කොටිකන් බැබිල (Kotikan Babila - Sida Rhombifolia)

කොටිකන් බැබිල (Kotikan Babila - Sida Rhombifolia) - Your Choice Way

🌿 අඩි දෙකක් පමණ උසට වැවෙන බහුවා ර්ෂික ශාකයකි.

🌿 ගස සෘජුය.

🌿 බොහෝ අතු සහිතයි. අතුවල තාරකාකාර කේශර පිහිට ඇත.

🌿 පත්‍රයක් අඟල් 1- 1 1/2 අතර දිගැතිය. පත්‍ර දාරයේ පහළ කොටස සම්පූර්ණය. ඉහළ කොටස දන්තූර කරපත්‍රිකය. පත්‍රයේ උඩු පැත්ත සිනිඳුය. යටි පැත්ත තරමක් බූව සහිතයි.

🌿 මල් තනි තනිව කක්ෂවල පිපේ. නිපත්‍රිකා නොමැත. පුෂ්ප දිගින් අඟල් 0.75 පමණ වේ. කහ පාට පුෂ්ප පරවෙන විට සුදුපාට වේ. පුෂ්පයේ මණි පත්‍ර 5 කි. දල 5 කි. ඩම්බකෝෂය උත්තරය. බහුකෝෂ්ඨකය.

🌿 ඵලය මේරූ විට පැළී ඵලිකා බිහිවේ. ඵලිකාවක තනි බීජයක් ඇත.

🌿 කොටිකන් බැබිල මල්වාසේ (Malvaceae) කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම
🌿 මෙම ශකය ලංකාවේ පාරවල් අද්දර පා ළු බිම්වල බහුලව වැවේ. ලෝකයේ බොහෝ නිවර්තනික ප්‍රදේශවල මේ ශාකය හමුවේ.

🌿 සෙම්, පීනස් හා ප්‍රතිශ්‍යා ආබාධවලදී ප්‍රතිකාර වශයෙන් යෙදෙන ඖෂධ පිළියෙළ කිරීමට කොටිකන් බැබිල ගනු ලැබේ. මේ හැර ගඩු, පිළිකා , ක්ෂයරෝ ගය, රක්තවා තය, අධික උණ, උදරා බා ධ, ඔසප් චක්‍රයේ අක්‍රමවත්බව, පැපොල, දත් කැ ක්කුම සහ කැඩුම් බිඳුම් ආදි රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට කො ටිකන් බැබිල යොදා ගනී.

🌿 මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ පිණිස ගැනේ . තවද පත්තු, මැල්ලුම්, කෂා ය හා තැවුම් පො ට්ටනි හඳහා මේ ශා කයේ කොටස් භාවිතා කෙරෙයි.

🌿 මෙරට වියළි පළාත්වල හමුවන තවත් කොටිකන් බැබිල විශේෂයක් වූ සීඩා රෙටූසා (Sida retusa) ශාකයෙන් හොඳ සවිමත් කෙඳි ලැබේ .

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර

සේයා රූ - https://www.esc.nsw.gov.au/ , http://lepidoptera.butterflyhouse.com.au/

කොටිකන් බැබිල (Kotikan Babila - Sida Rhombifolia) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොටිකන් බැබිල (Kotikan Babila - Sida Rhombifolia) කොටිකන් බැබිල (Kotikan Babila - Sida Rhombifolia) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2022 Rating: 5

0 comments:

Post a Comment