Seetha Pinibidu Song Lyrics - සීත පිණිබිඳු ගීතයේ පද පෙළ

Seetha Pinibidu Song Lyrics - සීත පිණිබිඳු ගීතයේ පද පෙළ
Song Title : Seetha Pinibidu (සීත පිණිබිඳු)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළු මාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

සොයුරියන් ලොව වෙසෙන නුඹ වන්
සැතපෙනා මේ මැදියමේ //
නුඹට ඒ සුව
අහිමි වී ඇත
අඳුරු මහමග
උරුම වී ඇත

සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළු මාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

සොයුරියන් ඇති අයම නුඹවන්
නිසා මහමග උරුම වූ //
නුඹට ගරහන
රුදු ලොවක් මිස
හඳුනගන්නා හදවතක් වෙද

සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළු මාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seetha Pinibidu Song Lyrics - සීත පිණිබිඳු ගීතයේ පද පෙළ Seetha Pinibidu Song Lyrics - සීත පිණිබිඳු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2022 Rating: 5

0 comments:

Post a Comment