අපි වගේම අය ජීවත් වෙන සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව (THE PARALLEL WORLDS AND PARALLEL UNIVERSE)

අපි වගේම අය ජීවත් වෙන සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව (THE PARALLEL WORLDS AND PARALLEL UNIVERSE) - Your Choice Way

මොකක් ද මේ සමාන්තර ලෝකයක් කියලා කියන්නෙ? සමාන්තර ලෝක, මේ නම අහපු ගමන්ම ඔබට මොක ද හිතෙන්නෙ?

සමහර විට කෙනෙක්ට මේ සම්බන්ධ අදහසක් තියෙනවා. සමහර කෙනෙක්ට අදහසක් ඇත්තෙම නෑ. සමහරුන්ට හිතා ගන්නවත් බෑ. සමහර කෙනෙක්ට මේ ගැන කනින් කොනින් ඇහිලා තිබ්බත් ඒ ගැන නිශ්චිත අදහසක් නෑ.

එහෙමනං මොකක් ද මේ සමාන්තර ලෝකයක් කියලා කියන්නෙ. සාමාන්‍ය වචන අර්ථයෙන්ම ගත්තම ඒක ඔබට පැහැදිළි කරගන්න බොහොම ලේසියි. මේ වචනයෙන් කියන්නෙ “එක සමාන ලෝක” කියන එක. මේක තව දුරටත් පැහැදිළි කරනවා නම් මේ අදහස් කරන්නෙ ඔබ සහ මම ඉන්න මේ ලෝකෙට සමාන මේ ලෝකෙ වගේම ජීවිත ගලායන තවත් ලෝකයක් ගැන. මේ ලෝකයේ සිදුවීම් එකිනෙකට වෙනස් උනත් චරිත සහ රූප සීයට සීයක්ම සමානයි කියලයි මේ ගැන කතා කරන උදවිය කියන්නෙ. ඒ කියන්නෙ ඒ ලෝකයෙත් ඔයාම ඉන්නවා. වෙන නමකින් සහ වෙන ගතිලක්ෂණ එක්ක. හැබැයි ඒ ලෝකෙ ඔයාගෙ අම්මා තාත්තා වගේම නෑදෑයො හැමෝමත් මේලෝකෙ වගේම ඉන්නවා. එයාලත් මෙයාලා වගේමයි. එයාලා සහ මෙයාලා කොයි තරම් නං සමාන ද කියනවා නම් හරියටම නිවුන් සහෝදරයො වගෙයි පේන්නෙ. ඒ නිසා එහෙම සමාන්තර ලෝකෙකට වැරදීමකින්වත් පය ගැහුවොත් අපිට හිතා ගන්නවත් බැරි වේවි.

මේ ගැන ලෝකයේ බොහෝ පර්යේෂණ සිද්ධ වෙනවා. ඒ විදියට මේ මාතෘකාව සම්බන්ධ ව උනන්දුවක් දක්වන පර්යේෂකයො කියන කාරණාවක් වෙන්නෙ මේ සමාන්තර ලෝක බොහෝ විට අපේ විශ්වයෙන් එපිට තැනක තියෙනවා වෙන්න පුලුවන් කියන එක. සමහර විට සමාන්තර ලෝකයක් පිහිටා තිබෙන්නෙ අපේ විශ්වයෙන් එපිට තියෙන වෙනත් විශ්වයක වෙන්න පුලුවන් කියලයි සමහර අය කියන්නෙ.

ඒත් ඒ මතයට පිටස්තර අදහසක් දක්වන අය කියන්නෙ සමහර විට මේ සමාන්තර ලෝක විශ්වයේ තියෙන කලු කුහර තුළ නිර්මාණය වෙනවා ය කියලා. මේ අදහස් දෙකටම පිටස්තර අදහසක් දරන අයත් ඉන්නවා. ඒ අය කියන්නෙ සමාන්තර ලෝක තියෙන්නෙ වෙනත් ලෝකයක හෝ ග්‍රහලෝකයක නෙමෙයි කියලා. මේ අය කියන විදියට සමාන්තර ලෝක පිහිටා තියෙන්නෙ අපේ ලෝකෙම අපි සාමාන්‍යයෙන් ළඟා නොවන තැන්වල ලු. මේ විදියට සමාන්තර ලෝක ගැන උනන්දුවක් දක්වන අය එහෙම තැන් කීපයක් අපේ රටේ තියෙනවා කියලත් කියනවා. ඉන් එකක් මිහින්තලයේ කලු දිය පොකුණ ආශ්‍රිත ප්‍රදේශය. තවත් තැනක් වෙන්නෙ සිරීපාද කන්දෙ ජපන් දාගැබට පිටුපස ප්‍රදේශය. මේ තැන් දෙකේම රහසිගත දොරටු වලින් ඇතුලු වුණාම මේ විදියෙ වෙනත් සමාන්තර ලෝකයක් මුණ ගැහෙන බව ඔවුන් කියනවා.

කොහොම නමුත් සමාන්තර ලෝක පිළිබඳ අපේ රටේ හුඟාක් අයට අත්දැකීමක් තියෙනවා.ඒ තමයි මීට වසර කීපයකට කලින් විකාශනය වුණ ස්පෙල් බයින්ඩර් හෙවත් මායා බන්ධන කතා මාලාව. ඒ කතා මාලාවෙ දි ඔවුන් විශේෂ යානාවකින් සමාන්තර ලෝකයකට යනවා. ඒ යන ඔවුන් බරපතල ගැටලු වලට මුහුණ දෙනවා. මේ විදියට විටින් විට දකින ඇහෙන නිර්මාණ වල ඇරුණම වෙනත් කිසිම විදියකින් මේ සමාන්තර ලෝක අත්දැකීම විඳපු කෙනෙක් නං ප්‍රායෝගික ලෝකයේ අපට මුණගැහිලානෑ. ඒත් එහෙම මුණ නො ගැහුණා ය කියලා සමාන්තර ලෝක කියලා ජාතියක් නෑ කියලා කියන්නත් අපිට බෑ. මොක ද මේලෝකයේ අපි නොදන්නා බොහෝ දේ සිද්ධ වෙනවා. ඒවයෙ ඇත්ත නැත්ත මනින්න තරමට අපි දියුණු වෙලා නෑ වගේ ම නවීන විද්‍යාවට පවා අත පෙවිය නොහැකි සීමාවේ බොහෝ දේ තියෙනවා.

