පුහුල් දෝසි (Puhul Dosi) - Your Choice Way

පුහුල් දෝසි කියන්නේ අපි හැමෝම කන්න කැමති කෑමක්නේ ඉතින් අද අපි හිතුවා ගොඩක් අයගේ ඉල්ලීම පරිදි පුහුල් දෝසි හදන විදිය කියලා දෙන්න ඕනේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • අලුත් පුහුල් 500g ක කෑල්ලක්.
  • බුලත් විට සඳහා පාවිච්චි කරන හුණු තේ හැදි 1
  • සීනි 500g
සාදන ආකාරය:
  1. මුලින්ම කළ යුත්තේ පුහුල් කෑල්ල ගෙන එහි පොත්ත සහ ඇට කොටස සමඟ ඇති මෘදු කොටස් සියල්ලම ඉවත් කර ගැනීමයි. දෝසි සඳහා හයිය ගතිය ඇති පුහුල් මදය පමණක් යොදා ගනී. දැන් එය අඟලක පමණ දිග පළල පිහිටන ආකාරයට කෑලි කපා ගන්න. ඉන්පසු ගෑරුප්පුවක් හෝ Toothpick (ටූත් පික්) එකක් ගෙන කෑලි නොකැඩෙන සේ පුහුල් කෑලි සිදුරු කර ගත යුතු ය. මෙසේ සකස් කර ගත් පුහුල් කෑලි ටික පසෙකින් තබා ගන්න.
  2. වෙනත් භාජනයකට පුහුල් කෑලි වැසෙන ප්‍රමාණයට තරම් ප්‍රමාණවත් ජලය ගෙන තේ හැන්ද දමා හොඳින් මිශ්‍ර කරගන්න. හුණු ටික හොඳින් දිය වූ පසු සකස් කරගත් පුහුල් කෑලි ටික දමා පියනකින් වසා පැය 12 ක් පමණ පෙඟෙන්න හරින්න.
  3. ඊට පසු හුණු වතුර ටිකෙන් පුහුල් කෑලි ගොඩට ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදාගන්න. මෙසේ තුන් හතර වතාවක් හොඳින් පිරිසිදු ජලයෙන් සෝදාගත යුතු ය. සෝදාගත් පුහුල් කැබලි ටික පසෙකින් තබා ගන්න.
  4. පුහුල් කැබලි ටික භාජනයකට දමා තම්බා ගත යුතුය. ඒ සඳහා ගැලපෙන සාස්පානක් ගෙන පුහුල් කැබලි ටික දැමූ පසු හොඳින් වැසෙන පරිදි අවශ්‍ය ප්‍රමාණයට ජලය දමන්න. දැන් භාජනය ලිප මත තබා හොඳින් ගින්දර දමා වතුර ටික රත් කරගන්න. හොඳින් පැසෙන රත් වූ උණු වතුරට පුහුල් කැබලි ටික එකතු කරන්න. පුහුල් කැබලි වල සුදු පාට ගතිය ඉවත් වී විනිවිද පෙනෙන ගතිය (Crystal ගතිය) ඇතිවෙන තෙක් තම්බා ගන්න.
  5. මෙසේ තම්බා ගත් පුහුල් කැබලි ටික ඒ භාජනයෙන් පිටතට ගෙන නැවත සෝදාගන්න. ඉන්පසු එය පෙනේරයක් මත තබා දිය සිඳෙන්න අරින්න.
  6. මෙසේ පුහුල් කැබලි ටික පසෙකින් තබා තාච්චියක් ගෙන එයට වතුර ස්වල්පයක් දමා ලිප මත තබන්න. වතුර රත් වී ගෙන එන විට ලිපේ ගින්දර අඩුකර අපි ගන්නා ලද සීනි 400g ටිකෙන් ටික එකතු කර හොඳින් දිය කරගන්න. හොඳින් දිය වූ පසු තම්බාගත් පුහුල් කැබලි ටික එක්කරන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබා හොඳින් සීනි ද්‍රාවණයේ තම්බා ගන්න.
  7. එවිට ටිකෙන් ටික සීනි ද්‍රාවණය හකුරු ගතිය සෑදීමට පටන් ගනී. ඒ වගේම පුහුල් කැබලි වල ජලය ද ඉවත්වේ. මෙසේ පුහුල් කැබලි වල සීනි ආවරණය එන තෙක් තම්බා ගන්න. ඉන් පසු ලිප වසා පුහුල් කැබලි සීනි ද්‍රාවණය තුළම පැය දොළහක් පමණ තබන්න. එවිට පුහුල් වල ඇති ඉතිරි ජලය ද ඉවතට පැමිණේ.
  8. මෙසේ සකසා ගත් පුහුල් කැබලි සහිත භාජනය ඊළඟ දවසේ නැවත ලිප මත තබා රත් කරන්න. පුහුල් කෑලි වල හොඳින් සීනි ආවරණය සෑදෙන තෙක් මිශ්‍ර කරමින් මධ්‍යම ගින්දරේ පිස ගන්න.පසුව පුහුල් ටික වෙනත් භාජනයකට දමාගන්න.ඊට පස්සේ සිනී 100g පමණ නැවත සිනී කැරමල් කරපු ඒ භාජනයටම දාලා අයේ පුහුල් කෑලි ටික දාලා මිශ්‍ර කරගන්න. අවසානයේ සීනි හොඳින් තැවරුණු පසු වෙනත් තැටියකට දමා නිවෙන්නට හරින්න. විදුලි පංකාවක් උපයෝගී කරගෙන ඉක්මණින් නිවා ගත හැක.
මේ විදියට හදලා ගෙදර අයත් එක්ක රස විදලා බලන්න කොහොමද කියලා.පොඩි ලොකු හැමෝම ආස කෑමක් නිසා හැමෝම අසාවෙන් අහාරයට ගනී.
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පුහුල් දෝසි (Puhul Dosi) - Your Choice Way පුහුල් දෝසි (Puhul Dosi) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2020 Rating: 5

0 comments:

Post a Comment