පරීක්ෂා කලාක් මෙන් ඔබගේ ඇදුම් අල්මාරිය පරීක්ශා කරන්න. එහි වසර ගණනක් එනම් වසර තුනකට ආසන්න කාලයක් ඔබ භාවිතා නොකල ඇදුම් වෙන් කරගන්න.එසේම ඔබගේ අල්මාරියේ තිබෙන තව දුරටත් ඔබට ඇදිය නොහැකි ඇදුම්ද වෙන් කරගන්න.ඒවායින් කෙනෙකුට භාවිතයට ගත හැකි ඇදුම් සියල්ල පරිත්‍යාග කිරීමට වෙන් කර තබන්න.ඉන්පසුව දිනපතා අදින ඇදුම්, විශේෂ අවස්තාවකට අදින ඇදුම් සහ සාමාන්‍ය ගමනකට අදින ඇදුම් වෙන් කර තබගන්න.ෆෙන් ශුයි වල සදහන් වන්නේ ඔබගේ ඇදුම් අල්මාරිය සම්පූර්‍ණයෙන්ම පිරී තිබීම අහිතකර බවයි.එයට හේතුව වන්නේ ඔබට නව අවස්තාවන් සදහා ඉඩක් නොමැති වීමයි. මෙය ඔබගේ නිවසට, කාමරයට මෙන්ම අල්මාරියටද එකසේ බලපෑමක් ඇති කිරීමට සමත් වෙනවා.එසේම ඔබ භාවිතයට නොගන්නා සපත්තු සහ සෙරෙප්පුත් මේ ආකාරයටම ඉවත් කිරීමට වග බලාගන්න.ඉන්පසු ඇදුම් අල්මාරියේ දුහුවීලි පිස දමා ඔබගේ ඇදුම් පිලිවෙලින් ස්තාන ගත කරන්න.අවශ්‍ය නම් කපුරු බෝල කිහිපයක්ද ඇදුම් අල්මාරිය තුලට දමන්න.

අංක තුන – ශීතකරණය පිරිසිදු කරගන්න.ඔබගේ නිවසේ තිබෙන වඩාත්ම වැදගත් ගෘහ භාන්ඩයක් වන්නේ ශිතකරණයයි.ඔබගේ නිවසේ සියලු දෙන ආහාර්‍යාට ගන්නා ආහාර ගබඩා කර තිබෙන ස්තානය මෙයයි. එනම් නිවසේම පෝශණය එක තැනක තිබෙනවා නම් ඒ ශීතකරනය තුලයි.ඔබගේ ශිතකරණය හොදින් පිරිසිදු කර එය අනවශ්‍ය ලෙස හිස්වත් අනවශ්‍ය ලෙස පිරිවීමෙනුත් වලකින්න.ඔබගේ නිවසට වාසනාව සහ ධනය ලබා ගැනීමට නම් ඔබට ඔබගේ ශීතකරණය හොදින් පිරිසිදු කර හොදින් කළමණාකරණය කරගත යුතු වෙනවා.ශීතකරණය තුල තිබෙන නරක් වූ සහ කල් ඉකුත් වූ සියල්ල වහාම ඉවත් කරන්න.ශීතකරණය ඇතුලත පිරිසිදු කර ගැනීමේදී විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම්නෙ වලකින්න.ඒ සදහා බේකින් සෝඩා සහ විනාකිරි මිශ්‍රණයක් සමග ජලය භාවිතා කරන්න. අවශ්‍ය නම් මෙයට කපුරු තෙල් ස්වල්පයක්ද එකතු කරගන්න.මේ සියල්ල අවසානයේ ඔබගේ ශීතකරනය තුල බේකින් සෝඩා ස්වල්පයක් සහිත භාජනයක් විවෘතව තබන්න. එමගින් ශීතකරණයේ ඇති සියලුම දුර්ගන්ධයන් උරා ගැනීම සිදු වෙනවා.මේ ආකාරයට හැකි සෑම විටම ඔබගේ ශීතකරණය පිරිසිදුව තබා ගන්න.

