Adambara Sanda Song Lyrics - ආඩම්බර සඳ ගීතයේ පද පෙළ

Adambara Sanda Song Lyrics - ආඩම්බර සඳ ගීතයේ පද පෙළ
Song Title : Adambara Sanda (ආඩම්බර සඳ)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
ගී පද : විජිත් කණුගල


ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ

කෞමතී මලක් යහනට එවන්නේ කවදද//

දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා...
ඕ.... හොඕ...
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා....

නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා...
පිණි කඳුලක් තබා හොරෙන්
උදේම පිටමං වෙලා...

ආඩම්බර සඳ සිරියහනට වැද...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adambara Sanda Song Lyrics - ආඩම්බර සඳ ගීතයේ පද පෙළ Adambara Sanda Song Lyrics - ආඩම්බර සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2022 Rating: 5

0 comments:

Post a Comment