පැසිෆික් සාගරයේ මැද කාන්තාරයක් හමුවෙයි | Your Choice Way

ලෝකය පුරාම විවිධ ස්ථාන වල විවිධ ප්‍රමාණයන්ගෙන් කාන්තාර පිහිටා තියෙනවා. නමුත් කෙදිනක හෝ ඔබ සාගර කාන්තාරයක් පිළිබඳ අසා තිබෙනවාද? මේ සංකල්පය ටිකක් අමුතු බව පෙනෙන්නට තිබුණත් ජීව විද්‍යාඥයන් මුහුද ජීවින්ගෙන් පොහොසත් නොවන සාගරේ සමහර ප්‍රදේශ සාගර කාන්තාර ලෙස නම් කර තිබෙනවා. පැසිෆික් සාගරය මැද එලෙස පිහිටා ඇති සාගර කාන්තාරයක් පිළිබඳ සටහනක් මෙහි දැක්වෙනවා.
සාගරය තුල පිහිටි මෙම ප්‍රදේශයට ජීව විද්‍යාත්මක කාන්තාරය යන අන්වර්ථ නාමය ලබාදී තිබෙනවා. සාමාන්‍යයෙන් සාගරය තුළ ආහාර ජාලයේ පහළම මට්ටම සමන්විත වන්නේ කාබන් ඩයොක්සයිඩ් කාබනික කාබන් බවට පරිවර්තනය කරන හරිතප්‍රද වල ව්‍යාප්තියෙන්. අභ්‍යවකාශයේ සිට නරඹන කළ මෙලෙස කුඩා මුහුදු ශාක බහුලව දක්නට ලැබෙන ප්‍රදේශ ක්ලෝරොෆිල් ලෙස හඳුන්වන අතර එය සාගර ඵලදායිතාව තක්සේරු කිරීම සඳහා දත්තයක් ලෙස සාගර විද්‍යාඥයන් විසින් බහුලව ප්‍රයෝජනයට ගන්නවා.

නමුත් වසර ගණනාවක් තිස්සේ සාගරය පිළිබඳ සිදුකරන ලද ඇතැම් අධ්‍යන වලින් පෙනීගොස් තිබෙන්නේ සාගර ඵලදායිතාවය මනින ඒකකයක් වන මෙම ක්ලෝරොෆිල් නැත්නම් ෆය්ටොප්ලැක්ටන් බටහිර පැසිෆික් සාගරයේ තුළ අවම බවයි. මේ නිසා එම එම ප්‍රදේශය තුළ මුහුදු ශාක අවම වන අතර ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව ලෙස සාගර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ විවිධ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව සාගර ජලයේ උණුසුම ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව එහි ශාක වර්ධනය සීමාවී ඇති බවයි.

ජර්මනියේ බ්‍රේමන් හි මැක්ස් ප්ලෑන්ක්ස් සමුද්‍ර ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ විද්‍යාඥයන් ලෝකෙ දුරස්ථ සාගර කලාපයක පිහිටා ඇති දකුණු පැසිෆික් සාගරයේ සාගර කාන්තාරයේ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ දත්ත රැස් කරමින් සිටිනවා. මෙම සාගර කාන්තාර ප්‍රදේශයේ අනෙකුත් ජීවීන්ගේ වර්ධනයක් සිදු නොවුණත් ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් වෙසෙන බව පරීක්ෂණයෙන් අනාවරණය කර ගෙන තියෙනවා.

දකුණු පැසිෆික් දිය සුලිය ආසන්නයේ පිහිටා ඇති ලොව හුදෙකලාම ස්ථානයක් ලෙස සැලකෙන මෙම කාන්තාර ප්‍රදේශය තව දුරටත් සම්පූර්ණයෙන් ජීවයෙන් තොර කලාපයක් නොවන බව ඔවුන් පෙන්වා දෙනවා. අධික උෂ්ණත්වය සහ ඒ ආශ්‍රිත දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ලෙස අනුවර්තනයවී ජීව ව්‍යාප්ත වෙමින් පවතින ක්ෂුද්‍ර ජීව විශේෂ රාශියක් එහිදී හදුගෙන තිබෙනවා. 

ඒ අනුව විවිධ බැක්ටීරියාකාරක විශේෂ විස්සක් පමණ මේ සාගර කාන්තාරයේ මීටර 20-5000 අතර ප්‍රමාණයක ගැඹුරක් තුළ සිය ජීවය පවත්වා ගෙන යමින් පවතිනවා. විශාල කලාපයක් පුරා ව්‍යාප්තවී පවතින මේ සාගර කාන්තාරය සාගරය මතුපිටින් 10% ක ප්‍රමාණයක් එනම් කිලෝ මීටර් මිලියන 37 කට ආසන්න ප්‍රමාණයක් පුරා ව්‍යාප්තවී පවතින බව විශ්ලේෂකයන්ගේ අදහසයි. මේ සාගර කාන්තාරය ලොව මිනිසා විසින් හඳුනාගත් තවත් එක් අසාමාන්‍ය ස්ථානයක් පමණයි. ලොව පුරා ව්‍යාප්ත වෙමින් මේ ගැඹුරු සාගරය තුල තවත් කොතරම් විස්මයජනක දේ සැඟවී තිබෙනු ඇතිද?

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌



උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පැසිෆික් සාගරයේ මැද කාන්තාරයක් හමුවෙයි | Your Choice Way පැසිෆික් සාගරයේ මැද කාන්තාරයක් හමුවෙයි | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2020 Rating: 5

0 comments:

Post a Comment