මිනි පීසා (Mini Pizza) 01

ඔන්න දැන් අපි කියලා දෙන්න යන්නේ රසම රස මිනි පීසා හදාගන්නේ කොහොමද කියලා.බලන්නකෝ එහෙනම් හදන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පිටි 650g
  • යීස්ට් තේ හැඳි 2ක්
  • සීනි තේ හැඳි 2ක්
  • වතුර කෝප්ප 1/2ක්
  • තවත් වතුර කෝප්ප 1 3/4ක්
  • ඔලිවූ තෙල් මේස හැඳි 2ක්
  • ලුණු තේ හැඳි 1 1/2ක් https://www.yourchoiceway.com/
  • තක්කාලි පුරි කෝප්ප 1ක්
  • රතු බෙල් පේපර් 1ක්
  • කහ බෙල් පේපර් 1ක්
  • බ්ලැක් ඔලිවූ 20ක් පමණ
  • ලොකු ළුණු ගෙඩියක්
  • පොඩි සොසේජස් පැකට් 1ක්
  • චීස් 250g
https://www.yourchoiceway.com/
සාදාගන්නා ආකාරය :
  1. මුලින්ම යීස්ට් හා සීනි මඳ රස්නයෙන් යුතු වතුර කෝප්ප 1/2කට කවලම් කර විනාඩි 10-15ක් පමණ පැත්තකින් තියලා පිපෙන්නට හරින්න.
  2. ඊට පස්සේ පාන් පිටි වලට 4ඒ ඊස්ට් මිශ්‍රණයයි, ඔලිවූ තෙල්, ලුණු හා වතුර කවලම් කරමින් හොදින් අනාගන්න ඕනේ. පිටි බෝලයක් වන තුරු අනාගන්න. 
  3. ඊට පසු පැයක් පමණ පිපෙන්නට හරින්න.
  4. ඉන්පසු ඒ පිටි බෝලය කඩලා කුඩා බෝල කිහිපයක් සාදාගන්න.
  5. දැන් පීසා බේක් කරගන්න අවන් එකට දාන්න පුළුවන් තැටියක් අරගෙන තැටිය මත ඔලිවූ තෙල් තවරාගන්න.
  6. ඉන්පසුව පොඩි පිටි බෝල අරගෙන තැටිය මත තියලා රොටියක් වගේ තුනී කරගන්න.(ගොඩක් තුනී කරන්න එපා) https://www.yourchoiceway.com/
  7. ඉන්පසුව ඒ මතට තක්කාලි පුරි දමාගන්න.
  8. ඊට පස්සේ එකට උඩින් බෙල් පේපර් දමාගන්න.
  9. පසුව සොසේජස් දමාගන්න.
  10. දැන් බ්ලැක් ඔලිවූ හා ලුණු දමා අන්තිමට චීස් ඉසින්න.
  11. මෙය තව පැය 1/2ක් තබා, සෙල්සියස් අංශක 350 උෂ්ණත්වයට කලින් රත්කළ අවන් එකක විනාඩි 10ක් බේක් කරගන්න.
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිනි පීසා (Mini Pizza) 01 මිනි පීසා (Mini Pizza) 01 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2020 Rating: 5

0 comments:

Post a Comment