ජෑම් කුකීස් හදමු (Jam Cookies Hadamu)

ජෑම් කුකීස් හදමු (Jam Cookies Hadamu) - Your Choice Way

මම හදා ගත් ලොවි ජෑම් දාලා ඔන්න මං ජෑම් කුකීස් හැදුවා. ඔයාලටත් පුළුවන් කැමති ජෑම් වර්ගයක් එකතු කරගෙන මේ වගේ රසම රස කුකී ටිකක් හදා ගන්න 😍ඇත්තටම මේක ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 බටර් හෝ මාගරින් ග්‍රෑම් 100 ක්
  • 🌷 කුඩුකර ගත් සීනි / අයිසින් සීනි කෝප්ප 1/2 ක්
  • 🌷 පාන්පිටි කෝප්ප 1 1/4 ක්
  • 🌷 වැනිලා තේ හැඳි 1 ක්
  • 🌷 ජෑම් ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌹 මුලින්ම භාජනයක් ගෙන බටර් සහ සීනි එකතු කර හොඳින් බීට් කර ගන්න. හොඳින් මෘදු වී පැහැය වෙනස් වනතුරු බීට් කරන්න.
  2. 🌹 වැනිලා එකතු කරන්න . බීට් කරන්න.
  3. 🌹 දැන් හලාගත් පාන්පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරමින් අනා ගන්න.
  4. 🌹 අනා ගත් කුකී මෝලිය ඉටි කොලයකින් ආවරණය කර විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබන්න.
  5. 🌹 විනාඩි 30 කට පසු කුකී ඩෝ එක ඉවතට ගෙන නැවත ටිකක් අනා හැන්දකින් සමාන කොටස් කඩා බෝල සාදා අත්ල මත තබා තදකර කුකී සාදා ගන්න.
  6. 🌹 සාදාගත් කුකීස් බේකින් පේපර් එකක් එලූ තැටියක අතුරා ගන්න.
  7. 🌹 එම සාදා ගත් කුකීවල මැදට ඇඟිල්ලෙන් හෝ පිටුපස රවුම් හැඩති හැන්දකින් තදකර ජෑම් දැමීමට සුදුසු ප්‍රමාණයට ඉඩ සාදා ගන්න . කුකී එක සිදුරු කර ගන්න  එපා.
  8. 🌹 දැන්  ජෑම් තේ හැඳි 1/4 ක් හෝ 1/2ක් පමණ ඉටි බෑග් එකකින් හෝ පයිපින් බෑග් එකකින් පයිප් කර ගන්න . කුඩා හැන්දකින් උනත් පරිස්සමෙන් කර ගන්න පුළුවන්.
  9. 🌹 මෙසේ සකස් කරගත් කුකීස් නැවත විනාඩි 20 ක් පමණ ශීතකරණයේ තබන්න.
  10. 🌹 දැන් 150 °C  න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 12 ක් 15 ක් පමණ බේක් කර ගන්න . යාන්තමට රන්වන් පැහැය ආවම ඇති.
ඉතිං ඔයාලත් හදලා බලන්න හරිම පහසුයි ,ඒවගේම රසයි. පොඩිත්තො ගොඩාක් කැමති වේවි 😍

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
ජෑම් කුකීස් හදමු (Jam Cookies Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජෑම් කුකීස් හදමු (Jam Cookies Hadamu) ජෑම් කුකීස් හදමු (Jam Cookies Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 21, 2022 Rating: 5

0 comments:

Post a Comment