මේ කියන විදියට ආලෝක වර්ෂ සිය දාස් ගාණකට එපිට තැනක කොහේ හෝ ග්‍රහලෝකයක ඔයා වගේම කෙනෙක් ඔයාගෙ අම්මා තාත්තා වගේම අයත් එක්ක ජීවිතේ ගෙවනව ද? හිතන්න ගියාම පිස්සු වගේ හිතේවි. ඒත් කළබල වෙන්න එපා. තව ම මිනිසා අල්ලපු ග්‍රහලෝකෙ වෙච්ච අඟහරුට යන්නත් සැළසුම් හදනවා. ඉතිං අපේ විශ්වයට එහා තියෙන වෙනත් චක්‍රාවාට වලට යන දවසක් එන්න තව ආත්ම ගණනක් ගතවේවි. කලු කුහරයක් අස්සට රිංඟන්නත් එහෙමම තමයි. තවම මනුෂ්‍ය වර්ගයා ඒ ගැන හිතලවත් නෑ. හැබැයි ඉත්ං ඔය කලින් කියපු සිරීපාද කන්ද, කලුදිය පොකුණ වගේ සීමාවන් වල නම් හොයන්න බලන්න පුලුවන්. ඒත් මේ සංකල්පය සත්‍යයට වඩා ළඟ කල්පිතයට නිසා ඒ ගැන පූර්ණ පර්යේෂණ කරන්න කාටවත්ම ඕන වෙලා නෑ.

ඒත් මේ සංකල්පය විවිධ මට්ටමේ තැන් වල කතා බහ කෙරෙනවා. සමහරු හොයනවා බලනවා. ඉඳහිට මතුවෙනවා. ආයෙත් යට යනවා. ලෝකයේ විවිධ මාන සහ අන්තර් විශ්වීය සොයා බැලීම් අතර මේ කතාව කියවෙනවා. ඒ නිසා සමාන්තර ලෝක කියන්නෙ විහිලුවක් නම් නෙමේ. මේක ගැන විද්‍යාත්මක ව විශ්ලේෂණය කරන අය ඒ ගැන කතා කරන්නෙ භෟතික විද්‍යාත්මකව. 1954 ජපානයේ ටෝකියෝ ගුවන් තොටුපලට පැමිණි පුද්ගලයෙක් ගැන කරපු පරීක්ෂාවක දී ඔහුගෙ ගමන් බලපත්‍රයෙ සඳහන් වෙලා තියෙන්නෙ “ටර්ඩ්” කියලා රටක් ගැන. එහෙම රටක් මේ ලෝකෙ නැති නිසා ඔවුන් අදහස් කරන්නෙ මේ පුද්ගලයා සමාන්තර ලෝකෙකින් ආවා ය කියලා.

හැබැයි මේ කතාවෙ විශ්වාස කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා පිළිගන්න එක නොපිළිගන්න එක අපේ වැඩක්. මේක සංකල්පයක් විතරක්ම වෙන්නත් බැරි කමක් නෑ. හැබැයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. විද්‍යාවට ළඟා වෙන්න බැරි විදියෙ හුඟාක් ඒවා තවම තිබෙනවා.

සමාන්තර විශ්වයක් යනු සමාන්තර මානයක්, විකල්ප විශ්වයක් හෝ විකල්ප යථාර්ථයක් ලෙසද හැඳින්වෙන අතර එය තමන්ගේම සමකාලීන පැවැත්මේ උපකල්පිත ස්වයං අන්තර්ගත පැවැත්මකි. යථාර්ථය වන සියලු විභව සමාන්තර විශ්වයන්ගේ එකතුව බොහෝ විට හැඳින්වෙන්නේ “Multiple” යනුවෙනි. මෙම පද තුන සාමාන්‍යයෙන් සමාන වන අතර බොහෝ අවස්ථා වලදී ඒවා එකිනෙකට වෙනස් ලෙස භාවිතා කළ හැකි නමුත් සමහර විට “Alternative Universe /Reality” යන යෙදුමෙන් අතිරේක අර්ථකථනයක් ඇති අතර එයින් ඇඟවෙන්නේ යථාර්ථය අපේම ප්‍රභේදයක් වන අතර සමහරක් ඒ හා සමාන ය. විකල්ප ඉතිහාසය ලෙස නම් කර ඇත. අපේම විශ්වය සමඟ සම්බන්ධතාවක් හෝ සම්බන්ධතාවක් නොමැතිකමකින් තොරව “සමාන්තර විශ්වය” යන යෙදුම වඩාත් පොදු ය. *සොබාදහමේ නියමයන්ම වෙනස් විශ්වයක්* – උදාහරණයක් ලෙස චලිතයේ නියමයන් නැති එකක් – සමාන්තර විශ්වයක් ලෙස සලකන නමුත් විකල්ප යථාර්ථයක් සහ ෆැන්ටසි ලෝකය සහ පෘථිවිය අතර සංකල්පයක් නොවේ. මෙය තමා  සමාන්තර ලෝක සංකල්පයෙ ටිකක්  සංකීර්ණ සහ යම්තාක් දුරට අදහසක් ගත හැකි සමාන්තර ලෝක නිර්වචනය ඒත් මන් හිතුවා මීටත් වඩා සරලව ඔබට පැහැදිලි කර මේ පිලිබද අදහසක් ලබා දීමට.

