Sinhala All Time Hits Medley Vol2 Song Lyrics - Sinhala All Time Hits Medley Vol2 ගීතයේ පද පෙළ

Sinhala All Time Hits Medley Vol2 Song Lyrics - Sinhala All Time Hits Medley Vol2 ගීතයේ පද පෙළ
Song Title : Sinhala All Time Hits Medley Vol2 by Sarith & Surith
Concept : Jagath Jayawardena
Live track Mixed by Sarith Jay , Vihara Hettiwatta
Live track Mastered by Vihara Hettiwatta (Musix Factory)
Live Mix : Darshana Perera
Light Engineers : Amila Costha
Led Wall : Lakshitha Samarasekara
Videography by Newsmakers
Creative Director / Editor : Surith Jay
Cinematography : Chandula Perera , Achintha Lakshan


ආදරේ…සිත සනසන ආදරේ
ආදරේ…සිත නලවන ආදරේ
සද සිසිලේ තරු එළියේ මද පවනේ
හමු වෙනවද ආදරේ
ලොව නලවන ආදරේ

ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසා
නිරන්තරේ යොවුන් හදේ හගුමන් පුබුදාලා
ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසා
නිරන්තරේ යොවුන් හදේ හගුමන් පුබුදාලා
වසන්තයේ කුසුම් විලේ බිගුන් මුවේ
මධු බිදුවකි ආදරේ ලොව නලවන ආදරේ

රන් ගිර හිස හිරු හිනැහෙන​
එලියෙන් මුලු ලොව දිදුලන​
නමුදු හිරුට ලං වන්නට​
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එලිවන දැක​
ම සිත බැබලියේ

රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා
රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා

නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ
නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ
නුඹ ඇවිත් දෝ හීනයක් දෝ මගේ නම ඇසුවේ

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා

අඳුරු අතීතේ කදුළු සළාලා
තනිවූ කාලේ ඔබ ලතැවීලා
සෙනෙහෙ පුදා හමුවුණු දා
ඔබ හිනැහුණු දා මට සිහිවෙනවා

සිහිනෙන් සිහිනෙන්
මා හඬවනවා… මා හඬවනවා
සැබෑ ලොවේදී ඔබ මා
නෑ මුණගැසිලා… නෑ හමුවීලා

රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ
සැලුනා රිදී සිනා
මා සිතන්නෙ මා ඔබේ කියා
ආදරේට ආදරේ නිසා

රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ
සැලුනා රිදී සිනා
මා සිතන්නෙ මා ඔබේ කියා
ආදරේට ආදරේ නිසා

සයනේ දිගා වෙලා
සිතු දේ රැයේ පුරා
ඉටු වී තිබේ මෙදා
සිහිනේ සැබෑ වෙලා
මා ජීවිතේ නිවේවි වේදනා
ඔබෙ ආදරේ ගෙනෙවි වාසනා

කියඹු ලතා ඇගෙ සොලවා
විහිලු කලා මද පවනා
කහ මල් අත්තක් සැලුනා
රන් වන් දෑතක් පෙනුනා
කිංකිනි රාවක් නැගුනා….ආ..ආ
රන් මැණිකේ මල් නෙලුවා
කහ මල් අත්තක් සැලුනා
රන් වන් දෑතක් පෙනුනා
කිංකිනි රාවක් නැගුනා….ආ..ආ
රන් මැණිකේ මල් නෙලුවා

ආදරේ කරලා ඔබ හට ආදරේ පුදලා
වෙන අයෙකුගේ සුරත ගන්නේ
කෙලෙසද සිතලා
ඔබ ගැන සිතලා නොහඩන
හැඩුම් හඬලා
බොහෝ දුරක් ගෙවා ආවෙමි
ආදරේ හන්දා

ඔබ ලබා ගන්න ඔබ හට ඇති
ආදරේ හන්දා
දුකින් වේදනාවෙන් මා
සිටියේ සෑමදා
ඔබ නොදක ඉන්න බැරි උනේ
මම ආදරේ හන්දා
මම ඔබ ලග ඉන්නෙමි සතුටින්
පෙමින් සෑමදා

සුවද මල් මාරුතේ
උතුරා යතේ
අදුර ගමු මේ මාවතේ
ඔබේ දසුනින් පවා
හිතින් පා නොයන් යව්වනී
මේ ජීවිතේ ඔබ මගේ

සොයා ඇදේ මාගේ නෙත් පැලේ
මේ ජීවිතේ චාරිකාවේ
මා මනසේ ඈ ගැවසේ
ඒ දෑසේ වාසනාවේ
සැනසීමයි ආදරේ
නෙත් සොයා ඇගේ
මාගේ නෙත් ඇදේ
මේ ජීවිතේ චාරිකාවේ
මා මනසේ ඈ ගැවසේ
ඒ දෑසේ වාසනාවේ
සැනසීමයි ආදරේ


Original Songs

Adare Sitha Sanasana Adare
Artist - Keerthi Pasqueal

Rangira Ma
Artist - Nirosha Virajini
Lyrics - Bandula Nanayakkarawasam
Melody - MAhinda Bandara

Heenayak Wage 
Artist - Amal Perera
Music - Amal Perera
Lyrics - Manjula Wediwardana

Sihinen Sihinen
Artist - Namal Udugama
Music - Namal Udugama
Lyrics - Hemasiri Halpita

Ran Seenu Nada De
Artist - Raju Bandara
Music - Rookantha Gunathilake
Lyrics - Hemasiri Halpita

Kaha Mal Aththak
Artist -  Lakshman Hilmi
Music - Lakshman Hilmi
Lyrics - Sunil Yogendra

Oba Labaganna
Artist - Mariyasel Gunathilaka
Music - Chandral Fonseka
Lyrics - Chandral Fonseka

Neth Soya Age
Artist - Raj Wickramasinghe
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala All Time Hits Medley Vol2 Song Lyrics - Sinhala All Time Hits Medley Vol2 ගීතයේ පද පෙළ Sinhala All Time Hits Medley Vol2 Song Lyrics - Sinhala All Time Hits Medley Vol2 ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment