ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහළට / ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ දොළහා ඉක්මවයි - මරණ සංඛ්‍යාව 64,675ක් දක්වා ඉහළට / කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ගැන බලාපොරොත්තුවක් / රටම වසා දමන පුවත අසත්‍යයක් - රහස් පොලීසියෙන් පරික්ෂණ / නිරෝධායනය වූ තරුණයෙකුටත් දින 10කට පසු කොරෝනා - ඔහු නිවසට පැමිණි දිනයේ සිට එහි ගිය සියළු දෙනා නිරෝධායනයට / කොරෝනා මෙහෙයුම් වලට ගිය PHIට 15 හැවිරිදි දරුවෙකුගෙන් පිහි පහරක් - සැඟවී සිටින දරුවා සොයා මෙහෙයුම් / "කොරෝනා" නිසා හිමාල කඳු වැටිය, ඉන්දියාවේදී කිලෝ මීටර් 213 ක් දුරට දිස්වේ / දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයින් 6000 ඉක්මවයි / ලොවම වසාගෙන ඇති කොරෝනා මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් නව නිපැයුම් කිහිපයක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 27ක්.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝගීන් 134 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම සැක සහිතව දැනට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව 273ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

වෛරසය ආසාදනයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 5ක්.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ දොළහා ඉක්මවයි - මරණ සංඛ්‍යාව 64,675ක් දක්වා ඉහළට
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ දොළහා ඉක්මවා තිබෙනවා.

එමෙන්ම ලොව පුරා වාර්තා වන කොවිඩි නයින්ටීන් මරණ සංඛ්‍යාව 64,675කට අධිකයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 311,357ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර ඊයේ දිනයේදී පමණක් නව ආසාදිතයන් 34,196ක් ඊට එක්වීම විශේෂත්වයක්.

වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවක් එනම් 15,362ක් ඉතාලියෙන් වාර්තා වන අතර, ඊයේ දිනයේදී ඊට එක්වී ඇති සංඛ්‍යාව 681ක්.

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 11,947ක් ඉක්මවා ඇති අතර ඊයේ දිනයේදී ඊට තවත් 749ක් එක්වීමත් සමඟයි.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3,588ක් ඉක්මවා ඇති අතර එරටින් මරණ 86ක් ද වාර්තා වුණා.

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ගැන බලාපොරොත්තුවක්
කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කළ හැකි එන්නතක් නිපදවීමේ හැකියාවක් ඇති බව ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ප්‍රකාශ කර තිබෙනවා.

මීයන් යොදා ගනිමින් සිදුකළ මූලික පරීක්ෂණවලින් ඒ පිළිබද තහවුරු වී ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

පිට්කොවැක් ලෙස පර්යේෂකයන් මෙම මූලික ආකෘති එන්නත නම් කර ඇති අතර, සති දෙකක් තුළ නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමේ හැකියාවක් එම එන්නතට පවතින බව එම පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව ස්ට්‍රොමෙක්ටෝල් හෙවත්, අයිවමෙක්ටින් නමැති ඖෂධය භාවිතයට ගත හැකි බව ඕස්ට්‍රේලියානු මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණයකින් අනාවරණ වුණා.

එය මීට පෙර මිනිස් හිස මත වෙසෙන පරපෝෂිතයන්ට එරෙහිවයි භාවිත කර ඇත්තේ.

මේ අතර, පැය 24ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා වැලදී ජීවිතක්ෂයට පත්වූවන් 1480 දෙනෙකු අද වාර්තා වීම ද විශේෂත්වයක්.

එසේම, කොරෝනා වෛරසයෙන් මිය ගිය 3300 ඉක්ම වූ චීන ජාතිකයන් සිහි කරමින් චීනය අද විනාඩි 3කට නිහඬ වුණා.

චීන රජය මගින් ප්‍රකාශයට පත් කරන ලද එම බුහුමන් පිදීමේ කාලය එරට වේලාවෙන් අද උදෑසන 10ට ක්‍රියාත්මක වූ අතර, ඊට සමස්ත චීන ජනතාවම දායක වී ඇති බව සඳහන්.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ලොව පුරා මරණ 59,884ක් වාර්තා වනවා. ආසාදිත සංඛ්‍යාව එකොලොස් ලක්ෂ 31,713ක්.


රටම වසා දමන පුවත අසත්‍යයක් - රහස් පොලීසියෙන් පරික්ෂණ
කොරෝනා තත්ත්වය නිසා මුළු දිවයිනම වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය අසත්‍යයක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එසේම මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු නොකළ යුතු බවට ජනතාවට අවවාද කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.

අප්‍රේල් මස 10 වනදා සිට 15වනදා දක්වා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත් එම කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව ද සමාජ ජාලා ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරේ සඳහන් වුනා.

එමෙන්ම ආහාර සැපයීම්, බෙදාහැරීම් සේවා, මාර්ගගත ඇණවුම්, බේකරි නිශ්පාදන වාහන ආදී කිසිවක් එම කාලය තුළ ක්‍රියාත්මක නොවන අතර කිසිදු වෙළඳසැලක් විවෘත කිරීමට ඉඩ නොදෙන බවටයි අදාළ අසත්‍ය තොරතුර මගින් ප්‍රකාශවී තිබුනේ.

පොලිසිය අවධාරණය කරන්නේ එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර රජය විසින් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර, අද දහවල් 12 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1446 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළා.

එම කාලසීමාව ඇතුළත පොලිස් භාරයට ගත් රථ වාහන සංඛ්‍යාව 373ක්.

පසුගිය 20 වනදා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග එය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 12,465ක් වනවා.

ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ පොලිස් කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 870ක්.





කොරෝනා තිබූ බේරුවල ගැබිණියක් බොරු ලිපිනයක් දී දරුවෙකු ප්‍රසූත කරලා - කාර්‍ය මණ්ඩළයම නිරෝදායනයට
බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර ඇති 28 හැවිරිදි මවක් පිළිබඳව වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත. අනතුරුව කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළහ.

මෙම ආසාදිත කාන්තාව බිහිකළ බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය.

නිරෝධායනය වූ තරුණයෙකුටත් දින 10කට පසු කොරෝනා - ඔහු නිවසට පැමිණි දිනයේ සිට එහි ගිය සියළු දෙනා නිරෝධායනයට
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව සිට නිවසට ගොස් සිටි මතුගම නව්තුඩුව ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණයෙකුට දින 10කට පසු නැවත කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එම තරුණයා  පසුගිය මාර්තු මස 10 වැනිදා දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14ක් නිරෝධායනයට ලක්කර පසුගිය 24 වැනිදා යළි නිවසට පැමිණ තිබුණා.

ඉන් අනතුරව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ යළි නිවසේදීද ඔහුව තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඊයේ පස්වරුවේ උදරයේ ඇතිවූ වේදනාවක් සහ සෙම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ අනුව එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලින් ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වීම නිසා අයි.ඩී.එච්. බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා ඇති අතර  අදාල පුද්ගලයාගේ නිවස හා ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කිරීමටස ලක්කර තිබෙනවා.

එසේම මේ වන විට  ඔහුගේ මව එම නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔහු නිවසට පැමිණි දිනයේ සිට එහි ගිය අසල්වැසියන්ද සොයා සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

කොරෝනා මෙහෙයුම් වලට ගිය PHIට 15 හැවිරිදි දරුවෙකුගෙන් පිහි පහරක් - සැඟවී සිටින දරුවා සොයා මෙහෙයුම්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිදුකරන මෙහෙයුම් අතරවාරයේදී නිරෝධායනය සඳහා යොමු කොට සිටි නිවැසියන් සඳහා ජලය ලබා දීමට කටයුතු කරමින් සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පිහි ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරනවා.

රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයේ නිවසක සිටි 15 හැවිරිදි දරුවෙකු විසින් මෙම පිහි ප්‍රහාරය එල්ලකර ඇති අතර පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිදුකරන මෙහෙයුම් අතරවාරයේදී නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට ඇති රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයේ පිහිටි නිවාස 04 ක නිවැසියන්ට ජලය නොමැතිවීම නිසා බවුසරයක ආධාරයෙන් ඔවුන්ට ජලය ලබාදීමට මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී මෙම ඉරණමට මුහුණපා ඇති බවයි වාර්තා වුනේ.

එලෙස අදාළ නිවාස 04 ට ජලය සපයමින් සිටියදී එම නිවාස ආසන්නයේ පිහිටි නිරෝධායනයට ලක්නොවූ නිවාස දෙකකින් ජලය ඉල්ලා ඇති අතර එහිදී ජලය ලබාදීමට ප්‍රමාද වීම හේතුවෙන් එහි එක් නිවසක සිටි 15 හැවිරිදි දරුවෙක් මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පිහියෙන් ඇන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

ඒ අනුව එල්ල කරනු ලැබූ පිහි ප්‍රහාරය වලකා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එක්වරම ක්‍රියා කිරීම නිසා එය ඔහුගේ කකුලට එල්ලවී ඇති අතර සැකකාර 15 හැවිරිදි  දරුවා මේ වන විට සැඟවී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සැකකාර දරුවා මිට පෙරද යම් අපරාධයක් සම්බන්ධයෙන් පරිවාස භාරයට පත් කොට සිටි අයෙක් බවත් මේ වන විට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

"කොරෝනා" නිසා හිමාල කඳු වැටිය, ඉන්දියාවේදී කිලෝ මීටර් 213 ක් දුරට දිස්වේ
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ඇතැම් නගරවල වැසියන්ට , හිමාල කඳු වැටිය පියවි ඇසින් පෙනෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව පුරා පැතිර යන කොරෝනා රෝගී තත්වය නිසාවෙන් ඇඳිරි නීතිය පැනවීමත් සමඟම දින 11 ක් පුරාවට එරට වාහන තදබදයක් හෝ කිසිම කම්හලක් ක්‍රියාත්මක කෙරුනේ නැහැ.එම නිසා  වායු දූෂණය සිදු නොවීමෙන් මෙම තත්වය හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

ඇතැම් පුද්ගලයින් සඳහන් කොට ඇත්තේ මෙවැන්නක් ඔවුන්ගේ ජීවිතයේදී දුටු ප්‍රථම අවස්ථාව මෙය බවයි.

මෙලෙස දිස්වෙන ඇතැම් නගරවල සිට හිමාල කඳු වැටියට කිලෝ මීටර් 213 කට වඩා වැඩි දුරක් පැවතීමද විශේෂත්වයක්.

දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයින් 6000 ඉක්මවයි
දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6000 ඉක්මවා තිබෙනවා.

ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 2902ක් මේ වනවිට වාර්තා වන අතර, වාර්තා වන මරණ සංඛ්‍යාව 68ක්.

පාකිස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 2547ක්, ඇෆ්ගනිස්ථානයෙන් ආසාදිතයින් 281ක්, ශ්‍රී ලංකාවෙන් 159ක් සහ බංග්ලාදේශයෙන් ආසාදිතයින් 61 දෙනෙකු මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සති 3ක කාලයක් සඳහා පසුගියදා ඉන්දියාව වසා දැමීමට තීරණය කළ නමුත්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනතාව සමාජ දුරස්ථභාවය පවත්වා නොගන්නේ නම්, ප්‍රකාශයට පත් කර ඇති කාල සීමාව ඉක්මවා තවදුරටත් එම ප්‍රාන්තය වසා දැමීමට සිදුවනු ඇති බවයි.

ඉන්දියාවේ වානිජ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර ද පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 516 දෙනෙකු හමුවී ඇති අතර, 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොවම වසාගෙන ඇති කොරෝනා මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් නව නිපැයුම් කිහිපයක්
ලොවම වසාගෙන සිටින කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන් විසින් නව නිපැයුම් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය අද වන විට මුළු ලෝකයටම තර්ජනයක් වී අවසන්.

මෙම වෛරසයට ගොදුරු වුණු පුද්ගලයින් වෙතොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිපදවන ලද නව සොයාගැනීම් පිළිබඳව අපට විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.

ඒ අනුව කොවිඩ් 19 ආසාදිතයින්ට කෘත්‍රිම ශ්වසනය ලබා දිය හැකි උපකරණයක් නිපදවීමට සමත් වූ පුවතක් අපට වාර්තා වුණා.

ඒ බැලුම්මහර නැදුම්ගමුව ප්‍රෙද්ශයෙන්.

