මැරුනු ජෝඩුව පරණ ගෙදර තාමත් සිටීද (Horror)

මැරුනු ජෝඩුව පරණ ගෙදර තාමත් සිටීද (Horror) - Your Choice Way

එදා අපි වෙසක් එකට කලින් දන්සලක් දෙන්න ඔක්කොම සෙට් කරල තිබ්බෙ උදේ ඉදන්ම වැඩ කරල රෑ වෙද්දි වයසක සෙට් එකටයි කෙල්ලොන්ටයි වැඩ ටික දීල අපි යාලුවෙකුගෙ ගෙවල් ලග කයියක් දාගෙන හිටියා.

කියන්න අමතක උනා මමයි මගෙ යාලුවො සෙට් එකයි පොඩි කාලෙ ඉදන්ම සෙල්ලම් කරන්නෙ, සරුන්ගල් යවන්නෙ, සංගීතෙකට යන්න එහෙම සෙට් වෙන්නෙ කනත්තෙ දැන් කනතු වල අම්බලම පාවිච්චි වෙන්නෙ නැති නිසා එතන අපේ රජ දහන වෙලා තිබුනෙ කැරම් බෝඩ් එකක් එහෙම සෙට් කරල ගානට හදාගෙන හිටියෙ දවසෙ වැඩි කාලයක් කනත්තෙ ගෙවෙන නිසා හොල්මන් ගැන එච්චර විස්වාසයක් තිබුනෙ නෑ OK ආපහු කතාවට යමු.

ඉතින් ඔහොම ඉද්දි එකෙක් හොල්මන් ගැන කතාවක් පටන් ගත්තා ඒක ඉවර වෙද්දි තව එකෙක් තව එකක් පටන් ගන්නව ඔහොම ඉද්දි වෙලාවත් 11.45ට විතර ඇති.

එක යාලුවෙක් - අඩෝ අර වෙල ගාව තියෙන්නෙ පාලු ගේ....

තව එකෙක් මැද්දෙන් පැන්න - ඒකෙ හොල්මන් තියනව කියලනෙ කියන්නෙ ඕක අපි පොඩි කාලෙ ඉදන්ම අහනවනෙ බං 😂😂.

මම - අඩෝ අඩෝ අහල තිබ්බට අපි දැකල නෑනේ බං යමුද සෙට් එකම ඉන්න වෙලාවෙ ඒ පැත්තෙ (අපේ අම්ම ඒ කාලෙ රට හිටියෙ ඒක නිසා කීයට ගෙදර ගියත් බනින්න කව්රුත් නෑ තාත්ත අඩිය ගහල නිදි ආච්චි තමයි අහන්නෙ කොහෙද ගියෙ කියල ඒකත් අව්ලක් නෑ හැබැයි අයියට අහු උනොත් ඉවරයි ඌත් ගෙදර ඉන්න එකෙක් නෙවෙයි ඒ දවස් වල).

මගේ හොදම යාලුවා - සිරාවට බං අද විතරයි රෑට එලියට බහින්න හම්බුනේ ඒකෙන් FULL FUN එකක් ගමු.

සෙට් එකම වඩේට කැමති කරගෙන අපි 12.15ට විතර පිටත් උනා එතන්ට යද්දි 12.30 වගේ උනා හිතේ ගැම්මෙන් ගියාට මොකද එතන්ට ගියහම බය උනේ නැත්තෙමත් නෑ.

ගේ ගැන විස්තර කරොත් මෙහෙමයි. අපේ තාත්ත පොඩි කාලෙ සීය එයට ඔය ගේ ගැන කියල තියෙන්නෙ මෙහෙමලු ඒ ගෙදර වයසක ජෝඩුවයි එයාලගෙ පුතයි ඉදල තියෙන්නෙ පුතා හෙන බෙබා නිසා වයසක ජෝඩුව ඒ ගෙදර වැඩිහිටි නිවාසෙකට ලියන්න හදල පුතාට ඒකට තරහ ගිහින් ඒ ජෝඩුව අත පය බැදල ගේ පිටිපස්සෙ ලිදට දාල මරල පුතත් බීල බීලම මැරිල ගිහින්ලු එදා ඉදන් ඔය ගෙදර එක එක සද්ද බද්ද ඇහෙනවලු රෑ උනාම කව්රුත් ඒ පැත්තෙ යන්නෙ නෑලු ඔන්න ඔහොමයි සීයා අපේ තාත්ත පොඩි කාලෙ කියල තියෙන්නෙ මටත් අපේ අම්ම පොඩි කාලෙ බත් කවද්දි කිව්වෙ ඒ උනාට අපේ තාත්තා මට කිව්වෙ "තෝ ඒ ගෙවල් පැත්තෙ ගිහින් තිබුනොත් තොගෙ අඩු කඩනව දැන ගනින්" කියල.

ඉතින් අපි ගේ ගාව පැය බාගයක් විතර හිටිය ඇතුලට යනවද නැද්ද කිය කිය කොහොම හරි කට්ටියක් වැඩේට කැමති කට්ටියක් කැමති නෑ අන්තිමට ඔක්කොම හරි ගස්සගෙන පාන්දර 1ට විතර අපි ගේ අතුලට ගියා ඒක අතුලෙ ඇන්ටික් බඩු පිරීල එකක්ටවත් අත තිබ්බෙ නෑ බය නිසා මං හිතන්නෙ අපි වෙන්න ඇති ගමෙන්ම ඒ ගෙදර ඇතුලට ගිය පලවෙනි සෙට් එක.

ගෙදර පිටිපස්සෙ දොර කැඩිල තිබ්බ නිසා කෙලින්ම පේන්න තිබුනනෙ ලිදක් මං හිතන්නෙ අර වයසක ජෝඩුව මරුනු ලිද වෙන්න ඔනේ බය වැඩි කමට ගොඩක් අවිද්ද වගේ උනාට අපි වැඩිය ගේ අතුලටම ගිහින් නෑ.

දැන් සෙට් එකම හොදටම බය වෙලා ඒත් කව්රුත් ආපහු යමු කිව්වෙ නෑ නෝන්ඩි වෙන නිසා පස්සෙ ඒ ගෙදර පුතා මැරිල හිටියා කියපු කාබරේ රෙද්ද ඇරල බැලුව(මට විතරක් නෙවෙයි හැම එකාටම ඒ ගේ පැතතට යන එක තහනම් කරලයි තිබුනේ ඒක නිසා හොරෙන් තමයි ගියේ).

ඉතින් දොර ඇරපු ගමන් මහා මිනී කුණු ගදක් ආව සෙට් එකේ හැමෝම බය උනා අපේ උන්ගෙ ගතිය කියන්නෙ එකෙක්වත් අනිත් උන්ට බයයි කියල පෙන්නන්නෙ නෑ ඔය අතරෙ යන්තන් එකෙක් කිව්ව ආපහු යමු බං කියල සෙට් එකේම උන්ගෙ බය උගේ පිටින් දාල අර ගෙදර ඉස්සරහ දොර ලගට ආපු ගමන් ලිද පැත්තෙන් ජබොස් ගාල සද්දයක් ආව මොනව හරි වැටුන වගේ ඒ එක්කම අනිත් උන ගැන බලන්නෙ නැතුව සෙට් එකම දිව්ව හංදියෙ බුදු පිලිමෙ ගාවට පූරුවෙ පිනකට හැමෝම හිටිය එකෙක් හරි අඩු උනානම් නඩුව කනවනෙ.

අපි ආපහු දන්සල දෙන තැනට ගියා පාන්දර 2ට විතර ඇති වෙලාව වයසක ආච්චිල සීයල ටිකයි උන්ගෙ මිනිපිරීල ටිකයි (ගමේ ගොන් පොශ් කෑලි ටික) වැඩ කර කර ඉන්න ගමන් අපෙන් ඇහුව කොහෙද ගියෙ කියල..

අපි සේරම විස්තරේ උන්ට කිව්ව කෙල්ලොත් හිටිය නිසා හෙන ගැම්මෙන් කිව්වෙ වයසක් උන් අපිට ටිකක් බැන්න පස්සෙ තමයි හරිම විස්තරේ අපි දැන ගත්තේ.

