ලොව විශාලම දිය ඇල්ල මෙන්න

ලොව විශාලම දිය ඇල්ල මොකක්ද? ගොඩක් අය කියන උත්තරේ තමා වෙනියුසියුලාවේ පිහිටලා තියෙන “ඒන්ජල්” දිය ඇල්ල කියන එක. ඒත් ඒක වැරදියි. මොකද ලොව විශාලම දිය ඇල්ල පිහිටලා තියෙන්නේ ඇත්තටම කිව්වොත් වතුර යට. හරියටම කිව්වොත් මේ දියඇල්ලත් එක්ක ඒන්ජල් දියඇල්ල සසදනවා කියන්නේ නිකන් අලියෙකුයි කූඹියෙකුයි සසදනවා වගේ වැඩක්. ඉතින් මේ දිය ඇල්ලේ විශාලත්වය ඔයාලටම හිතාගන්න පුළුවන්නේ.

මෙම දියඇල්ල පිහිටලා තියෙන්නේ ග්‍රීන්ලන්තයත් අයිස්ලන්තයත් අතර මුහුද යට. ඈත්තටම මෙහෙම දියයට දියඇල්ලක් නිර්මාණය වෙන්න පුළුවන්ද? ඒකට හේතුව මෙම දියඇල්ල පිහිටි ප්‍රදේශයේ පැති දෙකක ජල ස්කන්ධ අතර ඇති උෂ්ණත්ව වෙනස නිසා සිදුවන්නා වූ භෞතික විද්‍යාත්මක සංසිද්ධියක්.මේකෙන් තත්පරයට වතුර කොච්චර විතර ගලන් යනවා කියලද හිතන් ඉන්නේ. තත්පරයට කියුබික් මීටර මිලියන 150 ක ජලස්කන්ධයක් ගලායනවා. වතුර වැටෙන්නේ මීටර් 3505 ක උඩ ඉදන්. අඩි වලින් කිව්වොත් 11500 ක්.
ඒ කියන්නේ ඒන්ජල් දිය ඇල්ල වගේ තුන්ගුණයක් උසයි. ඒකෙන්ම මෙම දියඇල්ලේ විශාලත්වය ඔයාලට හිතාගන්න පුළුවන්. ඉතින් මෙම ගලන් යන ජලස්කන්ධය භාවිතා කරලා විශාල ශක්ති ප්‍රභවයක් වුනත් නිර්මාණය කරන්න පුළුවන්. එම නිසා විද්‍යාඥයින් මෙම ස්ථානය කෙරෙහි අවධානයෙන් පසුවන්නේ. අනික් අතට මේ දිය ඇල්ල කොච්චර විශාල වුනත් , කොච්චර ලස්සන වුනත් මේකට තියෙන සංචාරක ආකර්ෂණයනම් අඩුයි. එකට හේතුව මෙතනට යන්න බෑ. පීනලා තමයි යන්න වෙන්නේ.

කොහොමත් මෙහාට ගිහිල්ලා ඔයාලට අනික් තැන් වල වගේ සෙල්ෆි ගහන්න හෙම ලැබෙන්නේ නෑ.ඉතින් මේ දිය ඇල්ල අල්ලලා අපිට ලස්සන වදනකුත් හදන්න පුළුවන්. ඒක තමා “ සෑම දිය ඇල්ලකම දේදුන්නක් නැත.” කියන එක. වතුර යට තියෙන දියඇල්ලකින් කොහොමද දේදුන්නක් හැදෙන්නේ. සමහර විට ඔයාලට මේ කතාව විශ්වාස කරන්න අමාරු වෙයි ඒත් ඔයා google එකට ගිහින් “ The world’s largest waterfall is actually underwater” කියලා search කරලා බලන්න.

ඔයාලට මිට වඩා විස්තර වගේම ඡායරූපත් බලාගන්න පුළුවන්. ඒත් අනිවාර්යෙන්ම search කරද්දි “underwater” කියන කොටස අනිවාර්යෙන්ම type කරන්න. මොකද ඔයා “ the world’s largest waterfall” කියලා type කලොත් ඒන්නෙ ඒන්ජල් දිය ඇල්ල ගෙන විස්තර. මොකද ඇත්ත කොහොම වුනත් ලොකුම දිය ඇල්ල කියලා තාම සම්මතයේ තියෙන්නේ ඒන්ජල් දියඇල්ල. දිය යට පිහිටලා තියෙන දියඇල්ලකට පිහිටලා තියෙන්නේ මේක විතරක් නෙමෙයි. නොයෙක් තැන් වල තව ඒවා පිහිටලා තියෙනවා, මේ ලෝකය අපි හිතනවට වඩා රහස් පිරුණු තැනක්

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලොව විශාලම දිය ඇල්ල මෙන්න ලොව විශාලම දිය ඇල්ල මෙන්න Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2020 Rating: 5

0 comments:

Post a Comment