මෝස්ට් ඇමේසින් චොක්ලට් කේක් හදමු 🎂 (Let's Make The Most Amazon Chocolate Cake)

මෝස්ට් ඇමේසින් චොක්ලට් කේක් හදමු 🎂 (Let's Make The Most Amazon Chocolate Cake) - Your Choice Way

ඔන්න මං අද ඔයාලට ගෙනාවෙ චොක්ලට් රසයෙන් පිරුණු රසම රස කේක් එකක් 😋. මේක මගෙ පුතාගෙ උපන්දිනය වෙනුවෙන් මාර්තු මාසෙ හදපු එකක්.විශේෂයෙන් කියන්න ඕන මං කේක් කලාවට නම් දක්ෂයෙක් නෙමෙයි  ආධුනිකයෙක්. ඒත් මේ කේක් එක ගොඩාක් රසයෙන් ඉහලයි වගේම සාමාන්‍ය චොක්ලට් කේක් හදන විදිය නෙමෙයි පිටරටක රෙසිපි එකකට තමයි මං මේ කේක් එක හදා ගත්තෙ.ඉතිං මේ රසවත් කේක් රෙසිපි එක ඔයාලා එක්ක බෙදා ගන්න ඕනෙ කියලා හිතුවා 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍓 පාන්පිටි කෝප්ප  3 ක්
  • 🍓 සීනි කෝප්ප 3 ක්
  • 🍓 චොක්ලට් පවුඩර් කෝප්ප 1 1/2 ක්
  • 🍓 බේකින් සෝඩා මේස හැඳි 1 ක් 
  • 🍓 බේකින් පවුඩර් තේ හැඳි 1 1/2 ක්
  • 🍓 ලුනු තේ හැඳි 1 1/2 ක්
  • 🍓 බිත්තර 4 ක්
  • 🍓 බටර් මිල්ක් කෝප්ප 1 1/2 ක්
  • 🍓 උණුවතුර කෝප්ප 1 1/2 ක්(රස්නෙන්  වතුර ගන්න ,නිවුනු උණුවතුර නෙමෙයි )
  • 🍓 වෙජිටබල් ඔයිල් කෝප්ප 1/2 ක්
  • 🍓 වැනිලා තේ හැඳි 2 ක්
🎂 ඔයාලා මේ ප්‍රමාණ එකම කප් එකකින් මැන ගන්න .

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍓 පිටි, සීනි, චොක්ලට් පවුඩර් ,බේකින් පවුඩර් , බේකින් සෝඩා සහ ලුනු එක භාජනයකට දමා අඩුම ස්පීඩ් එකේ බීට් කරන්න .( හොඳින් මිශ්‍ර වනතුරු )
  2. 🍓 බිත්තර , බටර් මිල්ක්, උණු වතුර , එලවලු තෙල් සහ වැනිලා ද එයට එකතු කරන්න . මීඩියම් ස්පීඩ් එකේ මිශ්‍රණය මෘදු වනතුරු බීට් කරන්න .
  3. 🍓 දැන් බේකින් පේපර් යොදා සකසා ගත් අඟල් 8 ක තැටි 3 කට මිශ්‍රණය සමාන ප්‍රමාණ වලින් දා ගන්න.ඔයාලට මේ තැටි 3 ම එකවර අවන් එකට දාන්න අපහසු නම් වෙන වෙනම දාන්න .බීට් කරලා තිබුනට ප්‍රශ්ණයක් නෑ. 
  4. 🍓 කේක් එක අවන් එකට දාන්න කලින් මිශ්‍රණය දැමූ තැටිය මේසයක් මතට දෙතුන් සැරයක් ගසා වායු බුබුළු ඉවත් කර ගන්න .නැත්නම් කේක් එක බේක් උනාට පස්සෙ කේක් එක තුල සිදුරු තියෙන්න පුළුවන් .
  5. 🍓 180°c න් විනාඩි 10ක් පමණ රත් කරගත් අවන් එකක විනාඩි 30ක් 35 ක් පමණ බේක් කර ගන්න .බේක් වෙලාද කියලා ටූත් පික් එකක් ගහලා බලන්න .

🎈 බටර් මිල්ක් සාදන ක්‍රමය :
  • ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටිකිරි කෝප්ප 1 ක්
  • දෙහි යුශ මේස හැඳි 1 / විනාකිරි මේස හැඳි 1 
  1. කිරි කෝප්පයට දෙහි යුශ හෝ විනාකිරි මේස හැඳි 1 ක් දමා හොඳින් මිශ්‍ර කර විනාඩි 5 ක් පමණ වසා තබා පාවිච්චියට ගන්න .
🎈චොකලට් ගනාච්
  • චොකලට් පවුඩර් 30g ක් පමණ 
  • ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/3 ක්
  • අයිසින් සීනි 120 g ක්
  • බටර් මේස හැඳි 1 ක් 
  1. භාජනයක් ගෙන එයට චොක්ලට් පවුඩර් සහ අයිසින් එකතු කර මිශ්‍ර කරන්න . ඉන්පසු එයට කි‍රි ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න .අඩුම ගින්දරේ ලිපේ තබා හැඳි ගාමින් රත් කරන්න . ටිකක් ඝන වන විට බටර් ටික දමා මිශ්‍ර කර ටික වේලාවක් රත් කරන්න . අවශ්‍ය ප්‍රමාණයට ඝන වූ පසු ලිපෙන් ඉවතට ගෙන හොඳින් නිවුනු පසු කේක් එක මතට දා ගන්න .

🎈 මං කේක් එක සැන්ඩ්විච් කලේ සාමාන්‍ය චොක්ලට් අයිසින් වලින්

  • බටර්  300g ක්
  • අයිසින්  750g ක් පමණ 
  • චොක්ලට් පවුඩර් රස අනුව එකතු කර ගන්න 
  • කිරි මේස හැඳි 2 ක් පමණ 
  1. බටර් ක්‍රීම් වනතුරු බීට් කරන්න .අයිසින් හොඳින් හලලා ගන්න . අයිසින් ටික ටික එකතු කරමින් නැවත බීට් කරන්න . චොක්ලට් පවුඩර් ද ඔයාලට කැමති රසයට අනුව එකතු කර බීට් කරන්න .ඒ අතරතුර කිරි ටිකද එකතු කර මෘදු වනතුරු බීට් කර ගන්න.කේක් තට්ටුවක් මත චොක්ලට් අයිසින් දමා තුනී කර අනෙක් කේක් එක ඒමත දමා සැන්ඩ්විච් කර ගන්න .
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

හෙළයේ රස මිහිර
මෝස්ට් ඇමේසින් චොක්ලට් කේක් හදමු 🎂 (Let's Make The Most Amazon Chocolate Cake) - Your Choice Way

මෝස්ට් ඇමේසින් චොක්ලට් කේක් හදමු 🎂 (Let's Make The Most Amazon Chocolate Cake) - Your Choice Way

මෝස්ට් ඇමේසින් චොක්ලට් කේක් හදමු 🎂 (Let's Make The Most Amazon Chocolate Cake) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෝස්ට් ඇමේසින් චොක්ලට් කේක් හදමු 🎂 (Let's Make The Most Amazon Chocolate Cake) මෝස්ට් ඇමේසින් චොක්ලට් කේක් හදමු 🎂 (Let's Make The Most Amazon Chocolate Cake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2022 Rating: 5

0 comments:

Post a Comment