Selena Nuwan Sasalawamin Song Lyrics - සැලෙනා නුවන් සසලවමින් ගීතයේ පද පෙළ

Selena Nuwan Sasalawamin Song Lyrics - සැලෙනා නුවන් සසලවමින් ගීතයේ පද පෙළ
Song Title : Selena Nuwan Sasalawamin (සැලෙනා නුවන් සසලවමින්)
ARTIST : Falan Andrea
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Chathurangana De Silva
Teledrama : Salena Nuwan Teledrama Song - දෙරණ TV


සැලෙනා නුවන් සසලවමින්
හෙලන සුසුමන් මතක මවමින්
රිදුනා දුක සඟවමින්
තනි වී යමි හැරදා

සැලෙනා නුවන් සසලවමින්
හෙලන සුසුමන් මතක මවමින්
රිදුනා දුක සඟවමින්
තනි වී යමි හැරදා

රහසක සැඟ වූ සිතුවිලි දැනුනා
වෙහෙසක හද සසැලී
කිසිදින නොහැගුනු හැඟුමන් මැවුනා
දෑසට රූ මතු වී
කඳුළැල් මම වෙමින්
දෙනෙත තෙමුනාය කඳුලැලි ගලා
හිමිකමක් නැතිවෙමින්
හිතම රිදුනා සිතුවිලි පෙළා

අහසට බර වූ වැහි කැට වැටුනා
රහසක් සිත තෙරපී
පපුවට තෙරපුණු සුසුමන් සැලුනා
සිහිනෙක රෑ තනි වී
කඳුළැල් මම වෙමින්
දෙනෙත තෙමුනාය කඳුලැලි ගලා
හිමිකමක් නැතිවෙමින්
හිතම රිදුනා සිතුවිලි පෙළා

සැලෙනා නුවන් සසලවමින්
හෙලන සුසුමන් මතක මවමින්
රිදුනා දුක සඟවමින්
තනි වී යමි හැරදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Selena Nuwan Sasalawamin Song Lyrics - සැලෙනා නුවන් සසලවමින් ගීතයේ පද පෙළ Selena Nuwan Sasalawamin Song Lyrics - සැලෙනා නුවන් සසලවමින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2023 Rating: 5

0 comments:

Post a Comment