මෙම ලිපියේ පළමු කොටස – අපි වගේම අය ජීවත් වෙන සමාන්තර ලෝක /විශ්ව – Part 01
මේ කතාවෙ විශ්වාස කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා පිළිගන්න එක නොපිළිගන්න එක අපේ වැඩක්. මේක සංකල්පයක් විතරක්ම වෙන්නත් බැරි කමක් නෑ. හැබැයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. විද්‍යාවට ළඟා වෙන්න බැරි විදියෙ හුඟාක් ඒවා තවම තිබෙන බවයි. ඒක නිසා මන් උදාහරණ එක්ක මෙය පැහැදිලි කරන්නම්.

ලෝකය කියන්නෙ අපි ඉන්ද්‍රියන් ඇසුරෙන් ලබා ගන්නා දැනුම තුලින් ගොඩනගා ගත්තාවු ලෝකයක් මෙම ඉන්ද්‍රියන්ට හසු නොවන බොහෝ දේ මෙහි අන්තර් ගත වීමට පුලුවන්. උදාහරණයක් වශයෙන් අන්ධ පුද්ගලයන්ගෙ ලොකයේ පාට කියල දෙයක් තිබීමට පුලුවන්ද? ඇත්තටම එහෙම දෙයක් නෑ. අන්ධයන්ගෙ ලෝකයේ ජීවත් වන ඇස් පේන කෙනෙක් අන්ධ පුද්ගලයන්ට පවසනවා පාට කියලා දෙයක් තියෙනවා කියලා. ඉතින් ඔවුන් ඒක විශ්වාස කරයිද? කීයටවත් ඔවුන් ඒක විශ්වාස කරන්නෙ නැහැ. ඉතින් අපි තවමත් නියම ලෝකය සහ විශ්වය දැකලා නැහැ. මොකද අපෙ ඉන්ද්‍රියන්ට හසු නොවන ඕනෑ තරම් දේවල් විශ්වයෙ තිබෙන්න පුලුවන්. නමුත් අපෙ ඉන්ද්‍රියන්ට හසු නොවුනත් එය හසු කරගන්න හොඳ මෙවලමක් අපි සතුව තිබෙනවා. එය තමා *ගණිතය සහ විද්‍යාව* ඉතින් මේ ගණිතය සහ විද්‍යාව ආශ්‍රයෙන් දැනට විද්‍යාඥයන් විසින් හෙලි කරපු අලුත් සංකල්පයක් තිබෙනවා. එය තමා සමාන්තර ලෝක සංකල්පය.

අතීතයෙදී  මායා බන්ධන පොත් සහ චිත්‍රපට බලපු අයට නම් මෙය අලුත් සංකල්පයක් නොවෙයි. [Kill Switch, Another Earth,The One වගෙ Films] නමුත් අනිත් අයටනම් මෙක අලුත් සංකල්පයක්. ඉතින් ඇත්තටම සමාන්තර ලෝක තිබෙනවද? මෑත කාලයෙදි සමාන්තර ලෝක ගැන කතාවෙන්න පටන් ගත්තෙ 2027 වර්ෂයෙ ඉදන්  වීඩියො දාන පුද්ගලයෙක් පිලිබඳ ( ජිනි ආවා යුනිකෝස් නැමැති පුද්ගලයා)  සමාජ මාධ්‍ය ජාලා මගින් ඉතාම ප්‍රසිද්ධියට පත් වීම නිසා. නමුත් මෙම කතාව බොරුවක් වීමේ සම්භාවිතාව ඉතා වැඩි නිසා මේකට කාලය නාස්ති කිරීම අපරාධයක්. නමුත් ඒ වෙනුවට ගොඩනැගිලි විනාශ නොවී ජීවින් පමණක් විනාශ කරන්න පුලුවන් ආයුධ ලෝකයෙ තිබෙනවා. (ජෛව රසායනික අවි වගෙ) ඒත් එම ආයුධ පිපිරිලා ගියොත් ඔබගෙ එක සෛලයක් වත් සොයා ගැනීමට හම්බෙන්නෙ නැහැ. නමුත් ඔබගෙ ඇදුමෙ එක නූල් පොටක් වත් විනාශ නොවි ඒ විදියටම තිබේවි ඉතින් අන්න ඒ වගෙ ආයුධ පිලිබද Article එකක් මන් ලගදිම අරන් එන්නම්. කොහොම නමුත් අවසානෙදි  2027 වර්ශයෙ ඉඳන් එවපු වීඩියෝව බොරුවක් කියලා ඔප්පු වෙමින් තිබෙනවා. නමුත් මිනිසුන් තුල මොකද්ද මේ සමාන්තර ලෝකයක් කියන්නෙ කියලා හොයලා බලන්න තියෙන කුතුහලය මේ සිද්ධිය නිසා තව තවත් වැඩි උනා. ඉතින් මේක නිසාම ඔවුන් හිතන්න පුලුවන් සමාන්තර ලෝක කියන සංකල්පයත් බොරු කියලා. නමුත් ඒක ඇත්තක් ඒක ගැන කතා කරන්න තමයි මෙම සමාන්තර ලෝක Part 2 Article මන් ලියන්න හිතුවෙ. ඒවගේම සමාන්තර ලෝක ගණිතමය වශයෙන් ඔප්පු කරන්න පුලුවන් ක්‍රම රාශියක් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් සරල ගණිතමය ඔප්පු කිරීමක් පමණක් ගෙන ඒමට මන් සූදානම්.

විශ්වය ලෙස දුරේක්ෂ ඇසට හසුවන දුරෙහි ඇති ප්‍රදේශය *නිරීක්ෂ්‍ය විශ්වය* ලෙස හදුන්වනවා ඉතින් ගොඩක් වෙලාවට අපි පිටසක්වල ජීවින් හොයන්නෙ මේ නිරික්ෂ්‍ය විශ්වයෙන්. හැබැයි අමතක කරන්න එපා අපිට නිරික්ෂණය කරන්න බැරි කොටසකුත් තිබෙනවා. ඉතින් අපිට ඒ නිරික්ශය කරන්න බැරි කොටසේ පිටසක්වල ජීවීන් ජිවත් වෙනවා. ඒ කියන්නෙ ඒ ග්‍රහලෝකයේ දී ඔබෙ නම තිබෙන ඔබේ රුව ගුණ තිබෙන ඔබ වැනිම කෙනෙක් සිටිනවා. නමුත් යම් යම් කාරණා මත ඔබයි එයයි පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. ඒකියන්නෙ ඔයා ගොඩක් කැමති පොත් කියවීමට නම් සමාන්තර ලොකෙ ඉන්න එයා කැමති සින්දු කියන්න වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා කැමති අඹ වලට වුනාට එයා කැමති ඇපල් වලට වෙන්න පුලුවන්. භෞතික විද්‍යාවේ දැනට සමාන්තර හෝ බහු විශ්ව තිබෙනවනම් එය පවතින ආකාර කිහිපයක් දක්වනවා. නමුත් අපි කතාකරන්නෙ ඉන් ප්‍රධාන මතයන් විතරයි. ප්‍රධානම මතය තමයි කිසියම් සිදුවීමක් සිදුවීමෙ සම්භාවිතාවක් කොතරම් තියෙනවද ඒ තරමටම සමාන්තර ලෝක තිබෙනවා කියනවා එක. උදාහරණයක් විදියට අපි නිකමට හිතමු ඔයාගෙ නම කසුන් කියලා. ඔයා අපේ විශ්වයෙ ඉදගෙන කාසියක් උඩ දානවා ඔයාට කාසියෙ සිරස ලැබෙනවා. ඒ වගේම තවත් විශ්වයක් තිබෙනවා ඒ ග්‍රහලෝකෙත් ඔයා වගේම කෙනෙක් ඉන්නවා. එයාගෙ නමත් කසුන් එයත් ඔයා වගේමයි. ඉතින් එයත් කාසියක් උඩ දානවා. හැබැයි එයාට ලැබෙන්නෙ අගය. ඉතින් මේක නිකන් පිස්සු අදහසක්  කියලා ඔබට හිතෙනවා ඇති. නමුත් අපිට මේක ගණිතමය වශයෙන් පැහැදිලි කරන්න පුලුවන්.

ඉතින් මම මේක පැහැදිලි කරන්නෙ ඉතාමත් සරලව නිසා සහ සමාන්තර ලෝක තිබෙනවා කියලා ඔප්පු කරන්න පුලුවන් සරලම ක්‍රමයෙන්. ඉතින් මම මේක ලියන්නෙ ඕනම කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් විදිහට. ඒක නිසා මේක ගැන හොදටම දන්න අය මට සමාවන්න. ඒක මන් ගණිතමය වශයෙන් ඔප්පු කරන්නෙ අනන්තය කියන දෙයෙන්, ඇතැම් විද්‍යාඥයන් ට අනුව මෙ විශ්වය අනන්ත දිශාවකට පැතිරෙමින් තිබෙනවා මේක ඉවර වෙන්නෙ නැතිව අනන්තය දක්වා පැතිරෙන නිසාම අනන්ත සිදුවීම් රාශියක් සිදුවෙන්න පුලුවන්. ඉතින් මේ අනන්ත සිදුවීම් අතරෙ අපෙ වගේම ග්‍රහලෝකයෙක අපි වගේම කෙනෙක් සිටීමේ කුඩා හෝ සම්භාවිතාවක් ලැබෙනවා. ඒක කෙතරම් කුඩා සම්භාවිතාවයක් උනත් අනන්ත දුරකින් හරි මේ වගෙ ග්‍රහලෝකයක් තිබිමේ සම්භාවිතාවයක් තිබෙනවා. නමුත් මේ සංකල්පයට අනුව මේ ග්‍රහලෝකය තිබෙන්නෙ අනන්ත දුරකින් නිසා ඔබට මේ ග්‍රහලෝකයට ගමන් කිරීම කවදාවත් හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඉතින් සමාන්තර ලෝකයක් තිබෙන්න පුලුවන් අපේ ලෝකයෙ මේ ගෙවීයන්නෙ 2021 වර්යෂ වුනාට ඒ ග්‍රහලෝකයේ 2002 ගෙවීයන ඒ ග්‍රහලෝකයෙ දැනට ගත වෙන්නෙ අපේ ග්‍රහලෝකයේ අතීතයයි. තවත් ග්‍රහලෝකයක් තිබෙන්න පුලුවන් ඒ ග්‍රහලෝකයේ ගත වෙන්නෙ අපේ පෘථිවියෙ අනාගතය වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට 2050 වර්ෂය, ඉතින් හොඳට මතක තියා ගන්න මේක මේ විදිහට ගත වෙලා ගියාට මේ යන කාල රේඛාව ඕන විදිහකට වෙනස් වෙන්න පුලුවන්. ඉතින් සමහර වෙලාවන් වලට මනස දියුනු කරගත් පුද්ගලයන් මේ රහස හොදින් දැන ගෙන ඉන්න පුලුවන්. ඒකට හේතුව දැඩි ලෙස මනසින් බැදී සිටින දෙදෙනෙක් කෙතරම් දුර සිටියත් එක් අයෙකුට කරදරයක් වනවිට අනෙක් කෙනාට ඒක දැනීම. මෙය තාමත් විද්‍යාත්මකව තහවුරු කර නැති නමුත් තවමත් පරීක්ෂණ කරනවා. සමහර විද්‍යාඥයන් “ක්වන්ටම් භෞතිකය”  [Quantam Physics ] ඇසුරෙන් පහදන්න උත්සාහ කරත් තවමත් එවා විද්‍යාත්මකව පිලිගෙන නැහැ. නමුත් මේ උපකල්පනයන් සත්‍ය නම් සමහර විට අපේ ලෝකයේ සහ ඒ ලෝකයේ වෙන දේවල් සහ කම්පන සංඛ්‍යාතයන් සමාන නිසාම තරමක් මනස දියුණු කරගත් පුද්ගලයන්ට මෙය දකින්න දැන ගන්න පුලුවන්. සමහර නිවැරැදි අනාවැකි පවසන අය අනාගතය ගැන කියන්නෙ සමහර විට අනාගතය ගලා යන සමාන්තර ලෝකයක ටයිම් ලයින්/කාල රේඛාව [ Time Line ] එකක් මනසට හසු වීම නිසා වෙන්න පුලුවන්.

ඒකයි අනාවැකි කියන අය හිටපු ගමන් අනාවැකි හොඳටම වරද්ද ගන්නෙ මොකද ඒ ගෙවී යන්නෙ අපේ ග්‍රහලෝකය නෙමේ. අපේ කොපියක් විතරයි. ඕනෑම වෙලාවක යම් සිදුවීමක් නිසා එ මුළු ග්‍රහලෝකයෙම Time Line එක වෙනස් වෙලා ගමන් කරන්න පුලුවන්. ඉතින් ඒ Time Line  එක දිහා බලාගෙන අනාවැකි කියන තරමක් මනස දියුණු අයට අබ සරණ තමයි. ඉතින් අපිට කවදහරි මේ සමාන්තර ලෝකවලට ගමන් කරන්න පුලුවන් ක්‍රමයක් හොයා ගත්තොත් ඒ ක්‍රමය හරහා අපිට කාලය හරහා ගමන් කරන්න පුලුවන්. ඒ විතරක් නෙමේ මේ නිසා අපිට කාල පරස්පරතා (Time Paradox ) වලින් බේරෙන්නත් පුලුවන්. තවත් මතයක් තිබෙනවා. ඒ මතයට අනුව කාලය හා අවකාශය පවතින්නෙ බුබුලු ආකාරයට මෙම බුබුලු පවතින්නෙ ප්‍රසාරණය හා සංකෝචනය වෙමින්.

අපේ විශ්වයත් තිබෙන්නෙ අන්න ඒ එක බුබුලක් ඇතුලෙ ඉතින් ඒ මතයට අනුව ඒ හැම විශ්වයකම ජීවය කියන එක නැහැ. මොකද එක එක විශ්වයන් තුළ ක්‍රියාත්මක වන්නෙ ඊට අනන්‍ය වුනු භෞතික නීති. සමහර විශ්වයන් තිබෙනවා ආලෝකයෙ වේගය අපේ විශ්වයට වඩා වැඩි. ඒ වගේම තවත් විශ්වයන් තිබෙන්න පුලුවන් අපෙ විශ්වයට වඩා ආලෝකයෙ වේගය අඩු. ඉතින් මේ වෙනස් භෞතික නීති නිසා හැම විශ්වයකම ජීවය පවතින්නෙ නැහැ. අපගේ විශ්වය මත ජීවයක් පවතින්නෙ වඩාත්ම උචිත භෞතික විද්‍යාත්මක තත්වයක් මෙහි තිබෙන නිසා. ඒ වගේම මේ බුබුලු රාශියක් තිබෙන නිසාම අපි වගෙ භෞතික නීති රීති තිබෙන විශ්වයක ඔබ වගේම කෙනෙක් මේ වගෙ Article එකක් කියවමින් ඉන්නවා වෙන්නත් පුලුවන්. මොකද ඉස්සර වෙලා කිවුවා වගෙම අනන්ත සිදුවීම් අතරෙ සම්භාවිතාව ඉතාම කුඩා උනත් එහෙම දෙයක් වෙන්න පුලුවන් තවත් මතයක් තිබෙනවා එක්තරා ආකාරයකට විශ්ව කිහිපයක් තිබිමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ කියන්නෙ අපේ විශ්වය මතම තවත් විශ්වයක්. ඉතින් මේ ක්‍රමයට අනුව සමාන්තර විශ්වය තිබෙන්නෙ ගොඩක් ඈතින් නෙමේ ගොඩක් ම ලඟින්. මෙම කල්පිතය හරහා අපට ලැබෙනවා පෘථිවිය මත ඉඳලම වෙනත් සමාන්තර ග්‍රහලෝකයකට ගමන් කරන්න. ඉතින් මේ කල්පිතය විශ්වාස කරන විද්‍යාඥයන් පෘථිවියේ ඉදලම වෙනත් ග්‍රහලෝකයකට යාමට සමාන්තර දොරටු නිර්මාණය කිරීමට උත්සහ කරනවා....

සමාන්තර ලෝක කිහිපයක් තිබිය හැකිද.?
විශ්වය ලෙස දුරේක්ෂ ඇසට හසු වන්නේ අපිට ආලෝකය ලැබෙන ප්‍රමාණයක දුරෙහි ඇති ප්‍රදේශයකුයි. මෙය නිරීක්ෂ්‍ය විශ්වය ලෙස හැඳින්වෙනවා. අපට මෙලෙස පෙනෙන ප්‍රමාණයෙහි තවත් ජීවීන් කොටසක් සිටිනවා නම්, ඔවුන්ට අපටත් එහා ඇති තවත් කොටසක් පෙනෙන නිසා ඔවුන්ගේ නිරීක්ෂ්‍ය විශ්වයෙහි කොටසක් අපට දැකගන්නට නොලැබෙන ප්‍රමාණයේ පිහිටා තිබෙනවා. සමාන්තර ග්‍රහලෝක සංකල්පයෙහිම පුළුල් මට්ටමක් වන සමාන්තර හෝ බහු-විශ්වයන්ගේ සංකල්පය ද දැන් කතාබහට ලක් වන්නක්. සමාන්තර ග්‍රහලෝක පිළිබඳ මතයෙහි සඳහන් වන්නේ අප වැනිම තවත් ග්‍රහලොවක් වෙනත් විය-හැකියාවක් සහිතව තිබිය හැකිය යන්නයි. එනම්, එම ග්‍රහලොවෙහි ද ඔබේ නම තිබෙන, රුව ගුණ තිබෙන ඔබ වැනිම කෙනෙක් සිටින නමුදු ඔබ කරවිල කන්නට ආස නැත්නම් ඔහු කරවිලවලට ඉතාම ප්‍රිය කරන ආකාරයේ ඔබේ තවත් විය-හැකියා අවස්ථාවක් දරන්නෙක් සිටිය හැකි බවයි. සමාන්තර ග්‍රහලෝක තනි විශ්වයක තිබෙන්නට හැකි නමුත් සමාන්තර විශ්ව යනු මොනවාද? තවත් විශ්වයක් තිබෙනවා නම් එය මේ විශ්වයෙහිම ඔබ්බෙහි ඇති තවත් කොටසක් නොවේ ද?

භෞතික විද්‍යාවෙහි දැනට සමාන්තර හෝ බහු විශ්ව තිබෙනවා නම් එය පවතින ආකාර 03ක් යටතේ දක්වනවා. නමුත් ඒ කිසිවක් සනාථ කර නැහැ. ඉන් එක් මතයක් නම්, කිසියම් අවකාශයක් තුළ බුබුළු ආකාරයට, කුඩා කළු කුහර ආකාරයේ අප සිටින ප්‍රදේශය වැනිම තවත් විශ්ව තිබෙන බවයි. මෙම මතය ගොඩනගන ලද්දේ අප සිටින විශ්වය කෙසේ නම් මෙතරම් තරු, ග්‍රහලෝක සහ ජීවය බිහි කරන ලදැයි විස්තර කරන්නටයි. මෙම මතය අනුව වෙනත් විශ්වයන්ගේ වෙනත් භෞතික විද්‍යාත්මක නීති-රීති ක්‍රියාත්මක වන අතර අප සිටින විශ්වයේ ජීවය බිහිව ඇත්තේ ඊට වඩාත් ම උචිත භෞතික විද්‍යාත්මක තත්ත්ව මෙහි තිබෙන නිසායි. දෙවැනි මතය වන්නේ ස්ථර ආකාරයට විශ්ව කිහිපයක් තිබිය හැකි බවයි. අපේ විශ්වයේ මූලික මාන තුනක් තිබුණත්, එහි පිටු ගණනාවක් ඇති පුවත්පතක් තිබෙනවාක් මෙන් විශ්වයට එපිටින් ඇති මාන 09ක් ඇති අවකාශයක පුවත්පතෙහි පිටු වැනි විශ්ව ගණනාවක් තිබිය හැකි බව ඉන් කියැවෙනවා. තෙවැනි මතය නම්, කිසියම් සිදුවීමක් සතුව විය-හැකියාවන් කොපමණ ප්‍රමාණයක් සහ එම විය-හැකියාවන්ට තවත් කෙතරම් ප්‍රතිඵල ජනනය කළ හැකි ද එතරම් ප්‍රමාණයක් දක්වා විශ්ව ගොඩනැගී තිබිය හැකි බවයි.

2009දී තිරගත වූ Mr.Nobody චිත්‍රපටයේ මෙම තෙවන මතය හොඳින් පැහැදිලි කළ හැකි කථා මාලාවක් අඩංගු වෙනවා. එහි සිටින දරුවාගේ මව සහ පියා දික්කසාද වෙනවා. මේ දරුවා මව සමඟ ජීවත් වෙනවා නම් ඔහුට එක්තරා ආකාරයක ජීවිතයක් ලැබෙනවා. එහි මව ඔහුගේ ඉදිරි ජීවිත කතාවෙහි සිටිනවා. නමුත් ඔහු පියාව තෝරාගත හොත් පියා සමඟ ඔහුට තවත් ජීවිත කතාවක් ලැබෙනවා. තුරුණු වියට එළැඹුණු විට ඔහුට ගැහැනු ළමුන් තිදෙනෙක් පාරේ බංකුවක වාඩි වී සිටිනු දකින්නට ලැබෙනවා. මේ තුන් දෙනාගෙන් එක් එක් අය හා විවාහ වුණහොත් ඔහුට ලැබෙන්නේ එකිනෙකින් විවිධ ආකාරයේ ජීවිත කතා තුනක්. මේ ආකාරයට හේතුවක් නිසා හට ගන්නා ප්‍රතිඵල මත විශ්ව තිබිය හැකි බව සමාන්තර විශ්ව හෝ බහු-විශ්ව තිබිය හැකි බව මේ මතයෙහි කියැවෙයි. ඉහත චිත්‍රපටයේ තේමාව වන්නේ අප ඒ අනුව එවන් තෝරා ගැනීමක් ඉදිරියේදී තීරණයක් නොගෙන සිටියහොත් තවත් ම ජීවිතයක් උරුම විය නොහැකිදැයි ප්‍රශ්න කිරීමයි. කොහොම නමුත්, මේ මත තුනෙන් දෙකක් හෝ තුනම එක් කරමින් ගොඩනැගුණු විශ්වයක් තිබෙන්නටත් බැරි නැහැ.

ක්වන්ටම් විද්‍යාවෙහි දියුණුවත් සමඟ අංශූන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනයට දැන් නව මංපෙත් හෙළි වෙමින් පවතින නිසා මෙම කල්පිතයන් පිළිබඳ පෙරැයීම් කරන්නට, අත්හදා බැලීම් සැලසුම් කරන්නට සහ අත්හදා බැලීම් සිදුකර ඒවා ගැන අදහසක් ලබා ගන්නට විද්‍යාඥයන්ට අවස්ථාව උදා වී තිබෙනවා. විශ්වයේ ඇති ග්‍රහලෝක සංඛ්‍යාව, මන්දාකිණි සංඛ්‍යාව පිළිබඳ විවිධ කාලවලදී මත පළ කරමින් සිටියාක් මෙන් එය දැන් විශ්වය යන තත්ත්වයටම පුළුල්ව සිතන්නට පෙළඹී ඇත්තේ විශ්වයට මෙන්ම සිතීමට ද නිම් වළලු නොමැතිව අනන්තය තෙක් තවමත් විහිදී යන නිසායි. මෙම ගැටලුව විසඳා ගන්නට නොහැකි බව නිසා අප සිටින්නේ පරිගණකයක් තුළ බවත්, විශ්වය යනු කෙළවරක් නොමැති යමක් වන්නේ එය පරිගණකය තුළ මවන ලද දෘශ්‍ය මායාවක් නිසා බවත් විවිධ කතාවල සඳහන් වෙනවා. නමුත් එහිදී ඇතිවන ගැටලුව නම්, එම පරිගණකය සකසන ලද අයට ද විශ්වයක් ඇති බවයි. අප ද එම ආකාරයේම දෘෂ්ටි මායා ඇති පරිගණක ක්‍රීඩාවක් වැනි දෙයක් සැකසුවහොත් එහි ද ජීවීන් අප ඇති කළහොත් ඔවුන්ට ද අපටත් පහළින් ලෝකයක් හටගන්නා බවයි. ඔවුන් ද එවැන්නක් සැකසුවහොත් තවත් විශ්වයක් එය තුළ ගොඩ නැගෙනවා. ඒ අනුව ප්‍රශ්නය තවත් සංකීර්ණ වන්නේ අපෙන් තවත් ඉහළට සහ පහළට ද විශ්වයන් ඇති බවටයි. එවිට ස්ථර වශයෙන් විශ්ව පැවතිය හැකිය යන්න ගැන ද තවත් ලෙසකින් සිතිය හැකි වෙනවා.

ලෝකය යනු අපි ඇස, කන, නාසය, දිව, සම යන පංචේන්ද්‍රියයන්ගෙන් ගොඩනගා ගත් දෙයකුයි. මේ ඉන්ද්‍රියයන්ට හසු නොවන බොහෝ දෑ මෙහි තිබෙන්නට පුළුවන්. ඒ වගේම කෙනෙක් රතු පැහැය කියා දකින්නේ ඔබ දකින රතු පැහැයම නොවන්නට පුළුවන්. ඒත් දෙදෙනාම ඒ වෙත ඇඟිල්ල දිගු කොට තනි වචනයක් කී විට තවත් තෙවැන්නෙක් ඔහුට පෙනෙන දේටත් “රතු” යැයි කියන්නට පටන් ගන්නවා. එනිසා එය හරියට අන්ධයන් අලියා ගැන කීවාක් වගේයි. අපි තවමත් නියම ලෝකය හෝ විශ්වය දැක නැහැ. නමුත් එය මේ මේ ලෙස පැවතිය හැකි යැයි කියන්නට බහුතර සාක්ෂි, ගණිතමය තර්ක තිබෙනවා. කිසිදු විෂයයක් ඉගෙනගෙන අවසන් කළ නොහැකිවාක් මෙන්ම විශ්වයද ඉගෙන ගෙන අවසන් කරන්නට හැකි වන එකක් නැහැ. ඒ බලාපොරොත්තුව සහ කුතුහලයයි විද්‍යාව ජීවත් කරවන්නේ....

ඉහත මාතෘකාව දැක්ක ගමන් මතක් වුනේ මොකද්ද ඔයාට, ගොඩක් අයට නම් මතක් වෙන්නේ Comic ගැන එහෙමත් නැත්තම් චිත්‍ර කතා වල තියෙන පස්සේ චිත්රපටි විදියට එන මාර්වල් හා DC සමාගම් වල චිත්රපටි වල එන සිදුවීම් නේ, නමුත් ඒවා නම් සමාන්තර ලෝක ගැන යම් කිසි දැනුමක් ලබාගැනීමට ප්‍රමාණවත් වෙන්නේ නෑ. මොකද්ද මේ ඇත්තටම සමාන්තර ලෝක කියන්නේ. 

හරි සරලවම මෙහෙම කියන්නම්. ඔයාගෙම කොපි එකක් තවත් තැනකින් හොයාගන්න එක. කොපි එකක් කියන්නේ කොපි එකක්ම තමයි. නැතුව සමාන හැඩරුව නෙමෙයි. ඔය කියන්නේ ඔයා වගේ කෙනෙක් මම දැක්කා, එයා නම් ඔයා වගේමයි. මේ ලෝකේ එක වගේ 7ක් ඉන්නවා. ඔය කතා නම් සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව වලට කිසිම ගැලපීමක් නෑ. ඇත්තම කිව්වොත් ඔයාම වෙන තැනකින් හෝ වෙන ලෝකෙකින් හෝ වෙන විශ්වයකින් හමුවෙනවා. ඒ වගේ අදහසක් දැනට හිතන්න. හරි අපි අද කතාවට එකතු වෙමු,

සමාන්තර විශ්වයන් හා සමාන්තර ලෝක ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි න්‍යායන් බොහොමයක් තිබෙනවා, ඒ අතර Multiverse, Parallel Universe, many worlds, parallel world වගේ ඒවා ඉතාමත් ජනප්‍රියයි. මේ න්‍යායන් කිසිම එකක් මේ post එකට සදහන් කරන්නේ නෑ, මේ post එකෙන් අද බලාපොරොත්තු වෙන්නේ සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව ගැන පොඩි දල අදහසක් ඔබට ලබා දීමට. හරි මෙහෙම හිතන්න, උදාහරණයක් විදියට ගමු, අපේ පෘතුවිය. අපේ පෘතුවිය නිර්මාණය වෙලා තිබෙන සංගටක ගැන හිතන්න. ඒවා නිර්මාණය වුන සියලුම සංගටක එක pattern එකක් කියල හිතන්න. දැන් අපේ පෘතුවියේ නිර්මාණය වෙන්න හේතු වුන ඒ සංගටක ටික ගැන පමණක් අවදානය යොමු කරන්න. දැන් මේ සංගටක නිර්මාණය වූ ආකාරයටම මේ විශ්වයේ කොහේ හෝ තැනක ඒ සංගටක ටික ඒ අකාරයෙන්ම නිර්මාණය වුනොත් පෘතුවිය වගේ ග්‍රහවස්තුවක් නිර්මාණය වෙන්න පුළුවන් නේද. 

