Hadawatha Mage Thatu Sala Song Lyrics - හදවත මාගේ තටු සලා ගීතයේ පද පෙළ

Hadawatha Mage Thatu Sala Song Lyrics - හදවත මාගේ තටු සලා ගීතයේ පද පෙළ
Song Title : Hadawatha Mage Thatu Sala (හදවත මාගේ තටු සලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
තනුව හා සංගීතය : සරත් දසනායක
1979 දී ප්‍රථම වරට තිරගත වූ, “සමන්මලී” චිත්‍රපටියේ ගීයකි.


හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා

හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා

හදවත මාගේ තටු සලා

පෙර දින නුදුටුව ඔබෙ මුහුණේ
හසරැලි මල් කුමටද පිපුණේ
මගෙ හිත රන්දා
හමුවුණ හින්දා

පෙමින් වෙලී පෙමින් වෙලී
පෙමින් වෙලී පෙමින් වෙලී

හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා

හදවත මාගේ තටු සලා

චන්දන සිහිලස මට දැනුණා
අංජන නෙත් සඟලෙහි රැඳුණා
වරම කොහෙන්දෝ
ඔබ කවුරුන්දෝ

සමන්මලී සමන්මලී
සමන්මලී සමන්මලී

හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා

හදවත මාගේ තටු සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadawatha Mage Thatu Sala Song Lyrics - හදවත මාගේ තටු සලා ගීතයේ පද පෙළ Hadawatha Mage Thatu Sala Song Lyrics - හදවත මාගේ තටු සලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2022 Rating: 5

0 comments:

Post a Comment