Api Gedara Yamuda Sonduri Song Lyrics - අපි ගෙදර යමුද සොඳුරී ගීතයේ පද පෙළ

Api Gedara Yamuda Sonduri Song Lyrics - අපි ගෙදර යමුද සොඳුරී ගීතයේ පද පෙළ
Song Title : Api Gedara Yamuda Sonduri (අපි ගෙදර යමුද සොඳුරී)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිළි වෙනුවට
ඝණ සිමෙන්තියෙන් වටවුණු
මේ වනන්තරෙන් පිටවී

සීත සුළඟ ගියා වීසිවී
මම බලා හිඳිමි වැතිරී
මේ වනන්තරේ දොරකඩ ළඟ
සොර සතුන් බෝය සොඳුරී
අපි සටන් කළොත් පරදී
ගම් දොරට පාර වරදී

අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිළි වෙනුවට
ඝණ සිමෙන්තියෙන් වටවුණු
මේ වනන්තරෙන් පිටවී

වෙස්සන්තර කමට හාද වී
විස කොළඹ ඇවිත් තනිවී
මහ සෙනග පිරුණු වීදිය මැද
මට මියෙන්න බෑ තනිවී
අපි සටන් කළොත් පරදී
ගම් දොරට පාර වරදී

අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිළි වෙනුවට
ඝණ සිමෙන්තියෙන් වටවුණු
මේ වනන්තරෙන් පිටවී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Gedara Yamuda Sonduri Song Lyrics - අපි ගෙදර යමුද සොඳුරී ගීතයේ පද පෙළ Api Gedara Yamuda Sonduri Song Lyrics - අපි ගෙදර යමුද සොඳුරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2022 Rating: 5

0 comments:

Post a Comment