හිට්ලර් ඉදිරිපිට රන් පදක්කම් 4 ක් ලබා ගත් ඇමරිකානු කළු ජාතිකයාගේ කතාව (Jesse Owens)

හිට්ලර් ඉදිරිපිට රන් පදක්කම් 4 ක් ලබා ගත් ඇමරිකානු කළු ජාතිකයාගේ කතාව (Jesse Owens) - Your Choice Way

1936 ඔලිම්පික් උළෙලෙහි සත්කාරකත්වය ලබා ගැනීම සදහා මුලින් නගර 14ක් ඉදිරිපත් වී තිබුණි. නමුත් අවසානයේ නගර ද්විත්වයක් එය ලබා ගැනීම සඳහා පෙරමුණට පැමිණ තිබුණි. ඒ නගර දෙක නම් ජර්මනියේ බර්ලින් සහ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ය.

ඒ අනුව 1931 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) මෙහි අවසන් ඡන්ද විමසීම සඳහා බාර්සිලෝනා නගරයට රැස් විය. එහෙත් එම කාලය වෙද්දී දෙවන ස්පාඤ්ඤ ජනරජය පිහිටුවා දින කිහිපයක් ගත වූවා පමණි. ස්පාඤ්ඤයේ පැවති මේ අනපේක්ෂිත තත්ත්වය නිසා 1936 ඔලිම්පික් සත්කාරකත්වය දිනා ගැනීමට බර්ලිනය සමත් විය.

එහෙත් සිදු වූයේ නොසිතූ දෙයකි. එනම් ඔවුන් මෙම ඡන්ද විමසීම පවත්වා වසර දෙකක් ගත වෙද්දී ජර්මනියේ තත්ත්වය ස්පාඤ්ඤයේ පැවති තත්වයටත් වඩා බෙහෙවින් නරක එකක් විය. වයිමාර් පාලනය බිඳවැටුනු අතර නාසි පක්ෂයේ නායක ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත් විය.

හිට්ලර් තුළ පැවති උග්‍ර යුදෙව් විරෝධය හා ඔහුගේ ආර්යයන් උත්තරීතර යැයි පැවති සිද්ධාන්තය පිළිබඳ ලොව පුරා විශාල ලෙස කතාබහක් ඇති විය. මේ හේතු සලකා බැලීමෙන් අනතුරුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් සත්කාරක නගරය නැවත සලකා බැලීම පිළිබඳ පුද්ගලික සැසියක් පවත්වන ලදී.

කෙසේ වෙතත් හිට්ලර්ට අවශ්‍ය වූයේ තම රටෙහි ශක්තිය ඔලිම්පික් උළෙල හරහා මුළු ලොවටම පෙන්වීමටය. මේ හේතුව නිසා ඔහු යුදෙව් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලියට සහභාගී වීමට ඉඩ ලබා දෙන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත සහතික වන ලදී. ඒ අනුව කිසිදු වෙනස් කිරීමකින් තොරව බර්ලිනය සත්කාරක රට ලෙස පවතින ලදී.

1936 බර්ලින් ඔලිම්පික් උළෙලට සහභාගී වීමට සිටි ඇමරිකානු කණ්ඩායම තුළ 23 හැවිරිදි මලල ක්‍රීඩකයෙකු වූ ජෙසී ඕවන්ස් ද විය. ඕවන්ස් කුඩා කල සිටම හැදී වැඩුණේ ඔහියෝහි වූ අතර ඔහුට කුඩා කල සිටම විවිධ රැකියා කිරීමට සිදු වූයේ තම පවුලට ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබූ නිසාය. එහෙත් අවසානයේ ඔහුගේ පියා රැකියාවක් සොයා ගත් විට ඕවන්හට ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව හිමි විය.

එහිදී ක්‍රීඩාවන් සඳහා ඔහු සතුව පැවති විශිෂ්ඨ දක්ෂතාවය නිසාම ඔහුට සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට ඔහුට හැකි විය. එමෙන්ම ධාවනය ඇතුළු තවත් ඉසව් සඳහා නව ලෝක වාර්තා තුනක් පිහිටුවීමට මෙන්ම තනි NCAA ශූරතා අටක් දිනා ගැනීමටද ඔහු සමත් විය. කෙසේ වෙතත් එවැනි විශිෂ්ඨ සාර්ථකත්වයක් ලබා ගෙන තිබියදීත් ඔහුට කිසිදු ශිෂ්‍යත්වයක්වත් හිමි වූයේ නැත. ජාතිවාදී අදහස් බහුලව පැවති සමයක් වූ එම සමයේදී අනෙක් ක්‍රීඩකයන්ට ලැබෙන කිසිදු පහසුකමක් හොදින් දක්ෂතා අතර සිටි ඕවන්ස්හට හිමි වූයේ නැත. නමුත් සහජයෙන්ම ඔහුට හිමි වී තිබූ මේ දක්ෂතාවල ආශිර්වාදයෙන් ඔහුට ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි විය.

ඒ අනුව 1936 දී ඕවන් සහ අනෙක් ඇමරිකානු ක්‍රීඩකයන් ස්වස්තික වලින් වැසී තිබූ බර්ලිනයට ලඟා වෙන ලදී. එහිදී හිට්ලර්ගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ උත්තරීතර ආර්ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ක්‍රීඩා උළෙලේ ආධිපත්‍යය දරණු ඇති බවයි. නමුත් මෙම බලාපොරොත්තු බිඳ දමමින් මීටර් 100 ඉසව්ව සඳහා රන් පදක්කම දිනා ගැනීමට ඕවන්ස් සමත් විය. ඉන් නොනවැතුණු ඔහු මීටර් 200 රන් පදක්කම ද, මීටර් 4 × 100 ධාවනය සඳහා රන් පදක්කම මෙන්ම ජර්මන් මලල ක්‍රීඩක ලූස් ලෝන්ග්, දුර පැනීමේ ඉසව්වෙන් පරාජය කර එයද ජය ලැබීය.

ඕවන්ස්ගේ මේ ජයග්‍රහණයන් නිසා හිට්ලර් බොහෝ සෙයින් “කෝපයට” පත් විය. එකල බර්ලිනයේ ජනතාව අතර බොහෝ ලෙස ජාතිවාදී හැඟීම් පැවතිය ද, රසිකයන් ඕවන්ස් වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කළ අතර ඔහු සමග තරඟ කළ ජර්මානු තරඟකරු වූ ලූස් ලෝන්ග් පවා ඕවන්ස්ට සුබ පැතුවේය. ඔවුන් ඕවන්ස්ගේ සමේ වර්ණයෙන් ඔහුව විනිශ්චය කළේ නැත.

ලුස් සහ ඕවන්ස් ඉන් පසු ඉතා හොඳ මිතුරන් බවට පත් වූ අතර 1936 න් පසුව පවා ඔවුන් ලිපි හුවමාරු කර ගනු ලැබීය. එහෙත් දෙවන ලෝක යුද්ධයේ සේවය කරමින් සිටියදී ලූස් අවාසනාවන්ත ලෙස මිය ගියේය. එහෙත් ඔවුන් අතර පැවති මිත්‍රත්වය එයින් අවසන් නොවූ අතර 1960 දී ඕවන්ස් යළි ජර්මනියට ගොස් ලූස්ගේ පුත් කායිගේ විවාහ මංගල්‍යයටද සහභාගී විය. එමෙන්ම සිය මිතුරා පිළිබඳ සිහි කරමින් ඕවන්ස් පවසා සිටියේ : "හිට්ලර් ඉදිරිපිට මා සමඟ මිත්‍ර වීමට තරම් විශාල ධෛර්යයක් ඔහු සතු විය. මා දිනා ගත් සියලු රන් පදක්කම් වලට වඩා ඔහු සමඟ තිබූ මිත්‍රත්වය මා හට වටිනවා." ලෙසය.

