Sanda Rajini Song Lyrics - සඳ රාජිනී ගීතයේ පද පෙළ

Sanda Rajini Song Lyrics - සඳ රාජිනී ගීතයේ පද පෙළ
Song Title : Sanda Rajini (සඳ රාජිනී)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : රොඩ්නි විදානපතිරණ
තනුව : සරත් ද අල්විස්


සඳ රාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ
පාලුවේ
වේදනා
මා දවාවී
සඳරාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

ඈ හා බැඳී
ආවා එදා
සමුගන්න මාගෙන් මිදීලා
මතකේ සදා
සුවඳේ වෙලී
සංසාරයේ ඉන්න මා හා
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කළේ
මායාව සේ
වැලපෙන්න දෝ මේ ලෙසින්

සඳරාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

රෑ තුන්යමේ
හඬනා මගෙන්
වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ
සුළඟේ රැඳී
කාටත් හොරා
මාගේ ළඟින් ඉන්නදෝ
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කළේ
මායාව සේ
පළිගන්නදෝ මේ ලෙසින්

සඳ රාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ
පාලුවේ
වේදනා
මා දවාවී
සඳරාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Rajini Song Lyrics - සඳ රාජිනී ගීතයේ පද පෙළ Sanda Rajini Song Lyrics - සඳ රාජිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment