Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


Lagna Palapala 2020-05-15 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 15 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 05.54 ට
ඉර බැසීම  - පස්වරු 18.20

රාහු කාලය
දිවා 10.24 සිට 11.53 දක්වා
රාත්‍රී 22.24 සිට 23.53 දක්වා

සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
නිවෙස තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගේ. අඹුසැමි සමගිය වර්ධනය වේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. පියාට තරමක් අපලදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. නිවාස, ඉඩකඩම් දේපළ ලැබීමේ වාසනාව ඇත. තම හැකියාවන් වර්ධනය කර ගැනීමට ඉඩකඩ සැලසෙන දිනයකි. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට සුබදායක ආරංචි ලැබෙන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.

වෘෂභ
ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන දිනයකි. තමාට එන සෑම අභියෝගයකටම ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් පවතී. තැන්පත් ධනය වර්ධනය වේ. මුත්‍රාශය ආශ්‍රිත රෝග පීඩා මතුවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න. ගිලනුන්ට උපස්ථාන කිරීමට කැමැත්තක් දක්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින්නන්ට සුබදායකය. කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. තෙල් සහිත ආහාර ආදිය අද දිනයේ ඔබට පීඩා ඇති කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.

මිථුන
බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය ලැබෙයි. විවාහ ජීවිතය තුළ තරමක් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ගමන් බිමන් යෑමේදී රිය අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න. අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින්නන්ට සුබදායකයි. ප්‍රේම සබඳතා ගොඩනැගේ . විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම  බලාපොරොත්තු ඉෂ්ට වේ . දරු ඵල අපේක්ෂාවෙන් සිටින විවාහකයන්ට යහපත් දරු උපත් බලාපොරොත්තුවන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.

කටක
ආයම් මාර්ග වර්ධනය වන දිනයකි. කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන ලකුණු පහළ වේ. විවාහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. හදිසි ගමන් බිමන් යෙදිය හැකිය. ඉඩකඩම්, යාන වාහන මිල දී ගැනීමට සුබදායකයි. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමේ යෙදී සිටින්නන්ට සුබදායක දිනයකි. තුනටිය ආශ්‍රිත ප්‍රදේශවල රෝග පීඩා තත්ත්වයන් මතුවිය හැකිය. ප්‍රවේසම්වන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.

සිංහ
කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ. ආදායම් තත්ත්වයේ යහපත් වර්ධනයක් සිදු වේ. සේවක ආරවුල් ඇතිවිය හැකිය. ධෛර්යයෙන් හා ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණ ලබාගත හැකිය. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරයි. බඩේ අමාරු ආදී රෝගී තත්ත්වයන් මතුවිය හැකිය. වැදගත් උත්සව අවස්ථාවකට ආරාධනා ලැබෙන දිනයකි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.

කන්‍යා
ආදායම් තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට සාර්ථක උත්සාහයක යෙදේ.  ලොතරැයි වාසනා ලැබීමේ භාග්‍ය හිමි දිනයකි. රැකියාවන්හි නිරත අයට ශුභදායකයි. නීතිමය සම්බන්ධ කටයුතුවලින් ජයගත හැකිය. ගෘහ ජීවිතයේ සාමකාමී වාතාවරණයක් පෙන්නුම් කරයි. රාජ්‍ය අනුග්‍රහය ලැබීමට හේතු වන දිනයකි. කතාවෙන් අන්‍යයන් පාලනය කර ගැනීමට හැකිය. දුර බැහැර ගමන්වලින් ලැබෙන වෙහෙසක් පෙන්වයි. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.

තුලා
කීර්ති, ප්‍රශංසා, නම්බුනාම ලැබිය හැකි දිනයකි. දරුවන් සම්බන්ධයෙන් සුබදායක තොරතුරු ලැබෙයි. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ගණිතය, ඉංජිනේරු තාක්ෂණය හදාරන්නන්ට යහපත් ප්‍රතිඵල ලැබිය හැකි දිනයකි. ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවයි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇත. ප්‍රේම සබඳතාවලට සුබදායකය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   බණ පොතක් පූජා කරන්න.

වෘශ්චික
විදේශ ගතවීමට බලාපොරොත්තු වන අයගේ අදහස් ඉෂ්ට වන දිනයකි. යුග දිවිය තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ගොඩනැගිය හැකිය. නීතියේ රැහැනට අසු වූවන්ට සහනයක් සැලසෙනු ඇත. ආධ්‍යාත්මික කටයුතුවලට වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරන දිනයකි. සහෝදරයන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ ඇත. ධෛර්යය සහ උත්සාහය ඇතිවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් අත්කර ගත හැකි දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.

ධනු
වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් ජයග්‍රහණය ලබා ගත හැකිය. තැන්පත් ධනය වර්ධනය වේ. සිතේ නොසන්සුන්භාවය වැඩි කරන දිනයකි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම්වන්න. සේවකයන්ගේ චෝදනා එල්ල වීමට ඉඩ ඇත. ඇස්, කන්, නාස යන ඉන්ද්‍රියන්ගේ ආබාධ මතු වීමට ඉඩ ඇත. පවුල් ජීවිතය සාමකාමීය. අධ්‍යාපනයේ යෙදී සිටින්නන්ට සුබදායකයි. ප්‍රේම සබඳතාවලට යහපත්ය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   කළු තල පරිත්‍යාග කරන්න.

මකර
රැකියා කටයුතුවල නියැළෙන අයට ආයතන ප්‍රධානීන්ගේ කීර්ති ප්‍රශංසා ලැබෙන දිනයකි. රාජ්‍ය සේවයේ රැකියා ඉල්ලුම්කරුවන්ට ඉතා සුබදායකයි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. නිර්මාණ  කටයුතුවල යෙදී සිටින්නන්ට ඉතා සුබදායකයි. අධ්‍යාපනය ලබන අයට මතක ශක්තිය වැඩි කරවයි. ව්‍යාපාර කටයුතුවල දී කොටස් මිලදී ගැනීම ආදියට සුදුසු දිනයකි. රසවත් ආහාරපාන ආදිය භුක්ති විදීමට ලැබෙයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.

කුම්භ
ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ලොතරැයි දිනුම් ආදිය ලැබීමට වාසනාව හිමිය. ආගමට දහමට නැඹුරුව ක්‍රියා කරයි. විදේශ ගමන්වල යෙදීමට බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල විශේෂ දියුණුවක් දැකිය හැකිය. ග්‍රන්ථකරණයේ යෙදී සිටින්නන්ට සුබදායකය. යාන වාහන, ඉඩකඩම් මිල දී ගැනීමට සුදුසු දිනයකි. නිවසේ වැඩ කටයුතුවල දී වැඩි උද්යෝගයකින් කටයුතු කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.

මීන
කාර්මික අංශයේ රැකියාවල නිරතවන්නන්ට සුබදායකයි. මවගෙන් හෝ ඥාතීන්ගෙන් ආධාර උපකාර ලැබිය හැකිය. ආදායම් මාර්ගවල වර්ධනයක් ලැබෙයි. ගුප්ත ශාස්ත්‍රයේ නියැළෙන්නන්ට වාසිදායකය. පවුල් ජීවිතය සාමකාමීය. කෙටි ගමන් බිමන් යෙදෙනු ඇත. හවුල් ව්‍යාපාර ආදියෙන් ලාභ අපේක්ෂා කළ හැකිය. ප්‍රේමය සබඳතාවලට සුභ දිනයකි. මිතුරන් සමඟ අද දිනයේ වැඩි ඇසුරක් පවත්වයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌


උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

Chris Brown/Young Thug - Slime&B Music Album Reviews

Rap’s trickster god and R&B’s least tolerable person collaborate on a mixtape with no discernible upside. 
Of the many strange pop-culture artifacts to emerge from quarantine, a collaboration between Young Thug and Chris Brown probably falls higher on the plausibility index than Beyoncé shouting out OnlyFans or the name X Æ A-12, but their new mixtape, Slime&B, still feels beyond explanation. It’s hard to imagine it existing in a world less dystopian than the one we’re in now. The title implies a meeting of the minds and a marrying of their styles, yet this is a clear mismatch. Brown, while still commercially viable, has been slumping creatively. Thug is at the height of his success and near the peak of his powers. To work with Brown, Thug must sacrifice a ton of what makes him special and engaging. Why go from So Much Fun to so little?

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.
කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකින් චොක්ලට් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1අයිසින් සීනි මේස හැඳි 1ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට