බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella)

බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ තවත් ඉතිහාස කතා රැසක් සැගවුණු බිසෝ ඇල්ල ගැන.

මුලින්ම මේ ඇල්ලේ කතා ටික කියන්නම්කෝ.

වළගම්බා රජ සමයේ  සේනාව යුද්ධයට යාමට පිටත්වෙද්දී  වළගම්බා රජු  සිය  බිසෝවරුන් හත්දෙනෙකු  ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පර්වත මුදුනේ සඟවා  සිට තිබෙනවා..

රජු තමන් යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් සුදු කොඩියක්ද, පැරදුණහොත් රතු කොඩියක්ද ලෙළ දෙනු ඇති බවත්, පවසා යුද පිණිස පිටව ගිය බවත් ජනප්‍රවාදයේ  සඳහන් වෙනවා...� �අනතුරුව රජු  යුද්ධය දිනා පැමිණෙද්දී කුමන්ත්‍රණකරුවන් පිරිසක් සුදු වෙනුවට රතු කොඩියක් දමා ඇති බවත් 

එය දුටු  සොවින් බිසෝවරුන් මෙම ඇල්ලෙන් පැන දිවි නසාගත්  ජනප්‍රවාදයේ සඳහන්  බව ඓතිහාසික මාතලේ ග්‍රන්ථයේද සඳහන්ව තිබෙනවා..� �ඒ අනුව මෙයට බිසෝවරුන් පැන්න ඇල්ල, බිසෝ ඇල්ල යනුවෙන් නම ලැබී ඇතැයි ද කියැවෙනවා.

බිසෝවරුන්ගෙන් ගලා ගිය රුධිරය කිලෝමීටර කීපයක් ඈතින් එකතු වූ බවත් එතැන ‘රතලේ වැව‘ ලෙස නම් ලැබූ බවත් ජනප්‍රවාදයේ සඳහන්.

මාතලේ  යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම දිය ඇල්ල යටවත්ත සීමාවේ නැව්ගල කන්දටත් හුලංගල පර්වතයටත් අතර තමා  පිහිටා තියෙන්නේ.

�මාතලේ කුරුණෑගල පාරේ යටවත්ත පසු කර සැලගම මාර්ගයට පැමිණ එතැනින් නිකගොල්ල මාර්ගයේ පැමිණ දිය ඇල්ල නැරඹිමට අවස්ථාව ‍තියෙනවා.

ඉතින් ඔයාලත් මේ මාතලේ පැත්තේ ගියොත් මෙ ඇල්ල බලන්න අමතක කරන්න එපා හොදේ.

මේ දවස්වල නම් ඇල්ලේ වතුර හරිම අඩුයී.

පින්තූර මුල්හිමිකරු සතුයි 🙏🏻📸 Travel for Education

බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella) - Your Choice Way

බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella) - Your Choice Way

බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella) - Your Choice Way

බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella) - Your Choice Way

බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella) - Your Choice Way

බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella) බිසෝවරුන් පැන්න ඇල්ල - බිසෝ ඇල්ල 🧝‍♀️👸🏻🩸 (Biso Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment