Kunkuma Chandana Anjana Thawara Song Lyrics | කුංකුම චන්දන අංජන තවරා ගීතයේ පද පෙළ

Kunkuma Chandana Anjana Thawara Song Lyrics | කුංකුම චන්දන අංජන තවරා ගීතයේ පද පෙළ
Song Title : කුංකුම චන්දන අංජන තවරා (Kunkuma Chandana Anjana Thawara)
ගායනය : විල්බට් ඇන්තනි
තනුව : සෝමපාල රත්නායක
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා //

මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී

සීතල පවනට මුසු වීලා
ගයනා ගී හඬ රැව් දෙනවා
ලාලිත මෝහන වදන් නිසා
තුරුලිය හිනැහෙනවා
ඔබ හින්දා මගෙ මුළු ජීවිතයම
රසයෙන් රස වෙනවා

කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා

මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී

අවහිර බාධක අතරතුරේ
අපගේ ජීවන ඔරුව පැදේ
ඔබගේ හසරැලි අතරතුරේ
මම නැහැ සන්තාපය දුටුවේ
සොඳුරිය ඔබගේ සොඳුරු බවින්
මගෙ ජීවය ඔකඳ කෙරේ

කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා //

මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kunkuma Chandana Anjana Thawara Song Lyrics | කුංකුම චන්දන අංජන තවරා ගීතයේ පද පෙළ Kunkuma Chandana Anjana Thawara Song Lyrics | කුංකුම චන්දන අංජන තවරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2023 Rating: 5

0 comments:

Post a Comment