කොස් කටගැස්මක් හදමු (A Jackfruit Bite)

කොස් කටගැස්මක් හදමු (A Jackfruit Bite) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට ගෙනාවා ගෙදරම හදා ගන්න පුළුවන් රසම රස කටගැස්මක්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌱 හොඳින් පැසුනු කොස් මදුළු 20 ක් පමණ 
  • 🌱 රටකජු 100 g ක් පමණ 
  • 🌱 කුඩාවට කඩා ගත් නූඩ්ල්ස් 100g ක් පමණ 
  • 🌱 කරපිංචා කොල ටිකක් 
  • 🌱 මිරිස් කුඩු මේස හැන්දක් පමණ 
  • 🌱 අවශ්‍ය පමණ  ලුණු කුඩු
  • 🌱 කහකුඩු ස්වල්පයක් 
  • 🌱 බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌸 කොස් මදුළු සිහින්ව ලියා ගන්න.
  2. 🌸 ලියාගත් කොස් මදුළු කහ සහ ලුණු අතගා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  3. 🌸 රටකජු ද ගැඹුරු තෙලේ බැද ගන්න.
  4. 🌸 නූඩ්ල්ස් ටිකද ගැඹුරු තෙලේ බැද ගන්න.
  5. 🌸 කරපිංචා ටිකද ගැඹුරු තෙලේ බැද ගන්න.
  6. 🌸 බැදගත් කොස්, රටකජු ,නූඩ්ල්ස් සහ කරපිංචා මත මිරිස් කුඩු සහ ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
  7. 🌸 හොඳින් නිවුණු පසු සුලං නොවදින ලෙස අසුරා ගන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස බලන්නකෝ 😍

සැකසුම: © නදීෂා ගමගේ හෙළයේ රස මිහිර
කොස් කටගැස්මක් හදමු (A Jackfruit Bite) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොස් කටගැස්මක් හදමු (A Jackfruit Bite) කොස් කටගැස්මක් හදමු (A Jackfruit Bite) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2022 Rating: 5

0 comments:

Post a Comment