ලී ක්වාන් යූ දිළිඳු රටක් වූ සිංගප්පූරුව වසර 30ක් තුළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ ආකාරය (Singapore)

ලී ක්වාන් යූ දිළිඳු රටක් වූ සිංගප්පූරුව වසර 30ක් තුළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ ආකාරය (Singapore) - Your Choice Way

"පසුගිය වසර 40ක කාලය තුළ ලෝකයේ බොහෝ නායකයින් හමුවීමේ වරප්‍රසාදය මට ලැබුණි. එහෙත් ඒ කිසිවෙකුටත් ලී ක්වාන් යූ තරම් විශාල අවබෝධයක්, පරිකල්පනයක් සහ නිර්මාණශීලිත්වයක් තිබුණේ නැත.” - හෙන්රි කිසිංගර්

ලී ක්වාන් යූ යනු ශ්‍රී ලාංකික අපිට නුහුරු නුපුරුදු නායකයකු නොවේ. මන්දයත් සෑම අවුරුදු හතරකට පමණ වරක්ම ඔහු පිළිබඳ අප නායකයින්ගෙන් අපට ඇති තරම් කතාන්දර ඇසීමට ලැබීම නිසාය. නමුත් සැබැවින්ම ලී ක්වාන් යූ යනු කවරෙක් ද? සිංගප්පූරුවේ ජාතියේ පියා ලෙස හැඳින්වීමට තරම් ඔහු සිදු කර ඇත්තේ කුමක්ද? අද අප ඒ පිළිබඳ අවධානය යොමු කරමු.

සිංගප්පූරුව සිය සිවිල් සේවකයින්ට ලෝකයේ ඉහළම වැටුපක් ගෙවනු ලබයි. එමෙන්ම කලාපයේ අනෙකුත් දේශපාලඥයින් හා සැසදීමේදී තම බැංකු ගිණුම් තුළ අවම මුදලක්ද ඇත්තේ සිංගප්පූරු දේශපාලඥයින් සතුවය. මෙයට ප්‍රධානතම හේතුව මෙම දූපත තුළ දූෂණ වංචා බොහෝ දුරට නොපවතින බැවිනි.

1965 දී නිදහස ප්‍රකාශයට පත් කරන විට සිංගප්පූරුව පසු වූයේ ඉතා බිහිසුණු තත්වයක ය. ඉතා දරුණු දුප්පත්කමින්, වාර්ගික අර්බුධ වලින් මෙන්ම ස්වාභාවික සම්පත් නොමැතිකමින් ද ඔවුන් බොහෝ ලෙස පීඩා විඳින ලදී. ඊට අමතරව මැලේසියාවෙන් වෙන්වීමේදී ඔවුන්ගේ විදේශ ආයෝජනද බිංදුවටම ඇද වැටුණි. දශක තුනක් වැනි කෙටි කාලයක් තුළදී සිංගප්පූරුව ආර්ථික අතින් මේ තරමට ස්ථාවර වේ යැයි ඒ මොහොතේ කිසිවෙකුත් සිහිනෙන්වත් සිතුවේ නැත. එහෙත් නියම වේලාවට නිවැරදි තීරණ ගැනීමෙන්, යන්තම් දිවි ගලවා ගත් රටක් ස්ථාවර රටක් බවට පත් කරමින් ලී සමස්ත ලෝකයම මවිතයට පත් කිරීමට සමත් විය.

ලී ක්වාන් යූ යනු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙන්ම වෘත්තියෙන් නීතිඥයෙකි. ඔහු 1959 සිට 1990 දක්වා කාලය තුළ සිංගප්පූරුවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය. තම වසර 30 ක සේවා කාලය තුළදී සිංගප්පූරුව සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක සිට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීමට මේ අසහාය නායකයා සමත් විය. හුදෙක් විදේශ ආයෝජන, ජාත්‍යන්තර වෙළඳාම සහ සිංගප්පූරුව ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මගින් ඔහු පිරිහෙමින් පැවති රට නඟා සිටුවීය. සැබැවින්ම වර්තමාන සිංගප්පූරුව එහි සාර්ථකත්වයට ලී ක්වාන්ගේ රජයේ ප්‍රතිපත්තිවලට ණයගැතිය.

