වසර 2500 කට පමණ පෙර මල සිරුරක තැන්පත් කර තිබූ සම්පූර්ණ ගංජා ශාකයේ පැල (Ganga)

වසර 2500 කට පමණ පෙර මල සිරුරක තැන්පත් කර තිබූ සම්පූර්ණ ගංජා ශාකයේ පැල (Ganga) - Your Choice Way

පුරාවිද්‍යාඥයින් විසින් "සම්පූර්ණ ගංජා ශාකයෙ පැල" සොයා ගත් ප්‍රථම අවස්ථාව ( ශාකයෙ මුල් සමග).

වසර 2500 කට පමණ පෙර භූමදානය කල සිරුරක් මත තැන්පත් කර හොඳින් සංරක්ෂණය වී තිබූ ගංජා පැල ප්‍රථම වරට පුරාවිද්‍යාඥයන් විසින් චීනයේ Turpan (ටර්පන්) හි දි සොයා ගෙන ඇත.

පුරාවිද්‍යාඥයින් විසින් සම්පූර්ණ ගංජා පැල සොයා ගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඒවා මිනිස් සුසානයක "වැස්මක්" ලෙස භාවිතා කිරීමේ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.  මෙහිදි අඩි තුනක් පමණ දිග ගංජා පැල දහතුනක් මිනිසාගේ පපුව හරහා අතුරා තිබි ඇත.

මෙම සොහොන්ගැබේන් හමුවු මෙම අන්තර්ගතයේ බෝහෝ සාධක රේඩියෝ කාබන් කාල නිර්ණය කිරීමෙන් වසර 2,400 සිට 2,800 කට පමණ පෙර (ඳල වශයෙන් 2500 පෙර) බව ගණනය කර ඇත.(මෙම සාධක වලට අමතරව චීනයේ Turpan (ටර්පන්) හි හමුවු සුසාන භූමියේ කැණීම් කරන ලද සොහොන් 240 කින් ස්ථාන කිහිපයක ගංජා ශාකයේ කොටස් හමු වී ඇත, විශේෂයෙන් යාන්හයි සුසාන භූමියේ ගංජා ඇට රාත්තල් දෙකකට ආසන්න ප්‍රමාණයක් සහ කුඩු කළ කොළ අඩංගු වි ඇත. එමෙන්ම ටර්පන්ට බටහිරින්, ගංජා බීජ (ක්‍රි.පූ පළමු සහස්‍රය) දකුණු සයිබීරියාවේ ස්කිටියානු සුසානවලින් ද සොයාගෙන ඇත.)

 චීනයේ ඉපැරණි සුසාන භූමිවල තිබී ගංජා ශාකය සොයාගැනීම සුවිශේෂ දෙයක් වන අතර නොයෙක් විශ්ලේෂණ හමුවෙ පර්‍යෙෂකයන් පෙන්වා දෙන්නෙ සමකාලීනව ගංජා පරිභෝජනය "ඉතා ජනප්‍රිය" වි ඇති බවත් පුරාණ යුරේසියානු සංස්කෘතීයට අනූව චාරිත්‍රානුකූලව ඖෂධීය අරමුණු සඳහා මෙම ශාකය භාවිතා කර ඇති බවත්ය.

Credit - nationalgeographic.com ඡායාරූප අනුග්‍රහය - HONGEN JIANGලෝක පුරාවිද්‍යාව හා ඉතිහාසය.....

දැනුම සොයන්න මේ පාරෙන් එන්න..........අන්තර්ජාලය ඇසුරෙනි............

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වසර 2500 කට පමණ පෙර මල සිරුරක තැන්පත් කර තිබූ සම්පූර්ණ ගංජා ශාකයේ පැල (Ganga) වසර 2500 කට පමණ පෙර මල සිරුරක තැන්පත් කර තිබූ සම්පූර්ණ ගංජා ශාකයේ පැල (Ganga) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2022 Rating: 5

0 comments:

Post a Comment