Ma Obe Suda Song Lyrics | මා ඔබේ සුදා ගීතයේ පද පෙළ

Ma Obe Suda Song Lyrics | මා ඔබේ සුදා ගීතයේ පද පෙළ
Song Title : Ma Obe Suda (මා ඔබේ සුදා)
ගායනය : රුක්මණී දේවි
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : එස්.එස්. වේදා
මේ ගීය නිර්මානය වෙන්නේ, පැරණි ගීයක් ආශ්‍රයෙන් Huddie Ledbetter විසින් 1933 දී නිර්මානය කර ගායනා කරන්නට යෙදුණු, "Irene" නම් ගීයේ තනුවට අනුවය. "Irene" ගීය කලින් කල විවිධ සංස්කරණ වලින් විකසනය වූවකි. එය පසුව බොහෝ දෙනෙකෙු විසින් ගායනා කර ඇත.


මා ඔබේ සුදා
මා ඔබේ සුදා

මා ඔබේ සුදා
මා ඔබේ සුදා
මා ඔබේ සුදා
මා ඔබේ සුදා

මේ මනහාරී ප්‍රේමය මාගේ
පූජා වේවා මේ ඔබේ පෙදේ

ප්‍රේම ස්වාමී
මා දිවි බේරූ
ඔබය මා රජා
මා ඔබේ සුදා
මා ඔබේ සුදා

ශාන්ත වේ අප නිර්මල ආලේ (එඑඒ...ඒ ඒ.....
ශාන්ත වේ අප නිර්මල ආලේ
රාත්‍රී ගයනා කෝකිල ගීතේ

කාන්ති පහදා චන්ද්‍රාලෝකේ
කෝ ම පෙම්වතා

මා ඔබේ සුදා
මා ඔබේ සුදා

මා ඔබෙ සුදා
මා ඔබෙ සුදා
මාගෙ සුදා
මාගෙ සුදා
මාගෙ සුදා

පැරණි ගීයක් ආශ්‍රයෙන් Huddie Ledbetter විසින් 1933 දී නිර්මානය කර ගායනා කරන්නට යෙදුණු, "Irene" නම් ගීය

ගීයේ තනුව පිළිබඳ අතීත කතාව 1866 වසර දක්වා ඈතට ඇදී යයි. "Irene, Goodnight" නමින් ගීතයක්, 1886 දී Gussie Lord Davis විසින් ප්‍රකාශයට පත් කර ඇත. Huddie Ledbetter ගේ ගීතය Davis ගේ පද රචනය මත පදනම් වූවක් යැයි සැලකෙන්නේ, Davis ගේ පද රචනය හා සමානතාවක් දක්නට ලැබෙන බැවිනි.

ලෙඩ්බෙටර් මෙම ගීය අසා ඇත්තේ ඔහුගේ මාමා ටෙරිල්ගෙනි. ලෙඩ්බෙටර්ගේ තවත් මාමා කෙනෙක් වන බොබ් ලෙඩ්බෙටර්, ගීතයේ ආසන්න වශයෙන් සමාන අනුවාදයක් පටිගත කර ඇති අතර, ඔහු ද ටෙරිල්ගෙන් ගීතය ඉගෙන ගත් බව පැවසීය. Huddie Ledbetter ගේ පවුලේ සාමාජිකයන් පෙන්වා දෙන්නේ ඔහු 1908 තරම් ඈත කාලයේ දී ඔහුගේ ලේලිය වන Irene Campbell ට ගීතයක් ලෙස මෙම ගීතය ගායනා කරන්නට ඇති බවයි. ලෙඩ්බෙටර් අවසානයේ ගීතය පද හයක් දක්වා දීර්ඝ කළේය.

මේ පහත ඉදිරිපත් කරන්නේ, "ද වීවර්ස්" කණ්ඩායම 1950 දී මේ ගීය තැටියකට ගායනා කළ ආකාරයයි.

1950 දී මේ ගීය ෆ්‍රෑන්ක් සිනේට්‍රා ගැයූ අයුරු.

මේ ගීය ජිම් රීව්ස් ගැයූ අයුරු.

මේ බටහිර ගීයේ තනුව අනුසාරයෙන් මන්නා ඩේ ගායනා කළ ගීයක්

hmm hmm hmm
hmm hmm hmm
hmm hmm hmm
hmm hmm hmm
hmm hmm
aa aa aa aa
aa aa aa aa
aa aa aa aa
aa aa aaa aaa
hmm hmm hmm
hmm
hmm
hmm hmm hmm
hmm hmm
hmm

nazaaron mein ho tum
khayaalon mein ho tum
nazar mein tum
jigar mein tum
jahaan mein tum hi tum
nazaaron mein ho tum
khayaalon mein ho tum
nazar mein tum
jigar mein tum
jahaan mein tum hi tum

o mere sapno ki raani
us din ka hai intzaar
tum meri baahon mein hogi
ye dhadkane bataaye
nazaaron mein ho tum
khayaalon mein ho tum
nazar mein tum
jigar mein tum
jahaan mein tum hi tum

yaad mein kitnaa majaa hain
duniya se hoon bekabar
ek din chali aaogi tum
ulfat mein hai agar asar
nazaaron mein ho tum
khayaalon mein ho tum
nazar mein tum
jigar mein tum
jahaan mein tum hi tum

මේ ගී තනුවට ම තැනුණු තවත් ගීයක් තිබෙනවා, ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය විසින් ගායනා කළ. "ආයුබෝවන් වාසනාවන්" නම් වූ එම ගීය ඉදිරයේ දී අමුණන්නම්.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Obe Suda Song Lyrics | මා ඔබේ සුදා ගීතයේ පද පෙළ Ma Obe Suda Song Lyrics | මා ඔබේ සුදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2023 Rating: 5

0 comments:

Post a Comment