ලී ක්වාන් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළ පුද්ගලයෙකි. සම්පත් නොමැති කුඩා රටක් ලෙස බොහෝ කලක් පැවතිය නොහැකි බව ඔහු හොදින් දැන සිටියේය. එබැවින් ඔහුට හොද ජාත්‍යන්තර සබඳතා හා අභ්‍යන්තර සමගිය පවත්වා ගැනීමට විශාල ලෙස අවශ්‍ය විය. එම නිසා ඔහු බොහෝ දෙනා තවමත් එකඟ නොවන රජයේ ප්‍රතිපත්තිවල මතභේදාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කළේය.  කෙසේ වෙතත්, සිංගප්පූරුව සම්බන්ධයෙන් එම වෙනස්කම් සාර්ථක විය.

1966 ඔක්තෝබර් 26 දින ඔහුගේ පාර්ලිමේන්තුව ඉඩම් අත්පත් කර ගැනීමේ පනතක් සම්මත කළේය. නිදහස ලැබීමෙන් පසු ඔවුන්ගේ ප්‍රධාන නගරය වූ සිංගපුර නගරය මුඩුක්කු වලින් වටවී තිබුණි. ලී ක්වාන් විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ පනත හඳුන්වා දුන් පසු පොදු අරමුණු සඳහා ඉඩම් සන්තකයේ තබා ගැනීමට රජයට සියලු අයිතිවාසිකම් ඇති බවට ප්‍රකාශ කරන ලදී. මෙමගින් නිවාස අහිමි වන පුද්ගලයන්ට ජීවත්වීම සඳහා රජය විසින් නිවාස සංකීරණ ඉදිකළ අතර 80% පමණ පැල්පත් ජනයා ඒවයෙ පදිංචියට යවන ලදී.

නිදහස ලැබුණු පසු සිංගප්පූරුවේ වාර්ගික අස්ථාවරත්වය ඉතා ඉහළ යන ලදී. එහෙත් වාර්ගික ස්ථාවරත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව නොමැතිව ජාතියකට සාර්ථක විය නොහැකි බව ඔහු තරයේ විශ්වාස කරන ලදී. මෙයට විකල්පයක් ලෙස ලී ක්වාන් ජාතින් අතර සතුට හා තෘප්තිය අනෙකුත් සියලු පුද්ගලික අවශ්‍යතා හා වුවමනාවන්ට වඩා වැදගත් බව සැලකිය. 

වාර්ගික අස්ථාවරත්වය නැති කිරීම සඳහා ලී මධ්‍යම අර්ථසාධක අරමුදල් ක්‍රමයක් හඳුන්වා දුන්නේය. මෙම අර්ථසාධක අරමුදල් සදහා පොදු සුභසාධන න්‍යාය පත්‍රයක් තිබුණි. එමගින් සිංගප්පූරු රජය යටතේ සිටින සෑම පුද්ගලයෙකුටම ඉතිරි කිරීමේ ගිණුමක් තිබුණි. ඔහු හෝ ඇයගේ ඉපැයීම්වලින් 20% ක් ඔවුන්ගේ මේ ඉතිරි කිරීමේ ගිණුමට බැර කිරීමට දැඩි ලෙස බැඳී සිටින ලද අතර එය අනිවාර්ය විය.

මීට අමතරව සිංගප්පූරුව එහි ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව සැමවිටම ඉහළින්ම සලකා බලනු ලබයි. මෙම මධ්‍යම අර්ථසාධක අරමුදලේ පැවති මහජනතාවගේ ඉතිරිකිරීම් සඳහා 5% ක පොලී අනුපාතයක් රජය විසින් ගෙවනු ලබයි. 5% ක් යනු විශාල පොලී අනුපාතයකි.  මෙම අරමුදල් මගින්  සාමාන්‍යයෙන් පුද්ගලයාගේ විශ්‍රාම වැටුප්, වෛද්‍ය බිල්පත්, නිවාස ඉදිකිරීම යනාදිය සඳහා ගෙවීමට භාවිතා කරන ලදී. සිංගප්පූරුවේ ඉතිරිකිරීමේ අනුපාතය 53% දක්වා මේ නිසා වර්ධනය විය. ලී ක්වාන්ගේ බුද්ධිය සිංගප්පූරුවේ ආර්ථිකය බේරා ගත්තේය.

ඊට අමතරව ලී ක්වාන් සිංගප්පූරුව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම කෙරෙහිද සිය අවධානය යොමු කරණ ලදී. ඒ අනුව ලෝකයේ වඩාත් ශක්තිමත්ම දළ දේශීය නිෂ්පාදිත වර්ධනයනඟෙන් එකක් වන 1965 ඩොලර් 516 සිට ඩොලර් 44,760 දක්වා වර්ධනයක් සිංගප්පූරුවේදී දැක ගත හැකි විය.

ව්‍යාපාරිකයන් අතර සිටි දක්ෂ පුද්ගලයින් ඔප දැමිය යුතු ආකාරය සහ නගා සිටුවිය යුතු ආකාරය ලී ක්වාන් හොදින් දැන සිටියේය. නව ව්‍යාපාර ඇති කිරීම සහ ඒ හරහා රැකියා උත්පාදනය කළ යුතු බවට ඔහු දැඩි ලෙස කියා සිටින ලදී. සිංගප්පූරුවේ තිබූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තිබූ එකම මාර්ගය එය බව ඔහු තරයේ විශ්වාස කරන ලදී. එමෙන්ම ඔහු දැඩි නීති පනවා දූෂණ වංචා ඉතා අවම කිරීමට කටයුතු කරන ලදී.

එමෙන්ම සෑම පුද්ගලයෙකුටම නවෝත්පාදන සිදු කළ හැකිවන පරිදි ඔහු නීති සකස් කළ අතර එමගින් ඔවුන්ට ව්‍යාපාර සිදු කිරීමට ඉතා පහසු කරන ලදී. සිංගප්පූරුව වර්තමානයේ ව්‍යවසායකයින් සඳහා සුදුසුම රටක් ලෙස සැලකේ.

එමෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර යනු සිංගප්පූරුව ස්ථාවර කළ හැකි තවත් ක්‍රමයක් බව ලී ක්වාන් දැන සිටි අතර ඔහු ඉතා නිවැරදි විය. එහි ප්‍රතිඵලයක් යටතේ සිංගප්පූරුව තුළ ඔවුන්ගේ නිෂ්පාදන අංශයේ ආයෝජනය කිරීම සඳහා බහුජාතික සමාගම් රාශියක් ආකර්ෂණය කර ගැනීමට ඔහු සමත් විය. අද වන විට නිෂ්පාදන කර්මාන්තය සිංගප්පූරුවේ සමස්ත ආර්ථිකයට 20% ක දායකත්වයක් සපයයි. එමෙන්ම විදේශ සෘජු ආයෝජන සතු තෙවන විශාලතම රටත් සිංගප්පූරුවයි.

ව්‍යාපාර වලදී රජය, ව්‍යාපාරය සහ වෘත්තීය සමිති යන වැදගත් පාර්ශවකරුවන් තිදෙනා අතර සැමවිටම සමගිය තිබිය යුතු යැයි ලී ක්වාන් දැඩිව විශ්වාස කරන ලදී. සිංගප්පූරුව සාර්ථක වීමේ තවත් එක් ප්‍රධාන අංගයක් වූයේ මෙයයි.

එමෙන්ම සංචාරක කර්මාන්තය සිංගප්පූරුවේ තවත් එක් වැදගත්ම වත්කමකි. 2017දී සිදු කළ පර්යේෂණයන්ට අනුව සිංගප්පූරුවේ ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1% කි. සිංගප්පූරුව වසරකට සංචාරක ව්‍යාපාරයෙන් බිලියන 17.7 ක් උපයයි.  සිංගප්පූරුවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සංචාරක කර්මාන්තයද විශාල ලෙස දායක විය. 

සිංගප්පූරු ආර්ථිකය යනු ලෝකයේ වඩාත්ම ස්ථාවර ආර්ථිකයකි.  සිංගප්පූරුව ඉහළ ආදායම් උත්පාදනය කරන ණය රහිත රටකි. ඒ වෙනුවට අද වන විට සිංගප්පූරුව ණය ලබා දෙන රටක් බවට පත්ව ඇත. 

