1615 ලංකාවෙ භූමිකම්පාව 😱 (1615 Earthquake In Sri Lanka) - Your Choice Way

ශ්‍රී ලංකාව භූමිකම්පාවලින් තොර ඉන්දීය සාගරයේ සුරක්ෂිත දූපතක් බවට සමහරෙක් තර්ක කරති. එය කොතරම් සාවද්‍ය ප්‍රකාශයක්ද යන්න ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ භූ විද්‍යාත්මක ඉතිහාසය අධ්‍යයනය කිරීමෙනි.

මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා 1615දී සිදුවූ භූමිකම්පාවක් පිළිබඳ සිය වාර්තාවල සඳහන් කර ඇත. එම භූමිකම්පාව සිදුවී ඇත්තේ පෘතුගීසි පාලන සමයේදීය. එවකට කන්ද උඩරට රාජධානියේ පාලන බලය සෙනරත් රජුට හිමි වී තිබිණි.

ලොරෙන්සෝද අල්මේදා ලක්දිවට පා තබා වසර එකසිය දහයක් ගතව ඇත. ගෙරිහමක් එළාගන්නට බිමක් සෙවූ පෘතුගීසින් කොලඹ ඇතුලු මුහුදුබඩ ප්‍රදේශ තම අණසකට නතුකරගැනීමට සමත්විය. කොලඹ පෘතුගිසි පාලකයා ලෙස මැනුවෙල් මස්කැරැඤ්ඤාස් හෝමෙම් පත්ව පැමිණ වැඩිකලක් ගතව නැත. කන්ද උඩරට සෙනරත් රජු රජකම් කරමින් සිටියි. හෝමෙම් විටින් විට කන්ද උඩරට භූමිය වෙත තම සේනා මෙහෙයවමින් උඩරට පාලනය කෙනිත්තීමට උත්සහ ගත්තේය.

1615 මාර්තු 07 වන දින සුපුරුදු දේවමෙහෙයන් අනතුරුව දුටු දර්ශණයකින් සියල්ලෝම භිතියට පත්විය. අහස් තලය වසා පැතිරුණු තියුණු හීසර තුඩුවන් වල්ග තුනක් සහිත ධූමකේතුවකි. මෙය අත්‍යන්තයෙන්ම ඉදිරි ව්‍යසනයක පෙරනිමිත්තක් බව සැවොම විස්වාස කරන්නට විය. දින කිහිපයක් තුල රට පුරා වසංගත රෝගයක් පැතිර යෑමට පටන් ගත්තේය. එමෙන්ම මියගිය මත්ස්‍යයන් දිවයින පුරා වෙරළට ගොඩ ගසන්නට විය. මේ සියල්ල ලග ලග එන ව්‍යසනයක කසකරුවන් යැයි කවරෙක් සිතන්නට ඇත්ද?

අප්‍රේල් 14 වැනි දිනය. ලක්දිව අලුත් අවුරුදු සිරියෙන් ඇළලී යන දිනයක්. සැවොම සුබ නැකතින් චාරිත්‍ර ඉටුකිරිමට සුදානමින්. සොබාදහමත් මිනිසාට ඔච්චම් කරන්නට දින නියම කරන හැටි!

එදින පෙරට වඩා කලින් හිරු අවරින් බැසගියේය. පස්වරු හතේ කනිසම පසුවූවා පමණි. මහා හඩ නංවමින් පොළව වෙව්ලුම් කන්නට විය. කිසිවක් ගැන නිනව් නොමැති ජනයා කරකියාගත නොහැකිව හිස්ලූලූ අත දිවයන්නට විය. පය ගසා සිටි පොළව තමාට එරෙහි වන විට කුමක් කරන්නද? මග කියන්නේ කවුරුන්ද?

මේ මහා භුමිකම්පාවේ කම්පනය දැඩිව බලපෑවේ කොලඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ වලටයි. නිවාස 200කට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ බව පැවසේ. කොලඹ පෘතුගිසි කොටුවේ පවුර දෙදරා විනාශ විය.පෘතුගිසි අට්ටාලයක් කඩා වැටිමෙන් නිවසක සිටි සිව් දෙනෙකු මියගිය බවටද වාර්තා වේ. පාලම් බොක්කු බිදවැටි ගමනාගමනයද අඩාල විය. පොලවේ පැල්මක්ද ඇතිවූ බව පැවසේ.

මියගිය මුලු ගනන පිලිබදව නිවැරදි දත්ත නැතත් එය 2000 ආසන්න පිරිසකට දිවි අහිමි වන්නට ඇති බවට සැලකේ. භුකම්පනයෙන් අනතුරුව පසුකම්පන රාශියක් ඇතිවි ඇත. එවක භූකම්පනයේ ත්‍රිවෘතාව මැනීමට හැකියාවක් තිබුනේ නැතත්, සිදුව ඇති විනාශය සැලකීමේදි මාපාංක 7-8 ක භූමිකම්පාවක් විය හැක. සුනාමියක් ඇති වූ බවට වාර්තා නොවේ.

1615 භූමිකම්පාව පිලිබද තතු වාර්තා වන්නේ ජොර්ජ් රොඩ්‍රිගෝස් විසින් 1616 දී ලිස්බන් නුවරදි මුද්‍රණය කර බෙදාහරින ලද පිටු හතරකින් යුතු පොත් පිංචක් ඇසුරිනි. එම පත්‍රිකා පසුකාලයේදි මෙරට සිටි විදෙස් භාෂා විශාරදයකු හා ඉතිහාසඥයකු වන එස්.ජී.පෙරෙයිරා පියනම විසින් ඉංග්‍රිසි බවට පරිවර්තනය කර ඇත.

. ඉන් පසුවද ශ්‍රී ලංකාවේ වරින් වර භූ චලන සිදුවිය. මේ සිදුවීම්වලින් ගම්‍ය වන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ භූමිකම්පා සිදුනොවන බව මිථ්‍යා ප්‍රකාශයක් බව නොවේද?

කමෙන්ට් කරන ගමන්ම අපෙ පේජ් එකටත් ලයික් කරන්න.සෙයාර් කරන්න අමතක කරන්න එපා.

පෙරෙයිරා පියතුමා
විස්තර ලංකාදීප Online වෙබ්❤️✍️

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
1615 ලංකාවෙ භූමිකම්පාව 😱 (1615 Earthquake In Sri Lanka) - Your Choice Way 1615 ලංකාවෙ භූමිකම්පාව 😱 (1615 Earthquake In Sri Lanka) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2020 Rating: 5

0 comments:

Post a Comment