Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


Lagna Palapala 2020-05-16 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 16 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 05.54 ට
ඉර බැසීම - පස්වරු 18.21 ට

රාහු කාලය
දිවා 08.54 සිට 10.23 දක්වා
රාත්‍රී 20.54 සිට 22.23 දක්වා

සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
සිහි නුවණින් වැඩ කටයුතු ආරම්භ කළ හැකි දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීමේ ශක්තියක් ඇති වේ. සූදු ක්‍රීඩාවේ යෙදෙන්නන්ට ජය ලැබීමේ හැකියාවක් පවතී. ලේඛන කලාවට සම්බන්ධ වෘත්තිකයින් වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවන තත්ත්වයක් මතු වේ. ප්‍රේම සබඳතාවලට එතරම් සුබදායි අවස්ථාවන් නැත. දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායී ආරංචියක් ලැබේ. කෘෂිකාර්මික කටයුතුවල නියැළි පුද්ගලයන්ට වඩාත් වාසිදායක වේ. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
දවස ආරම්භයේ සිට ක්‍රියාශීලීභාවයෙන් තොර දිනයකි. කල් අල්ලා පවතින අසනීප තත්ත්වයන් සුව වේ. ප්‍රේම සබඳතාවලට වැඩිහිටි ආශිර්වාදය නොලැබීමෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වේ. තම ආකල්ප ඉදිරිපත් කිරීමේ දී අන් අයගේ එකඟතාවන් අඩු වේ. උසස් අධ්‍යාපනය සඳහා උදව් උපකාර ලැබේ. නීතිය, තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් කෙරෙහි යොමු වූ අයට විශේෂ වේ. වියදම් අඩු වීමෙන් සිතට සැනසිල්ලක් ඇති වේ. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
කලක් තිස්සේ උත්සුක ඉල්ලීමක් දිනා ගැනීමට හැකි දිනයකි. අන්‍යෝන්‍ය අවබෝධයකින් වැඩ කටයුතු කිරීමේ නැඹුරුවක් ඇති වේ. රූපලාවණ්‍ය විලාසිතා කෙරෙහි යොමු කෙරේ. මුත්‍රා රෝග වැනි ලෙඩවලින් මිදීමට හැකි වේ. උදරය සම්බන්ධ රෝගී තත්ත්වයක් උත්සන්න විය හැකිය. තම ඥාති සහෝදරයකු සමඟ ගැටළු ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති වේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමක් හෝ අතපසු වීමක් දක්නට ලැබේ. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ ද ප්‍රතිඵල හීන කරයි. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
මංගල යෝජනාවක් පිළිබඳ අදහස් වෙනස් වීමේ තත්ත්වයක් මතු වේ. ප්‍රේම සබඳතාවලට බලාපොරොත්තු සඵල නොවන දිනයකි. ව්‍යාපාරික කටයුතු අසාර්ථක වීමෙන් ආදායම් තත්ත්වය පහළ යනු ඇත. රැකියාවේ  ස්ථීරත්වය  සහ උසස්වීම් අපේක්ෂා කළ හැකි දිනයකි. පියාගේ උරුමයට හිමිකමක් ඇති වන අවස්ථාවන් උදා කරයි. ඉඩකඩම් දේපළ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතු වීමට ඉඩ ඇත. මව මුල් කරගත් කටයුතුවල දී බාධා මතු වේ. බද්දට දීම, කුලියට දීම වැනි කටයුතුවලට වඩාත් සුබදායක වේ. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
ප්‍රිය මනාප පෙනුමක් මතු කරන දිනයකි. තමාගේ නමට ලැබෙන ප්‍රසිද්ධිය සහ ගෞරවය තීව්‍ර කෙරෙන සාධක යෙදේ. උත්සාහවන්තව වැඩ කටයුතු කිරීමට සිත යොමු වේ. කල්ගත වූ අසනීප තත්ත්වයක් සුව අතට හැරීමේ නැඹුරුතාවක් පවතී. රැකියා කරන ස්ථානයේ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතී. රැකියාවේ ස්ථාවරත්වය පිළිබඳව ද ප්‍රවේශම් විය යුතුය. මුදල් තත්ත්වය යහපත් වනු ඇත. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳ බලාපොරොත්තු සහගතව සිටින අය හට සතුටුදායක ආරංචියක් ලැබේ. ආදරය දිනා ගැනීමට හැකි වීම සහ ආදර සබඳතා වර්ධනය වන දිනයකි. ආදායම් තත්ත්වය ඉහළ යෑමෙන් ඔබගේ මූල්‍ය ගැටලු නිම කිරීමේ මහඟු අවස්ථාවන් උදා වේ. නමුත් ඔබගේ දරුවන්ට එතරම් යහපත් නොවේ. ඇස් සම්බන්ධ රෝගාබාධවලින් ප්‍රවේශම් වියයුතු දවසකි. සිහි කල්පනාවෙන් තොරව වැඩ කටයුතු කිරීමෙන් පාඩු සිදුවිය හැකිය. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
බුද්ධිමත්භාවයෙන් සහ සිහි කල්පනාවෙන් තොරව වැඩ කටයුතු කරන දිනයකි. ශරීර සෞඛ්‍ය පිළිබඳව ද ගැටළුකාරී තත්ත්වයන් මතු වේ. ඉගෙනීමට ඇති කැමැත්ත, ආශාව හීන කරයි. තමා සන්තක දේපළ හෝ තමා සතු වීමට ඇති දේපළ පිළිබඳ දැඩි ලෝභ සිතුවිලි මත ක්‍රියා කරයි. ජනප්‍රියත්වය ලබා ගැනීම සඳහා තම මතය නිර්භීතව ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීමක් දක්නට ලැබේ. ගොවිපලවල් ආශ්‍රිත රැකියාවල නිරත අයට වැඩි වාසි අත්කර ගැනීමට හැකි දවසකි. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
සිත එකඟ කර ගැනීමේ ශක්තියක් පවතින දිනයක් බැවින් කලබලකාරී තත්ත්වයෙන් තොරව වැඩ කටයුතු කිරීමේ හැකියාවක් පවතී. අලුත් ඇඳුම් පැළඳුම් මිල දී ගැනීමට අපේක්ෂා කරන දවසකි. මුත්‍රා ආබාධ, සැරව සහිත ගෙඩි වැනි රෝග සුව වීමේ ප්‍රවණතාවක් ඇති කරයි. ප්‍රේම සබඳතා හා විවාහ අපේක්ෂකයන්ගේ ප්‍රාර්ථනා සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් මතු කරයි. ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. කෘෂිකාර්මික කටයුතුවල නියැළෙන අයට වාසිදායක වේ. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු
වෙනදාට වඩා තම කායික පෙනුම පිළිබඳ කැපවීමක් දක්වන දිනයකි. ධනය ලැබීමේ අඩු භාවයක් පෙන්නුම් කරයි. ව්‍යාපාරික කටයුතුවලට වඩාත් උනන්දු විය යුතුය. ලෙඩ දුක් සුව කර ගැනීමේ හැකියාවක් වෙනදාට වඩා පවතී. විවාහ අපේක්ෂකයන්ට සුබ වාතාවරණයක් නිර්මාණය වේ. උසස් පුද්ගලයෙකුගේ ඇසුර ලැබීමේ භාග්‍ය උදා වේ. බාල සහෝදරයකුගෙන් හෝ මිතුරෙකුගෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. ගායන ක්ෂේත්‍රයේ වැඩමුළු, විවිධ සංදර්ශනවලට සහභාගි වන අයට ජය ගැනීමට පහසු වේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
එඩිතර තීන්දු ගැනීමට පසුබට නොවී ක්‍රියා කරයි. ජීවිතයේ තමාට හිමි ස්ථාවරත්වය රැක ගනී. ආදායම් තත්ත්වය මඳක් ඉහළ යයි. ප්‍රකාශන කටයුතුවල නියැළි පුද්ගලයන්ගේ රැකියා කටයුතු සාර්ථක වේ. ආදර සබඳතා බිඳ වැටේ. දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ කුසලතාවයන් කෙරෙහි ගැටලුකාරී තත්ත්වයන් මතු කෙරේ. දේපළ වැඩි දියුණුවට පත් වේ. මිත්‍ර ඇසුර වර්ධනය වේ. බාල සහෝදරයකු සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. අරපිරිමැස්මෙන් කටයුතු කරයි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
අන්‍යයන්ගෙන් ලැබෙන සහයෝගය මත උද්යෝගයෙන් වැඩ කටයුතු කිරීමට හැකි වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙයි. අධ්‍යාපන කටයුතුවල දී සාර්ථක වීමට උත්සාහ ගත යුතුය. දූ දරුවන්ගේ වියදම් අධික වීම සිදුවිය හැකිය. ස්ත්‍රීන් යටතේ රැකියාවල නිරත අයට වඩාත් වාසි ලැබේ. ආදරවන්තයන් වෙනදාට වඩා ආදරණීය බැඳීම් ඇතිකර ගනී. අක්‍රමවත් රුධිර සංසරණ තත්ත්වයන් පැවති අයගේ ක්‍රමවත් බවක් ඇති වේ. නඩුහබවලට පැටලී සිටින අයට අවාසි සහගත තත්ත්වයන් උද්ගත වනු ඇත. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
තම ආශාවන් සහ සිතුම් පැතුම් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු දිනයකි. ඕනෑම ක්‍රියාවකට ඉදිරිපත් වීමේ ප්‍රවණතාවක් ඇති වේ. කෙසේ හෝ ආදායම වැඩි කර ගැනීමට උත්සුක වීමෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. ගෘහ නිර්මාණ ශිල්පය වැනි කලාත්මක නිර්මාණ කෙරෙහි සිත වඩාත් යොමු වනු ඇත. නිවසේ අලංකරණ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දු ස්වභාවයක් ඇති වේ. ඥාතියකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකිය. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

Chris Brown/Young Thug - Slime&B Music Album Reviews

Rap’s trickster god and R&B’s least tolerable person collaborate on a mixtape with no discernible upside. 
Of the many strange pop-culture artifacts to emerge from quarantine, a collaboration between Young Thug and Chris Brown probably falls higher on the plausibility index than Beyoncé shouting out OnlyFans or the name X Æ A-12, but their new mixtape, Slime&B, still feels beyond explanation. It’s hard to imagine it existing in a world less dystopian than the one we’re in now. The title implies a meeting of the minds and a marrying of their styles, yet this is a clear mismatch. Brown, while still commercially viable, has been slumping creatively. Thug is at the height of his success and near the peak of his powers. To work with Brown, Thug must sacrifice a ton of what makes him special and engaging. Why go from So Much Fun to so little?

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.
කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකින් චොක්ලට් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1අයිසින් සීනි මේස හැඳි 1ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට