බිලියන හතක ජනතාවකගේ ජීවිත බේරාගත් රුසියානු සොල්දාදුවා (Russian Soldier)

බිලියන හතක ජනතාවකගේ ජීවිත බේරාගත් රුසියානු සොල්දාදුවා (Russian Soldier) - Your Choice Way

ඉතිහාසය හැදෑරීමේදී අපට විවිධාකාර වීර චරිත පිළිබඳ අධ්‍යනය කිරීමට අවස්ථාව ලැබේ. මෙලෙස වීරයන් ලෙස හදුන්වන බොහොමයක් දෙනා සිය දිවි  නොතකා අන් පුද්ගලයන්ගේ යහපත උදෙසා කටයුතු කළ පුද්ගලයන් වේ. එමෙන්ම විශාල සමූල ඝාතන සිදු කළ පුද්ගලයන්ද සමහර ජනකොටස් වලට වීරයෙකි. මෙහි ඇති පුදුමය නම් එක් පුද්ගල පිරිසක් වීරයෙකු ලෙස සලකන පුද්ගලයෙක් තවත් ජනකොටසකගේ අප්‍රසාදය දිනා ගත් දුෂ්ටයකු බවට පත් වීමයි.

එහෙත් අද අප කතා කිරීමට බලාපොරොතතුවන පුද්ගලයා මගේ, ඔබගේ පමණක් නොව මෙලොව ජීවත් වූ සියලු දෙනාගේම දිවි ගලවා ගැනීමට සමත් වූ "වීරයා" යන වචනයේ සැබෑ අර්ථය කුමක්දැයි ලොවට පෙන්වූ පුද්ගලයෙකි. කොටින්ම කියතොත් අනාගතයේ ඉපදෙන්නට සිටින කුඩා දරුවන් පවා තම ජීවිතය සදහා ඔහුට ණය ගැතිය.

අද කථා නායකයාගේ නම රුසියානු නාවික සෙබළෙකු වන වාසිලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් ආකිපොව් ය. ඔහු සිය ඉහළ නිලධාරීන්ගේ නියෝග වලට අකීකරු වීමෙන් සහ තම තාර්කික චින්තනයෙන් කටයුතු කිරීමෙන් ලෝකය න්‍යෂ්ටික යුද්ධයකින් බේරා ගැනීමට සමත් විය. සැබැවින්ම සෝවියට් සොල්දාදුවෙක් අණට අකීකරු වීම යනු සියදිවි නසා ගත්තා සේ කටයුත්තකි. එබැවින් සිය ජීවිතය පිළිබඳ තැකීමක් නොකර අන් අයගේ යහපත උදෙසා කටයුතු කළ මොහු ඉතිහාසයේ සැබෑ වීරයෙකි.

වාසිලි උපත ලැබුවේ මොස්කව් අසල කුඩා ගමක ගොවි පවුලකය. ඔහුට දෙවන ලෝක සංග්‍රාමයේ වැඩි කොටසකට සහභාගී වීමට නොහැකි වූ අතර 1945 අගෝස්තු මාසයේදී ඇති වූ සෝවියට්-ජපාන යුද්ධයෙදී ඔහු සටන් බිමට පිවිසෙන ලදී. දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු සෝවියට් දේශය සහ එක්සත් ජනපදය අතර සීතල යුද්ධය ආරම්භ විය. සීතල යුධ සමයේදී වාසිලි රුසියාව වෙනුවෙන් සොල්දාදුවෙකු ලෙස ලියාපදිංචි වූ අතර පසුව ඔහු කියුබානු මිසයිල අර්බුදයට සහභාගී වූ බී -59 දරන සෝවියට් සබ්මැරීනයේ අණ දෙන නිලධාරීන් තිදෙනාගෙන් කෙනෙකු වීමට සමත් විය.

1962 ඔක්තෝබර් මාසයේදී සෝවියට් සංගමය විසින් ප්‍රධාන ඇමරිකානු නගර වලට පහසුවෙන් ඉලක්ක ලබා ගැනීමට හැකි කියුබාවට තම න්‍යෂ්ටික සබ්මැරීන යවන ලදී. සෝවියට් සමූහාණ්ඩුව මෙම න්‍යෂ්ටික සබ්මැරීන බලමුලු ගැන්වීමට හේතුව වූයේ එක්සත් ජනපදය විසින් තුර්කියේ න්‍යෂ්ටික මිසයිල ස්ථානගත කර තිබීමයි. එහෙත් මෙසේ පැමිණෙන සෝවියට් සබ්මැරීන එක්සත් ජනපද නාවික හමුදාව විසින් හඳුනා ගන්නා ලදී.

මෙයත් සමගම එවකට එක්සත් ජනපදයේ ජනාධිපතිව සිටි ජෝන් එෆ්. කෙනඩි විසින් කියුබාවට ඇතුළු වන සහ පිටවන මාර්ග සියල්ලම වහා ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට නියෝග නිකුත් කරන ලදී. ඒ අනුව එම සබ්මැරීන වලට පිට වීමට නොහැකි වී කියුබාව අසල සිර විය.

බී -59 සෝවියට් සබ්මැරීනයේ කපිතාන්වරයා වූයේ වැලන්ටින් සැවිට්ස්කි ය. ඔහු ඉතා දැඩි ගතිගුණ වලින් හෙබි පුද්ගලයෙක් විය. සබ්මැරීනය සතුරා විසින් හඳුනාගෙන ඇති බව දුටු වැලන්ටින් තම කාර්ය මණ්ඩලයට බැලිස්ටික් මිසයිල දියත් කිරීමට සූදානම් වන ලෙස නියෝග ලබා දෙන ලදී. ඔහු එසේ නියෝග ලබා දෙන ලද්දේ සිය තනි කැමැත්තට මිස මොස්කව් වෙතින් ලද අවසරයකින් නොවිය.