අපි මේක තවත් පැහැදිලි වෙන්න තව උදාහරණයක් ගමු
හිතන්න ඔයා ඉන්නේ කිසිම දෙයක් නැති හිස් කාමරයක දැන්. ඔබ පමණයි මේ කාමරය තුල සිටින්නේ. කාමරය හිස්. ඔබ හිතන්න ඔබ සතුව දැන් පාට පෙට්ටි 50ක් විතර තියෙනවා කියලා. දන්නවා නේ ඉතින් පාට පෙට්ටි අපි පොඩි කාලේ චිත්‍ර පාට කරේ (හොම්රන්, ඇට්ලස්, පෙන්ටියම් ) අන්න ඒවා. ඔයා ලග තියෙන පාට පෙට්ටි ඔක්කොම ටික අරන් අර කාමරයේ හැම ස්ථානයකම අසුරන්න. අසුරන්න කියන්නේ ඔයා එක පාරට පාට ඔක්කොම අරන් කාමරේ හැමතැනටම විසි කරන්න. දැන් ඔයාගේ මුළු කාමරයම පාට කූරු වලින් වැහිලා තියෙන්නේ. දැන් ඔයා හිතන්න පාට තුනක්. අපි ගමු රතු කොළ නිල් කියන පාට තුන. මේ පාට තුන ඔයාගේ හිතට නැගුන එකක්. දැන් බලන්න මේ කාමරේ කොහේ හෝ තැනක පිලිවෙලින් මේ පාට තුන එක ලග පාට කූරු තියෙනවද කියලා. බලන්න රතු කොළ නිල් පාට කූරු එක ලග පිහිටලා ඇති එක ස්ථානයක් හෝ ස්ථාන කිහිපයක. බලන්න මේ පාට කූරු තුන අපේ සෞරග්‍රහ මණ්ඩලය නම් මේ සෞරග්‍රහ මණ්ඩලයම තව තැන් වල තියෙනවා නේද. දැන් මොකද හිතෙන්නේ ඔබට. ඒ කියන්නේ අපි වගේ අය, අපෙ වගේ ලෝක, අපේ වගේ සෞරග්‍රහ මණ්ඩල මේ විශ්වයේ තවත් තැනක ඇති. මේ උදාහරණය මගින් ඔබට තේරුණා කියලා හිතනවා. තේරුනේ නැති නම් අනිවාර්යෙයන් ඔබ කොමෙන්ට් එකක් දැමිය යුතුමයි.

දැන් ඔය වගේ අපේ ග්‍රහලෝකය වගේ ඒවා පමණක් නෙමේ මේ හැමදේම මේ විශ්වයේ කොහේ හෝ තැනක අනිවාර්යෙයන්ම තිබෙනවා. මේවා පමණක් නෙමේ අපේ විශ්වයේම කොපියක් තවත් තැනක ඇති, මොකද ඇලන් ගුත් නමින් හදුන්වන විද්‍යාඥ මහත්මයා ඔහුගේ inflation න්‍යාය මගින් මේ විශ්වය අනන්තය දක්වා පැතිරුනා කියලා කිව්වා. අනන්තය කියන්නේ මොකද්ද කියලා දන්නවා නේ ඉවරයක් නෑ. ඇත්තම කිව්වොත් අපේ විශ්වය තවමත් පැතිරෙනවා. මේ වෙද්ද්දීත් එය පැතිරෙනවා. හරියට අර පාට ටික විසිකරන ගමන් ඉන්නවා වගේ. ඒ විසිකරන අතරතුරේ නේ අර පාට තුනත් එක ලග පිහිටුනේ සමහර තැන් වල ඒ වගේ විශ්වයත් අනන්තය දක්වා පැතිරෙද්දී සමහර විට අපේ සෞරග්‍රහ මණ්ඩලයම ගොඩක් තැන්වලත් මේ වෙද්දී ඇති. ඉතින් මගේම කොපියක් මේ විශ්වයේ කොහේ හරි ඉදං මේ වෙලාවේම දැනුම සොයන්න මේ පාරෙන් එන්න  පේජ් එකට මේ post එක ලියනවා ඇති.

ඔන්න ඔය විදියට තමයි සමාන්තර ලෝක හා සමාන්තර විශ්වයන් ගැන මුලික ආරම්භය ගැන කතා කරන්නේ. සමාන්තර ලෝක හා සමාන්තර විශ්වයන් කියන්නේ ප්‍රබල විෂය පථයක් ඒක මේ විදියේ පුංචි post එකකින් නම් කියල දෙන්න අමාරුයි. මේක මුල් ආරම්භයක් පමණයි. ඉදිරියේදී තවත් මේ ගැන post දෙන්නම්. එහෙනම් ගොඩක් ස්තුතියි මේ post එක කියෙව්වට. ඊලග ලිපියෙන් හමුවෙමු....

................අන්තර්ජාලය ඇසුරෙනි............... දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අපි වගේම අය ජීවත් වෙන සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව (THE PARALLEL WORLDS AND PARALLEL UNIVERSE) අපි වගේම අය ජීවත් වෙන සමාන්තර ලෝක හා සමාන්තර විශ්ව (THE PARALLEL WORLDS AND PARALLEL UNIVERSE) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2022 Rating: 5

0 comments:

Post a Comment