අංක හතර – දොර ජනෙල් විවර කර පිරිසිදු කරන්න.ඔබගේ නිවසේ තිබෙන ජනෙල් මගින් නිවසේ වාසය කරන පුද්ගලයන්ගේ ඇස් සහ මුඛයන් නිරූපණය වනවා.මේ නිසා නිවසේ ජනේල හොද තත්වයෙන් පවත්වා ගැනීම වඩාත් වැදගත් වෙනවා.ජනෙල් වල දුහුවිලි සහ කුණු බැදී තිබීම ඔබ සහ ලෝකය අතර තිබෙන සන්නිවේදනය දුර්වල කරනු ලබනවා.මේ නිසා ජනෙල් වල වීදුරු සහ ජනෙල් රාමු හොදින් පිරිසිදුව පවත්වා ගන්න.මේවා පිරීසිදු කිරීම සදහා විනාකිරි කෝප්ප් එකක්,සහ ජලය කෝප්ප එකක් මිශ්‍ර කර ද්‍රාවණයක් සකස් කර ගැනීමට ඔබට පුලුවන්.මේ මිශ්‍රණය භාවිතා කර ජනෙල් රාමු සහ වීදුරු හොදින් පිරිසිදු කරගන්න.ඔබගේ ජනෙල් පිරිසිදු සහ දීපහ්ටිමත් වන තරමට ඔබට පැහැදිලිව ලෝකය දෙස බැලිය හැකි බව මතක තබා ගන්න.

අංක පහ – ඉදිරිපස දොර පිරිසිදුව තබා ගන්න.ඔබගේ නිවසට ඇතුල් වන දොර ඉදිරියට යන්න. ඒ දෙස හොදින් බලන්න.ඔබගේ නිවසට ඇතුල් වන දොර කුණු සහ දුහුව්ලි වලින් පිරී තිබීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ.මේ දොර උලුවස්සේ සහ කුඩා දාර වල සිරවී තිබෙන කුණු සහ දුහුවිලි පිරිසිදු කරගන්න.ඉන්පසු දොර ඉදිරියෙන් කුඩා පාපිස්සක් දමන්න. එය පිරිසිදුව තිබීම අත්‍යාවශ්‍ය වෙනවා.ඔබගේ පාපිස්ස පැරණි වී තිබේ නම් ඒ වෙනුවට නව පාපිස්සක් මිලදී ගන්න.ඔබගේ දොර අරිනවිට කිරි කිරී ශබ්දයක් එයි නම් එයට ලිහිසි තෙල් ස්වලපයක් දමන්න.ඔබ නිතර ඇතුල් වන දොරටුව පිරිසිදුව සහ දිස්නය දෙන අන්දමින් තබා ගන්න.එවැනි දොරටුවකින් ඇතුල් වීම ඔබට සුබවාදී හැගීමක් ඇති කරවීමට සමත් වෙනවා.

අපි ඔබ වෙත ගෙන ආවේ ඔබගේ නිවසට වාසනාව ගෙන එන ෆෙන්ග් ෂුයි රහස් පහක් පිලිබදවයි. මේවා අනුගමනය කිරීම ඔබට අපහසු වන්නේ නෑ. එදිනෙදා නිවස පිරිසිදු කරන විට ඔබගෙ අදුම් අල්මාරියට,නිවසේ ඉදිරිපස දොරට සහ නිදන ඇදන් යටට අවධානය යොමු කරන්න.ඉහත සදහන් කර ඇති පරීදි ඔබගේ නිවස පිරිසිදුව තබා ගන්න. ඔබගෙ යහලුවන් අතර ශෙයා කරන්නත් ලයික් කරන්නත් අමතක කරන්නට එපා.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දියුණු වෙන්න ක්‍රම 5ක් | Your Choice Way දියුණු වෙන්න ක්‍රම 5ක් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 15, 2020 Rating: 5

0 comments:

Post a Comment