මෙසේ කියුබාව අසල සිරව ඇති B-36, B-130, සහ B-4 යන න්‍යෂ්ටික සෝවියට් සබ්මැරීන වල වාසිලි දෙවන අණ දෙන නිලධාරියෙක් පමණක් වුවද ඔහුට බොහෝ සෝවියට් සොල්දාදුවන් පිරිසක් කැමැත්තෙන් පසු විය. එම නිසා ඔහු බලය අතින් වැලන්ටින් හා සමාන විය.

සෝවියට් සබ්මැරීනයකින් න්‍යෂ්ටික මිසයිලයක් දියත් කිරීම සඳහා ඉතා නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතුය. දියත් කිරීමේ පැනලය සක්‍රිය කිරීම සදහා යතුරු දෙකක් (සමහර අවස්ථාවල තුනක්) අවශ්‍ය විය. සබ්මැරීනයේ අණ දෙන නිලධාරීන් භාරව මෙම යතුරු තිබූ අතර සියලු යතුරු හරවන විට පමණක් දියත් කිරීම ආරම්භ වීම සඳහා ගණන් කිරීම ඇරඹේ.

වැලන්ටින් සිය යතුර දියත් කිරීමේ පුවරුවට දැමූ නමුත් වාසිලි සිය යතුර ඒ තුළට දැම්මේ නැත. තමා මෙය සිදු කළ හොත් මෙම ලෝකයට සිදු වන විනාශය ඔහු හොදින් දැන සිටින ලදී. මිසයිලය දියත් කළ හැකි එකම මාර්ගය තම මළ සිරුර මතින් පමණක් බව පැවසූ ඔහු දියත් කිරීම සදහා ඇති යතුර ගිල දමන ලදී.

ඔහුගේ මේ ක්‍රියාව නිසා මිසයිල දියත් කිරීම නවතා දැමීමෙන් පසුව සබ්මැරීනය යළි ජලය මතු පිටට පැමිණෙන ලදී. එහිදී එක්සත් ජනපද යුධ නැව් දෙකක් සහ ඩිස්ට්‍රෝයර් වර්ගයේ යාත්‍රා නවයක් ඔවුන් වට කරන ලදී. බී -59 සබ්මැරීනයේ ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික මිසයිල තිබේදැයි එක්සත් ජනපද හමුදාව දැන සිටියේ නැත. එබැවින් ඔවුන් සෝවියට් හමුදාවන්ට, සෝවියට් සංගමයට ආපසු යන ලෙස නියෝග කළහ.

ඔහු ගත් “අශෝභන” තීරණය නිසා ඔහුට දඩුවම් ලැබීමට වැඩි ඉඩක් ඇති බව වාසිලි දැන සිටියේය. නමුත් ඔහු එම තීරණය නොගත්තේ නම් ලෝක ඉතිහාසය මීට වඩා බෙහෙවින් වෙනස් වීමට ඉඩ තිබිණි.

සෝවියට් සමූහාණ්ඩුවට යළි ළඟා වූ පසු, වාසිලිට සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම නිසා සහ සෝවියට්වරුන්ට පවා අවශ්‍ය නොවූ න්‍යෂ්ටික යුද්ධයක් නැවැත්වීමට වක්‍රව කටයුතු කිරීමත් නිසා ඔහුට උසස් වීමක් හිමි වන ලදී.

වැරදීමකින් හෝ එදා එම මිසයිල දියත් වූවා නම් සීතල යුද්ධය පැවති සමයේ එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර පැවති ආතතිය හේතුවෙන් එය න්‍යෂ්ටික ලෝක යුද්ධයක් බවට පත්වී සමහරවිට මේ ලෝකය විනාශ වී යාමටත් ඉඩ තිබුණි. එකල පැවති නිරන්තර ආයුධ තරඟය හේතුවෙන් බලවතුන් දෙදෙනාටම වැඩිම න්‍යෂ්ටික අවි ප්‍රමාණයක් තිබූ කාලය ද එයයි.

අපේ වීරයා 1998 අගෝස්තු 19 වන දින පිළිකාව සමඟ සටනින් පරාජයට පත් විය. මෙයටද හේතු  වූයේ 1961 දී කේ -19 සබ්මැරීනයේ ඔහු විකිරණ වලට නිරාවරණය වීමයි. ඔහුගේ මෙම ක්‍රියාව නිසා සිදු වීමට ගිය මහා විනාශයක් නතර වූවා සේම අප සියලු දෙනාම අපගේ ජීවිත වලින් ඔහුට ණය ගැතිය.

බිලියන හතක ජනතාවකගේ ජීවිත බේරාගත් රුසියානු සොල්දාදුවා (Russian Soldier) - Your Choice Way
එක්සත් ජනපද නාවික හමුදාවන්ට යටත් වූ අවස්ථාව
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිලියන හතක ජනතාවකගේ ජීවිත බේරාගත් රුසියානු සොල්දාදුවා (Russian Soldier) බිලියන හතක ජනතාවකගේ ජීවිත බේරාගත් රුසියානු සොල්දාදුවා (Russian Soldier) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2022 Rating: 5

0 comments:

Post a Comment