ඕවන්ස් නැවත නිව්යෝර්ක් නගරයට පැමිණි විට ඔහුට එහි නගරාධිපති ෆියොරෙලෝ ලාගාර්ඩියා වෙතින් උණුසුම් පිළිගැනීමක් ලැබුණි. කෙසේ වෙතත් ජාතිවාදී ජනාධිපතිවරයෙකු වූ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ඔවන්ස් ඔලිම්පික් උළෙලේ ලද සාර්ථකත්වය පිළිබඳ අගය කිරීමටවත් ඔහුට ධවල මන්දිරයට ආරාධනා කළේ නැත.

ඕවන්ස් ඔලිම්පික් උළෙලේදී එක්සත් ජනපදයට මහත් ගෞරවයක් ගෙන ආවත් වැඩි කල් නොගොස් එක්සත් ජනපදයේ මලල ක්‍රීඩා නිලධාරීන් ඔවන්ගේ වෘත්තීය ජීවිතය අවසන් කිරීමට කටයුතු කරනු ලබනවා. එයට හේතුව වන්නේද එකල පැවති ජාතිවාදී අදහස්ය.

මේ හේතුව නිසා අවසානයේ ඔහුට ගෑස් පිරවුම්හල් සේවකයෙකු, ක්‍රීඩා පිටියේ මුරකරුවෙකු, පිරිසිදු කිරීමේ ආයතනයක කළමනාකරුවෙකු ලෙසද සේවය කිරීමට සිදු විය. ඊට අමතරව ඔහුට මුදල් සඳහා ආධුනිකයන්ට එරෙහිව මෙන්ම අශ්වයන්ට එරෙහිවද තරඟ කිරීමට සිදු විය.

"මිනිසුන් හිටපු ඔලිම්පික් ශූරයකු අශ්වයෙකුට එරෙහිව දිවීම පහත් ලෙස සලකනු ලබයි. නමුත් මම කුමක් කරන්නද? මා සතුව රන් පදක්කම් හතරක් ඇත. එහෙත් කුසගින්න නිවා ගැනීම සඳහා අපට ඒ රන් පදක්කම් ආහාරයට ගත නොහැක. මා වැනි කළු මිනිසෙකුට කිසිදු වෙළද දැන්වීමක් හෝ කිසිදු සහනයක් හිමි නොවේ." - ජෙසී ඕවන්ස්

ජාතිවාදය යනු මිනිසා විනාශ කර දැමීමට මෙන්ම ශිෂ්ටාචාර පිටින් නැති කර දැමීමට සමත් දෙයකි. ජාතිවාදයේ මඟ යන විට එය ඉතාමත් දක්ෂ පුද්ගලයින්ගේ ඇති හැකියාවන් පවා සීමා කරයි. වාර්ගික විනිශ්චයන් මත පදනම්ව ඕවන්ස්ගේ වෘත්තිය අවසන් නොවූයේ යැයි සිතන්න. එසේ නම් ඔහු ඉන්පසු තරඟ කීයක් නම් ජය ගනු ඇතිද? ඕවන්ස්ගේ ආභාෂය ලබා ගෙන තවත් කුඩා දරුවන් කී දෙනෙක් ඔහු ගිය මග යනු ඇතිද?

හිට්ලර් ඉදිරිපිට රන් පදක්කම් 4 ක් ලබා ගත් ඇමරිකානු කළු ජාතිකයාගේ කතාව (Jesse Owens) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිට්ලර් ඉදිරිපිට රන් පදක්කම් 4 ක් ලබා ගත් ඇමරිකානු කළු ජාතිකයාගේ කතාව (Jesse Owens) හිට්ලර් ඉදිරිපිට රන් පදක්කම් 4 ක් ලබා ගත් ඇමරිකානු කළු ජාතිකයාගේ කතාව (Jesse Owens) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2022 Rating: 5

0 comments:

Post a Comment