සෞඛ්‍ය අංශ මගින් කළ ඉල්ලීමකට අනුව පුද්ගලික සමාගමක් හා එක්ව ඉංජිනේරු බුද්ධික මාරසිංහ මහතා මෙම නව සොයාගැනීම සිදුකර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ රෝගීන්ගේ ප්‍රාශ්වාස වාතය සාමාන්‍ය ලෙස බැහැර නොකර දහනය කළ හැකි විමයි.

මේ අතර මහනුවර රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ හෙද නිලධාරී බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් එකවර සිව්දෙනෙකුට කෘත්‍රිම ශ්වසනය ලබා දිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.

එම යන්ත්‍රය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවුණා.

මේ අතර සේවා ලබාගැනීමට පැමිණෙන මහජනතාව හා සිය සාමාජිකයින්ගේ විෂභීජහරණය කිරීමේ අරමුණින් මහරගම පොලීසිය විසින් විෂබීජහරණය කිරීමේ කුටියක් නිර්මාණය කර තිබෙනවා.

මේ අතර පොදු ස්ථානවල භාවිතා කළ හැකි පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි ජල කරාමයක් හඳුන්වාදීමට හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ කාර්මිකයෙකු සමත්වී තිබෙනවා.

වෘත්තීය පුහුණු අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික්කයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන H.M.S.P. හේරත් මහතා විසින් පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි ජල කරාමය නිපදවනු ලැබුවා.

ජලකරාමය විවෘත කිරීම, අත් සේදිම සඳහා අවශ්‍ය සබන් දියර ලබා ගැනීම සහ අත් පිස්නා ඉවත් කිරීම සඳහා කසල බදුන විවෘත කිරීම යන සියලු කාරණයන් පාදයෙන් පමණක් සිදු කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්.

මේ අතර රටේ පවතින තත්ත්වයත් සමඟ ජනතාවට තම සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට 1390 ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට ස්වෙච්ඡා වෛද්‍ය කණ්ඩායමක් පියවර ගෙන තිබෙනවා.



View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහළට / ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ දොළහා ඉක්මවයි - මරණ සංඛ්‍යාව 64,675ක් දක්වා ඉහළට / කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ගැන බලාපොරොත්තුවක් / රටම වසා දමන පුවත අසත්‍යයක් - රහස් පොලීසියෙන් පරික්ෂණ / නිරෝධායනය වූ තරුණයෙකුටත් දින 10කට පසු කොරෝනා - ඔහු නිවසට පැමිණි දිනයේ සිට එහි ගිය සියළු දෙනා නිරෝධායනයට / කොරෝනා මෙහෙයුම් වලට ගිය PHIට 15 හැවිරිදි දරුවෙකුගෙන් පිහි පහරක් - සැඟවී සිටින දරුවා සොයා මෙහෙයුම් / "කොරෝනා" නිසා හිමාල කඳු වැටිය, ඉන්දියාවේදී කිලෝ මීටර් 213 ක් දුරට දිස්වේ / දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයින් 6000 ඉක්මවයි / ලොවම වසාගෙන ඇති කොරෝනා මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් නව නිපැයුම් කිහිපයක් ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහළට / ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ දොළහා ඉක්මවයි - මරණ සංඛ්‍යාව 64,675ක් දක්වා ඉහළට / කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ගැන බලාපොරොත්තුවක් / රටම වසා දමන පුවත අසත්‍යයක් - රහස් පොලීසියෙන් පරික්ෂණ / නිරෝධායනය වූ තරුණයෙකුටත් දින 10කට පසු කොරෝනා - ඔහු නිවසට පැමිණි දිනයේ සිට එහි ගිය සියළු දෙනා නිරෝධායනයට / කොරෝනා මෙහෙයුම් වලට ගිය PHIට 15 හැවිරිදි දරුවෙකුගෙන් පිහි පහරක් - සැඟවී සිටින දරුවා සොයා මෙහෙයුම් / "කොරෝනා" නිසා හිමාල කඳු වැටිය, ඉන්දියාවේදී කිලෝ මීටර් 213 ක් දුරට දිස්වේ / දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයින් 6000 ඉක්මවයි / ලොවම වසාගෙන ඇති කොරෝනා මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් නව නිපැයුම් කිහිපයක් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2020 Rating: 5

0 comments:

Post a Comment