චොක්ලට් ස්විස් රෝල් හදමු (Chocolate Swiss Roll Hadamu)

චොක්ලට් ස්විස් රෝල් හදමු (Chocolate Swiss Roll Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 බිත්තර 3 ක් 
  • 🎈 පාන්පිටි 60g ක්
  • 🎈 සීනි 80g ක් (60g+20g ලෙස වෙන වෙනම කිරා ගන්න)
  • 🎈 බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක්
  • 🎈 චොකලට් පවුඩර් මේස හැඳි 2 ක්
  • 🎈 කිරි මේස හැඳි 3 ක් ( 45ml)
  • 🎈 තෙල් මේස හැඳි 3 ක් (45ml)
  • 🎈 ලුණු තේ හැඳි 1/4 ක්
  • 🎈 වැනිලා තේ හැඳි 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ⭕ මුලින්ම බිත්තර සුදුමද ,කහමද වෙන්කර ගන්න.
  2. ⭕ පිටි සහ බේකින් පවුඩර් එකට හලා පසෙකින් තබන්න.
  3. ⭕ සුදුමද පෙන එනතුරු ගසා ගන්න.
  4. ⭕ පසුව එයට සීනි 60g  ටික ටික එකතු කරමින් බිත්තර සුදුමද ඝන වනතුරු හොඳින් ගසන්න.
  5. ⭕ පසුව කහමද වලට ඉතිරි සීනි සහ ලුනු එකතු කර ක්‍රීම් පැහැ වනතුරු හොඳින් බීට් කරන්න.
  6. ⭕ දැන් එයට තෙල්,  කිරි  සහ වැනිලා එකතු කර බීට් කරන්න.
  7. ⭕ පසුව බීට් කරගත් කහමද මිශ්‍රණය ට හලාගත් පිටි සහ බේකින් පවුඩර් තුන් වතාවකට  එකතු කරමින්  හොඳින් මිශ්‍ර කරන්න.
  8. ⭕ දැන්  ගසාගත් බිත්තර සුදුමද , පිටි මිශ්‍රණයට ටික ටික එකතු කරමින් හැන්දකින් පෙරලමින් මිශ්‍ර කර ගන්න.
  9. ⭕ දැන් බේකින් පේපර් එකක් යොදා සකස් කරගත් අඟල් 8×10 තැටියක මේ මිශ්‍රණය දමා හොඳින් තුනී කර ගන්න.
  10. ⭕ මේසයක් මත තැටිය දෙතුන් වතාවක් ගසා වායු බුබුළු ඉවත් කර ගන්න.
  11. ⭕ දැන් 160 ° C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 15, 20 ක් පමණ බේක් කර ගන්න.
  12. ⭕ අනතුරුව කේක් එක තැටියෙන් ඉවතට ගෙන ඔයිල් පේපර් එකක් මතට දමා බේකින් පේපර් එක ගලවා ඉවත් කර රස්නය තිබියදීම රෝල් කර ගන්න.
  13. ⭕ කේක් එක නිවුනු පසු නැවත දිගහැර චොකලට් අයිසින් තවරා නැවත රෝල් කරන්න.
  14. ⭕ පැය 2 ක් පමණ ශීතකරණයේ තබා රස විඳින්න පුළුවන්.
එහෙනම් ඔන්න ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 ෆොටෝ එකකුත් එවන්න අමතක කරන්න එපා 🧡❤️🧡❤️❤️

හෙළයේ රස මිහිර
චොක්ලට් ස්විස් රෝල් හදමු (Chocolate Swiss Roll Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චොක්ලට් ස්විස් රෝල් හදමු (Chocolate Swiss Roll Hadamu) චොක්ලට් ස්විස් රෝල් හදමු (Chocolate Swiss Roll Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 08, 2022 Rating: 5

0 comments:

Post a Comment