සිංගප්පූරුවේ අපනයනද මෙලෙස එහි ආර්ථිකය ඉහළ යාමට එක් හේතුවකි. එහි ප්‍රධාන අපනයන ලෙස ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන හා යන්ත්‍රෝපකරණ දැක්විය හැක. නිෂ්පාදන අංශයේ ජාත්‍යන්තර ආධාර ඇතිව සිංගප්පූරුව සිය අපනයන ක්‍රමයෙන් වැඩි කළේය. අර්බුදකාරි  අවස්ථා තම වාසියට හරවා ගැනීම සඳහා හොඳම උදාහරණය සිංගප්පූරුවයි. ස්වාභාවික සම්පත් ඉතා අල්ප වුවද එය සිංගප්පූරුවේ මේ වර්ධනය නතර කිරීමට සමත් වූයේ නැත. සිංගප්පූරුව සතුව විශාල තෙල් පිරිපහදු ඇති අතර එය ලොව දෙවන විශාලතම පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනකරුවා බවටද පත්ව තිබේ. 

ලී ක්වාන් යූ වරින් වර සිංගප්පූරුවේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය විශාල ලෙස වැඩි කළේය. ලී ක්වාන් යූ විශ්වාස කළේ සැබෑ ආයෝජනය යනු එහි ජනතාව බවයි. ජාත්‍යන්තර අවශ්‍යතා සපුරාලීමට සහ සිංගප්පූරුව ලෝකය සමඟ වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ඔහු පාසල් වල ප්‍රමිතීන් විශාල ලෙස ඉහළ නැංවීය. ගෝලීය වශයෙන් තරඟ කිරීම සඳහා තොරතුරු තාක්ෂණ, ඛනිජ රසායනික තාක්ෂණය, ජෛව තාක්‍ෂණය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලද වැඩි දියුණු කිරීම් සිදු කරන ලදී. 0.88 වන ලෝකයේ ඉහළම මානව ප්‍රාග්ධන දර්ශකය සිංගප්පූරුව සතු වේ. එනම් සාමාන්‍ය සිංගප්පූරු ජාතිකයෙකු 88% ප්‍රමාණයක් සෞඛ්‍ය සම්පන්නව සහ ධනවත්ව සිටින බවයි.

සිංගප්පූරුවේ මේ ආක්‍රමණශීලී ආර්ථික වර්ධනයට සහාය වීම සදහා  ලී ක්වාන් ගුවන් සමාගම් සහ වරායන් සංවර්ධනය කිරීමටද කටයුතු කරන ලදී. සිංගප්පූරුවේ මේ ගුවන් සමාගම් සහ වරායන් ඔවුන්ගේ වාණිජමය අරමුණු සඳහා භාවිතා කිරීමට  පහසුවෙන් හැකි වූ අතර එමගින් ජාත්‍යන්තර ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට ඔවුන් සමත් විය. මෙම නිසා සිංගප්පූරුවේ ඇති පීඑස්ඒ කෝපරේෂන් ලිමිටඩ් සහ ජුරොන්ග් වරාය වර්තමාන ලෝකයේ කාර්යබහුලම නැව් භාණ්ඩ වරාය ලෙස සැලකේ.

ලී ක්වාන් යූගේ දර්ශනය සහ ප්‍රායෝගික බව නිසා සිංගප්පූරුව ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකයක් බවට පත් විය. වර්තමාන  සිංගප්පූරුව විශිෂ්ට සංචාරක ගමනාන්තයක් වන අතර ජීවත් වීමට වඩාත් හොඳ ස්ථාන වලින්ද එකක් වේ. දශක තුනක කාලයක් තුළ ලී දිළිඳු ගම්මානයක් ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ ඒ මහා ආශ්චර්ය සිදු කළේ ඒ අයුරිනි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලී ක්වාන් යූ දිළිඳු රටක් වූ සිංගප්පූරුව වසර 30ක් තුළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ ආකාරය (Singapore) ලී ක්වාන් යූ දිළිඳු රටක් වූ සිංගප්පූරුව වසර 30ක් තුළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ ආකාරය (Singapore) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2022 Rating: 5

0 comments:

Post a Comment