Your Choice Way

Himaw Arana Sihila Aran Song Lyrics - හිමව් අරණ සිහිල අරන් ගීතයේ පද පෙළ

Himaw Arana Sihila Aran Song Lyrics - හිමව් අරණ සිහිල අරන් ගීතයේ පද පෙළ

Himaw Arana Sihila Aran Song Lyrics - හිමව් අරණ සිහිල අරන් ගීතයේ පද පෙළ
Song Title : Himaw Arana Sihila Aran (හිමව් අරණ සිහිල අරන්)
ගායනය : නි‍රෝෂා විරාජිනී සහ සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
නිරෝෂා විරාජිනී මහත්මියගේ  “සඳ දිය උතුරා” සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.


හිමව් අරණ සිහිල අරන්
මේ කතරට ඔබ එන විට
හිතට දුකක් නොදැණුනා නොවේ
හඳක් පුදන එළිය අරන්
මේ කළුවර පියසට එන
ඔබ ගැන හිත නොහැඬුවා නොවේ

මොළොක් සිතට මේ කතරෙදි
වග වළසුන් වැනි මිනිසුන්
යන එන හැමතැන හමුවේවී
ඒ රිදුමින් රිදුණු සැණෙක
ඔබේ නීල නෙතු සඟලට
මගෙ උණු කඳුළැල් පැළඳේවී

හිමව් අරණ සිහිල අරන්
මේ කතරට ඔබ එන විට
හිතට දුකක් නොදැණුනා නොවේ
හඳක් පුදන එළිය අරන්
මේ කළුවර පියසට එන
ඔබ ගැන හිත නොහැඬුවා නොවේ

සුසිනිදු පා ගැටෙන බිමක
විසකටු විසිරී තිබුණොත්
නෙත් අදහා ගනු බැරි වේවී
වරදක් කර නැති වරදට
දඬුවම් ලද සත් හිත ළඟ
ඔබත් මහරු කවියක් වේවී

හිමව් අරණ සිහිල අරන්
මේ කතරට ඔබ එන විට
හිතට දුකක් නොදැණුනා නොවේ
හඳක් පුදන එළිය අරන්
මේ කළුවර පියසට එන
ඔබ ගැන හිත නොහැඬුවා නොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himaw Arana Sihila Aran Song Lyrics - හිමව් අරණ සිහිල අරන් ගීතයේ පද පෙළ Himaw Arana Sihila Aran Song Lyrics - හිමව් අරණ සිහිල අරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 22, 2022 Rating: 5

0 comments:

Post a Comment