ඒ ගෙදර හිටපු වයසක ජෝඩුව මරල තියෙන්නෙ එයාලගෙ පුතා නෙවෙයිලු ඒ දෙන්නම තනියෙන් හිටපු නිසා සලකන්න කව්රුත් ඉදල නෑ පුතා බේබද්දා නිසා ඌත් ගෙදර නෑලු කොයි වෙලෙත් BAR එකේමලු වයස නිසා ඒ ගෙදර හිටපු ආච්චි මරුනලු සීයත් ඒ දුකට අඩල අඩලම එතනම මැරුනලු පස්සෙ ගමේ මිනිස්සු එයාලව වල දාල අවසන් කටයුතු කරාලු එයලගෙ පුතා දවසක් බීල ඒ ජෝඩුව මරිල හිටපු ඇදේ නිදාගෙන ඉදල ඊට පස්සෙ එයා අතුරුදහන් වෙලා.

ඒ කලේ පොලිසියෙත් තාක්ශනේ දියුනු නැති නිසා මාසයකට පස්සෙ ඒ මිනිහගෙ මිනිය ලිද ඇතුලෙන් හොයාගෙන.

අපේ වයසක එවුන්නම් කියන්නෙ ඒ මරුනු මිනිහගෙ අම්මයි තාත්තයි (ගෙදර හිටපු වයසක ජෝඩුව) ඒ මිනිහව ඇදගෙන ගිහින් ලිදට දැම්මලු ඔය වගේ එක එක දේවල් කිව්ව ඒ අතරෙම අපි ඒ කාබරෙ ඇතුලෙදි ආව මිනී කුණු ගද ගැනත් කිව්ව උන් කිව්වෙ.

"ඒකනම් වෙන්න බෑ කොල්ලො ඔය ගෙදර මිනිස්සු මැරුනෙ උබලගෙ අම්මල තාත්තලත් චූටි කාලෙ ඉතින් එච්චර කාලයක් ගිහින් මිනීකුණු ගදක් එන්න විදිහක් නෑනෙ නේ"

උන් කිව්වට පස්සෙයි අපිටත් ඒක මීටර් උනෙ නෑ නෑ ඉතින් අපිට එහෙම ගදක් ආවමයි කියල අපේ එකෙක් වත් තර්ක කරන්න ගියෙ නෑ බය වඩි කමටමද කොහෙද.

ඒ අතරෙ මම රහසින් = අඩෝ අර ලිදට මොනව හරි වටෙනව වගේ ඇහුනේ ඒකත් කියපන් මුන්ට බලන්න ඒකට මොකද කියන්නෙ බලන්න.

මගේ යාලුවා හොදටම බය වෙලා - යකෝ මේ කියපු ටිකෙනුත් බැනුම් ඇහුව තව කියවල තව බැනුම් අහන්නද හු#*#* නතුව ඉදපන්.

අපි දන්සල ඇතුලෙම නිදා ගත්ත 10ට විතර දන්සල දෙන්න පටන් ගත්ත හවස් වෙද්දි ඒ වැඩ ඉවර කරල රෑ වෙලා Bick වලින් Gall face පැත්තෙ රව්මක් දාල එද්දි කලින් දවසෙ සිද්දිය අමතක උනා ඒත් අදටත් ඒ ගේ දකිද්දි ඒ සිද්දිය මතක් වෙනව.

අපි ඉපදෙන්නත් කලින් මරුනු මිනිස්සුන්ගෙ ගද අපිට ආවෙ කොහොමද එදා රෑ ලිදට වැටූනෙ මොකක්ද කියන එක අපේ සෙට් එකේ එවුන් අතර තියන විසද ගන්න බැරි උන ප්‍රශ්නයක්.

ඔන්න ඕකයි කතාව එහෙම දෙයක් උනාට අපි තාම කනත්තයි අම්බලමෙ කැරම් ගහන එකයි අත ඇරලනම් නෑ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මැරුනු ජෝඩුව පරණ ගෙදර තාමත් සිටීද (Horror) මැරුනු ජෝඩුව පරණ ගෙදර තාමත් සිටීද (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2022 Rating: 5

0 comments:

Post a Comment