Nilupul Yuwale Song Lyrics - නිලුපුල් යුවළේ ගීතයේ පද පෙළ

Nilupul Yuwale Song Lyrics - නිලුපුල් යුවළේ ගීතයේ පද පෙළ
Song Title : Nilupul Yuwale (නිලුපුල් යුවළේ)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : කේ.ඩී.කේ.ධර්මවර්ධන


නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ

ගලන ගඟේ මඟ අහුරා
වැට කොටු බඳිනු නොහේ
සුළඟ වැදී මෙර නොසැලේ
නොහඬයි මලවි කුලේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ
පාවී යාවී සුසුම්

නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ

දවස පුරා ගුවනෙ සරා
බැසයයි ඇදිලි කරා
සියැස පුරා නිදි නොලබා
ඔබ ළඟ රැඳෙමි ළඳේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ
පාවී යාවී සුසුම්

නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ

මා සිරුරේ වෙළේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nilupul Yuwale Song Lyrics - නිලුපුල් යුවළේ ගීතයේ පද පෙළ Nilupul Yuwale Song Lyrics - නිලුපුල් යුවළේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment