අදුනෙන් විනය වැලලු තැන සොයා පිහිට වූ කාලි මෑණියන් (Kali Maniyo)

අදුනෙන් විනය වැලලු තැන සොයා පිහිට වූ කාලි මෑණියන් (Kali Maniyo) - Your Choice Way

ලෙස්ටර් කියන්නෙ එම ප්‍රදේශයේ නම කිය නීතියට සම්බන්ධ ඉහලම රැකියාව කරන කෙනෙක්.උගක් කමක් දැනුමත් ධනවත් කමත් නිසා ඔහු කා අතරත් ප්‍රශිද්ධියට පත්වෙලා හිටියෙ.ඔහුට දරුවන් තිදෙනෙක් සිටි අතර මේ කතාව සිදුවන විට ඔහුන් විදෙස් ගතව පදිංචි වෙලා හිටියෙ.ලෙස්ටර් මහත්තයගෙ නෝනත් ඉටිරූපයක් වගේ ලස්සනයි.කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙන මිනිස්සු.ඔය අතර ගෙදර කාර්යාලයක් විවෘත කලා මිනිසුන් වෙනුවෙන්.නිතරම මිනිස්සු යාන වාහන පිරිලා...මෙයාලගෙ දියුණුව බලන් ඉන්න බැරි වුනා ලගම හිටිය ඤාතියට...

මාස කිහිපයක් යද්දි ගෙදර නොයෙකුත් අබ්භූත සිදුවීම් සිද්ද වෙන්න පටන් ගත්තා.සමහර වෙලාවට පහත මාලයේ කිසිවෙකු ඇවිදින ආකාරය හොදටම දකින්න ලැබුනා.ගේට්ටුවෙන් හවසට කවුරුම හරි නිවසට එන ආකාරය කැමරාවලට හසු වෙලා තිබුනත් ආපු කෙනෙක් නෑ.ඡායාවක් නිවසට එන ආකාරය කැමරා දර්ශන වල හොදටම පේන්න තියෙනවා..සමහර වෙලාවට කාමරවල අබ්භූත ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා..ගෙදර ලෙස්ටර් මහතාගෙ බිරිදට කවුරුත් කතා කරන්නෙ මැඩම් කියලා.ඇය අබ්භූත ශබ්ද ඇහෙන වෙලාවට ගෙදර පිරිත් දාගෙන රෑ එලිවෙනකම් බියෙන් තමයි ඉන්නෙ.ගාථා කියන එකමයි ඒ වෙලාවට ඇයත් කරන්නෙ.

නීතිය සබ්බන්ධව ඉහලම රැකියාව කරන ඔහු ඉතා බුද්ධිමත් අයෙක්.එහෙත් පුදුමය කියන්නෙ යාලුවො ඉල්ලපු ගමන් කෝටි ගනනක මුදලක් යාලුවන්ට නයට දීම..සල්ලිනම් තියෙන නිසා කමක් නෑ කියා කියමු.ඒ ත් මේ සියල්ල සිදුවන්නේ ඉතා පුදුම විදිහට.ඔය අතරෙ හොදට හිටිය ලෙස්ටර් මහත්තයා එක්තැන් වෙනවා..ඔහුගේ කාර්යාලය වැහෙනවා..අර අබ්භූත සිදුවීම් වැඩිවෙනවා..නිවසට යමෙක් එන දර්ශන පෙනුනත් යන කෙනෙක් පෙන්නුම් කරන්නෙ නෑ..ගෙවල් අදුරු වෙනවා..රාත්‍රියට බිය වෙනවා..කෑගහනවා..බැරිම තැන තමයි සාත්තර අහන්න යන්නෙ .ඒත් කියන කිසිම දෙයක් හරියන්නෙ නෑ.

ලෙස්ටර් මහත්තයට කොච්චර බෙහෙත් කලත් සුවපත් වෙන්නෙ නෑ..වෙලාවකට යකෙක් වගෙයි.ඔය අතර විශ්ව ශක්තියෙන් ලෙඩ්ඩු සුවපත් කරන අයෙකු ලවා ද බෙහෙත් ලබා ගන්නවා..ඒත් හරියන්නෙ නෑ...ඔය අතරෙ තමයි ඔහුගේ බිරිද අදුන බලන්න පුලුවන් කෙනෙක් ගැන ආරංචියක් ලැබෙන්නෙ.ඇය තම සේවිකාවකුත් සමග එතනට යනවා...අදුන බලල කියපු විදිහට මෙතනට අර කියපු ඤාතියා විසින් හූනියමක් කරලා..එය ගොඩ අරන් විනය කපා ඉවත් කල යුතුයි..

දැන් එන්න එන්නම නිවසේ අදුර වැඩි වෙනවා..පාලු ගතිය වැඩිවෙනවා..නිවස පුරා ගමන් කරන ඡායාවල් පේනවා..මෙතෙක් කාලයක් කිසිදු සාත්තරයක් විශ්වාස නොකල ඇය තීරණය කරනවා මේ විනය ඉවත් කරල බලන්න ඕනෙ කියල.ඒ අනුව දිනයක් යොදාගෙන සෙත්ශාන්තියට ලෑස්ති වෙනවා.කාලි මෑණියො පිහිට වේවි ..මේ දුක් කරදර ඉවත් වේවි කියල සියලුම දෙනා විශ්වාස කරනවා..අදුනෙන් විනය වැලලු තැන බලද්දි එය නිවසත් කාර්යාලයත් අතර මැද වලලා ඇති බව අදුනෙන් පෙන්නුම් කරනවා.එම ස්ථානයේ ටයිල් කැට ගලවා අඩි බාගයක් පමන යටට හාරද්දි සුදු පාට මැටි පස් විශේෂයක් හමු වෙනවා..එම ගන තට්ටුව අයින් කර තවත් යටට හාරද්දි තමයි තිරිවානා ගල් කැට 2කුත් මිනී අලුත් නූලකුත් දැමූ දේ හමු වන්නෙ.එය ගොඩ ගැනීමෙන් අනතුරුව එම පස් ඇල්ලූ අයගේද අත් කසන්නට පටන් ගන්නවා..සියල්ලම එතනම තබා කාලි මෑනියන්ට බාරයි කියා මල් යහන තිබූ තැනට මෑණියන් ගමන් කරල සූනියම් අප්පච්චිට කන්නලව් කරනවා..ඔන්න ඒ පාර කල යුතු දේ සූනියම් අප්පච්චිගෙන් එන වරම් බලවේගය පැහැදිලි කරල දෙනවා.එම ස්ථාන වල අබය අලගුවෙන් මැතුරූ දෙවි තියනවා.ප්‍රේත තටුවට නිවසේ සිටි සියලුම ප්‍රේතයින් අඩගසා මන්තර කියා තටුවට බාර දීලා බලන් ඉන්න කොට අර ප්‍රධාන ගේට්ටුව ලගින් ඡායාවක් එන ආකාරය පෙන්නුම් කරනවා.එය ඉතා බයානක දර්ශනයක්.ඇය ආවේ කාර්යාලකාමරයෙන් බව පසුව හොදින් පැහැදිලි වෙනවා..කොන්ඩෙ තරමක් ඇති කොන්ඩෙ කඩාගෙන ඉතා දරුණු ආකාරයට එම මල යකින්න නිවසට ඇතුල්වෙන ආකාරය පියවි නෙතට පෙනුන අය මහත් බියටත් කම්පනයටත් පත් වෙනවා.

"කවුද මේ"

" මම මලයකින්නක්"

"ඇයි මෙහෙට ආවෙ"

"මගේ වුවමනාවට ආව නෙවෙයි..ඉස්සරහ ගෙදර මහත්තයලගෙ නෑයො මාව බන්දනය කරල මේ ගෙදරට දැම්මා..විනාශ කරන්න කිවිවා"

"තමන් කවුද"

"මම ඉස්සර මේ ලෙස්ටර් මහත්තයලගෙ ගෙදර වැඩට හිටිය වැඩකාර කෙල්ල සෝමා"

"මම වහ බීල මැරුනෙ.මම මේ නෝනලගෙ සල්ලි ගොඩක් හොරකන් කලා වෙන කෙනෙකුගෙ කීමට.ඒක නෝනල දැන ගත්ත නිසා මට මුහුණ දෙන්න ලැජ්ජ හිතුනා.මම හැමෝටම ඇත්ත කියලා..පස්සෙ හොරෙන් වහ බීල මැරුණා"

"මරණින් මතු මළයකින්නක්ව උපන්නා..මා ගැන දැනගත් අනිත් කට්ටිය මාව මෙහෙටම බාර කලා"

මේ කියන කතාව ඇත්තක්ද..

ඔව්..ඔව් එහෙම දෙයක් වුනා..සෝමා කියල කෙනෙක් මේ ගෙදර හිටියා..අපි එයාට හොදින් සැලකුවා..අනේ වහබීල දුකට මැරුලා...මැඩම් නෙත් කලුලෙන් පිරෙයි..මැරුනට පස්සෙත් හැමදේම කලේ අපි.එහෙම අපිට ඇයි කරදර කරන්න ආවෙ..

"නෑ..ඇය ඕන කමින් පැමිණ නෑ..උඹ දැන් මොකද කියන්නෙ කැමැත්තෙන්ම යනවද"

"ඔව්..මම යන්නම්..විනය කැපුවට පස්සෙ මම යන්නම්."

ඇය ද තටුවට පැමිණ සිටී..සොහොන් කාලී මෑණියෝ හූ කියාගෙන කෑගසාගෙන පැමිණ විදුලි වේගයෙන් නිවස පුරා දිව ගොස් සියලු ප්‍රේත බගවේග තටුවට දමා..ඉන් අනතුරුව විනය මන්තර කියමින් කපා ඉවත් කරවීය.

ලෙස්ටර් මහතාගෙ පිට කොන්දට බන්දනය කර තිබූ ප්‍රේත බලවේගය එලියට ගෙන ගැට ගසා බෝතලයකට දැමීය.

ඉන්පසු නිවසට ආරක්ෂා දැමීය..

දැන් නිවසේ හොල්මන් නැත.බිය වන්නේ නැත.අදුර නැති වී ගොස් නිවස ආලෝකයෙන් පිරී ගොස් තිබේ.දැන් කැමරාවල ඡායාවන් සටහන් වෙලාද නැත.අබ්භූත හඩවල් නැති වී තිබේ.පන්සිල් ගෙන පිරිත් කියා නිතර බුදුන් වදින්නට ඔවුන්ට උපදෙස් ලැබුනි..ලෙස්ටර් මහතාටද දැන් වෙනදාට වඩා සුවය ලැබී තිබේ..

මෙය හොල්මන් නිසා කරදරයකට පත් වූ නිවසක සිදු වූ සත්‍ය කතාවකි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අදුනෙන් විනය වැලලු තැන සොයා පිහිට වූ කාලි මෑණියන් (Kali Maniyo) අදුනෙන් විනය වැලලු තැන සොයා පිහිට වූ කාලි මෑණියන් (Kali Maniyo) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2022 Rating: 5

0 comments:

Post a Comment